කොළඹ දිස්ත්‍රික්කයේ පර්යන්ත රෝහල් 10ක් තුළ මානසික රෝග සඳහා පුද්ගලයින් 3500ක් දෙනා ප්‍රතිකාර ලබා ගන්නා බවත් මෙම සංඛ්‍යාව ඉදිරියේදී තවත් වැඩි වර්ධනය විය හැකි බවත් කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක සඳහන් කරයි.
මෙම පර්යන්ත රෝහල් 10 තුළ ප්‍රතිකාර ලබා දීමට එක් මනෝ විශේෂඥ වෛද්‍යවරයෙක් හෝ නොමැති වුවද පුහුණුව ලත් මනෝ වෛද්‍යවරුන් යොදවා ඇතැයි හෙතෙම පැවසිීය.
පර්යන්ත රෝහල් 10 තුළ පුහුණුව ලත් වෛද්‍යවරුන් 10 දෙනා සායන පවත්වාගෙන යාම හැරුණු කොට ජංගම සායන 24ක්ද කොළඹ දිස්ත්‍රික්කය තුළ පවත්වාගෙන යන බව සදහන් වේ.
කොළම දිස්ත්‍රික්කයේ මානසික රෝගීන්ගෙන් වැඩිම පිරිස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් හා ආදර සම්බන්ධතාවන් බිදවැටුනු අය බව තහවුරු වී ඇතැයි වෛද්‍ය ගජනායක සඳහන් කරයි.







