ශ්‍රියානි විජේසිංහ –
කොළඹ දිස්ත්‍රික්කය තුළ ගර්භනී මව්වරුන් 873 දෙනෙකු නිසි බරින් යුක්ත නොවන බව කරන ලද සමීක්ෂණයකින් තහවුරු වී ඇතැයි කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්යක්ෂ කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සමීක්ෂණය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත බර කිරීම සඳහා පැමිණෙන මව්වරුන් ආශ්රයෙන් සිදුකර ලද්දකි.
ගර්භනී මව්වරුන් නිසි බරින් යුක්ත නොවීම හේතුවෙන් එම මව්වරුන් බිහිකරන දරුවන්ද මනා සෞඛ්‍යයෙන් යුක්ත නොවනු ඇති බවත් එම දරුවන්ටද ළඳරු අවධියේ සිට විවිධ සෞඛ්‍ය ගැටලු මතුවීම වැලැක්විය නොහැකි බවත් අධ්යක්ෂ කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
කෙසේ නමුත් මෙම මව්වරුන්ගේ පෝෂණ තත්තවය මනාව පවත්වාගෙන යාම සඳහා පෝෂණ මල්ලක් ලබා දීම මේ වන විට රතුකුරුස සංවිධානය සහ කොළඹ සෞඛ්‍ය අධ්යක්ෂ කාර්යාල කටයුතු යොදමින් පවතින බවත් මේ සමාජ සත්කාරය සඳහා උදව් උපකාර කළ හැකි පුද්ගලයින්ට මේ සඳහා දායකත්වය ලබා දිය බැවින් ඒ සඳහා රුතුකුරුස සංවිධානය හෝ කොළඹ සෞඛ්‍ය අධ්යක්ෂ කාර්යාලය අමතා වැඩි විස්තර ලබා ගතහැකි බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.







