අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමතිගෙන් ඇමතිටත් වෙනස්වන ප්‍රතිපත්ති ඇති රටක් දියුණු වෙන්නෙ කොහොම ?- ජනපති අසයි!

by editor
ඔක්තෝබර් 10, 2022
in පුවත්
Ranil
Share on FacebookShare on Twitter

මේ වනවිට රටේ පවතින්නේ ආණ්ඩුවෙන් ආණඩුවට නොව, ඇමතිවරයාගෙන් ඇමතිවරයාට වෙනස්වන ප්‍රතිපත්තියක් බවත් එවැනි රටක් දියුණු වන්නේ කෙසේදැයි විමසන බවත් ජනාධිපති    රනිල් වික්‍රමසිංහ පවසයි.   

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ඉහළටම ඔසවා තබමින් දියුණු ආර්ථිකයක් ඇති කිරීමට නම් ස්ථාවර ජාතික ප්‍රතිපත්තියක්,  හොඳ ආර්ථික ප්‍රතිපත්තියක් සේම දේශපාලන ස්ථාවරත්වයක් ද පැවතිය යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා “ජාතික සභාව” වේදිකාවක් කර ගනිමින් ජාතික ප්‍රතිපත්ති රාමුව පිළිබඳ සාකච්ඡා කිරීමට එක් වෙමු යැයි  යළිත් සියලුම දේශපාලන පක්ෂවලට ආරාධනා කරයි. .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ   මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ස්ථාපිත ප්‍රථම ජීවානුහරණය කරන ලද ද්‍රව්‍යමය ලෙස නිපදවන ඖෂධ නිෂ්පාදනාගාරය කටුනායක ආයෝජන කලාපයේ දී අද (10) විවෘත කරමිනි.

තරගකාරී හා නවීන තාක්ෂණය යොදවා අපනයන ආර්ථිකයක් සකස් කිරීමේ ජාතික ප්‍රතිපත්තියක් ඇති කිරීමට  කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදි සඳහන් කළේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

වැඩිදුරටත් අදහස් දැක්වු  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද කීවේය.

“මම පළමුවෙන්ම මෙම සමාගමේ සභාපතිතුමාට සුබ ප්‍රාර්ථනා කරනවා. එතුමා අනාගතය  දිහා හොඳින් බැලුව කෙනෙක්. අපට තිබෙන ඖෂධ හිඟය පිළිබඳ එතුමාට හොඳ අදහසක් තිබුණා. එතුමා දැනගත්තා ලංකා වෙළෙඳපොළ ප්‍රමාණවත් නැහැ කියලා. ඒ නිසා මේ සමාගම ලංකාවට අවශ්‍ය ඖෂධ සැපයීමට විතරක් නෙවේ, ජාත්‍යන්තරයට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කරමින් අපේ අපනයන කර්මාන්තයත් දියුණු කරන්න පියවර අරන් තිබෙනවා. “

“තරුණයෙක් ලෙස එතුමා ආරම්භ කළ මේ වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මෙම ස්ථානයෙන් විශාල රැකියා ප්‍රමාණයක් බිහිවෙලා තිබෙනවා. මේ ආයෝජනය සිදු කර තිබෙන්නේ ලංකාවේ ආර්ථිකයේ අසීරුම කාල වකවානුවක බව කිව යුතුයි. අපේ වැය ශීර්ෂයේ තිබෙන හිඟකම මේ ආර්ථිකය කඩා වැටීමට එක හේතුවක්. අපට ලැබෙන විදේශ විනිමය අපේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් වන්නේ නැහැ. “

 

“ඒ නිසා අපට සිදු වෙලා තිබෙනවා සෑම වසරකම ණය ලබා ගන්න. දැන් ණය ගෙවන්න බැරි තත්ත්වයකයි අපි ඉන්නේ. අපේ ආර්ථිකය යළි ගොඩනැඟිය යුතුයි. සාර්ථක වෙන්න නම් අපි එකක් මතක තියාගන්න ඕන. අපිට අවශ්‍ය විදේශ විනිමය අප උපයා ගත යුතුයි. විදේශ විනිමයේ හිඟයක් තබා ගන්න බැහැ. වැය ශීර්ෂ හිඟයක් තියාගන්න බෑ. අපේ අරමුණ විය යුත්තේ වැය ශීර්ෂයේ අතිරික්තයත් තබා ගැනීම. එහෙම නම් අපේ විදේශ ආදායම් වැඩි කර ගන්න ඕන. “

“ඒ සඳහා අපනයනය අරමුණු කර ගනිමින් නිෂ්පාදනය කරන භාණ්ඩ, වගා කරන බෝග වගේම ලබා දෙන සේවාවන් ඉහළ නංවා ගත යුතුයි.  අපට අවශ්‍යව ඇත්තේ ඉතාම තරඟකාරී තාක්ෂණය යොදවන අපනයන කෙරෙහි යොමූ වූ ආර්ථිකයක්. “

“අද ජනතාව විවිධ දුෂ්කරතාවලට මුහුණ පා සිටිනවා. බොහෝ දෙනෙක්ට රැකියා අහිමි වී තිබෙනවා. සමහර අය වේලක් කුසගින්නේ ඉන්නවා. මේවට අපි දීර්ඝ කාලීන විසඳුමක් හොයන්න ඕන. නැවත ඒ තත්ත්වයට ගිහින් විසඳුම් සොයන්න බැහැ. ඒ නිසා තමයි අද ඉතා තරඟකාරී, නවීන තාක්ෂණය යොදවන අපනයන ආර්ථිකයක් ඇතිකරගන්න සැලසුම් හදන්නේ. ඒ සඳහා තමයි අපි ප්‍රතිපත්ති සැකසිය යුත්තේ. “

ජනපති සෞඛ්‍ය ඇමති කර්මානත පරිශ්‍රය පිරික්සමින්….

“අද අපි විවෘත කරන මෙම ආයතනය ආරම්භ කළේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරයා ලෙසත්, මම අගමැතිවරයා ලෙසත් ඉන්න කාලේ. රාජිත සේනාරත්න  එදා සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළා. අපි සියලුදෙනා මෙය ඉදිරියට ගෙන ගියා. මේක යහපාලන ආණ්ඩුවේ එක ප්‍රතිඵලයක්. අපි නිශ්ශබ්දවයි වැඩ කළේ. “

“ඊට පස්සේ මේ ආණ්ඩුව වෙනස් වුණා. අලුත් ආණ්ඩුවක් ආවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුනාට පස්සේ මේ වැඩපිළිවෙළ  නැවැත්තුවේ නෑ. සාමාන්‍යයෙන් ආණ්ඩුවක් මාරු වෙනකොට පැවති ආණ්ඩුව කරපු වැඩකටයුතු නතර කරනවා. ඒත් මේක නතර කළේ නැහැ. ඉන් පසුව මම ජනාධිපති වෙලා අද මේක විවෘත කරනවා. “

“අපි සියලුදෙනා එක ජාතික ප්‍රතිපත්තියක සිට කටයුතු කළයුතුයි.  අපිට පුළුවන් එදිනෙදා වාද විවාද කරන්න. ඒත් අපි එක ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕන. ඒ ජාතික ප්‍රතිපත්තිය ඔස්සේ ඉදිරියට යනවා නම් කිසි විටෙක අපි අසාර්ථක වෙන්නේ නැහැ. අපි ආණ්ඩුවෙන් ආණ්ඩුවට ප්‍රතිපත්ති වෙනස් කළා. ආණ්ඩු ඇතුලේ ඇමතිවරු වෙනස් වෙනකොටත් ප්‍රතිපත්ති වෙනස් කළා. ඉතින් කොහොමද රට දියුණු වෙන්නේ. “

“අපිට හොඳ ආර්ථික රාමුවක් තිබිය යුතුයි. හොඳ සමාජ රාමුවක් වගේම දේශපාලන රාමුවක් තිබෙන්න ඕන. අපේ ආර්ථික රාමුව රඳා පවතින්නේ දේශපාලන රාමුවේ ස්ථාවරභාවය මත. ස්ථාවර දේශපාලන ක්‍රමයක් ඇති කරන්න බැරි නම් දුක් විඳින්නේ රටේ ජනතාව . “

“අද සියලු පක්ෂ මෙතන ඉන්නවා, ජනතා විමුක්ති පෙරමුණ හැර. ඒ නිසා මම මෙතනදි කියන්න කැමතියි අපි ජාතික රාමුවක් අනුව වැඩ කරමු. එතකොට ආණ්ඩු මාරු වෙනවද, නැද්ද කියන එක ප්‍රශ්නයක් නොවේ. ඒ නිසයි දැන් පාර්ලිමේන්තුවේ සියලුදෙනාට සහභාගි විය හැකි අයුරින් කමිටු ගණනාවක් ආරම්භ කර තිබෙන්නේ. “

“අපි ජාතික සභා ඇති කළා. මම බලාපොරොත්තු වෙන්නේ මේක වේදිකාවක් කර ගන්න මේ ජාතික ප්‍රතිපත්ති ගැන සාකච්ඡා කරන්න හා ඒවා ක්‍රියාත්ම කරන්න.“

“අද මෙම ව්‍යාපෘතියෙන් අපිට විදේශ විනිමය ලබා ගන්න නව මාර්ගයක් ලැබී තිබෙනවා. 2017 ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන ආවා වගේ අපි සියලුදෙනාට එකතුවෙලා එක ප්‍රතිපත්තියකට එන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. එය අපි ඉෂ්ට කරගමු.“

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, වරාය හා නාවික ඇමති නිමල් සිරිපාල ද සිල්වා, වැවිලි කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ, කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ,  දුමින්ද දිසානායක, මයන්ත දිසානායක, සුජිත් සංජය, හර්ෂණ රාජකරුණා, නිමල් ලංසා, ජේ.සී අලවතුවල, ඉරාන් වික්‍රමරත්න, , ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා   ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

එරොෆ්ලොට් යළි එයි…  පිළිගන්න ඇමතිවරු පෝළිමේ යති!

Next Post

කොළඹ දිස්ත්‍රිකය තුළ මානසික රෝග වැඩිවීමේ අවදානමක්…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.