අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිසැකවම ඔබ නීතිය ඉදිරියට යා යුතුයි… බුකර් සම්මානය දිනූ ෂෙහාන්ගෙන් රාජ්පාල් ට උත්තරයක්…

by editor
නොවැම්බර් 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රසික කොටුදුරගේ –

බුකර් සම්මාන ලාභී ෂෙහාන් කරුණාතිලක පට්ට හොරෙක් බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රාජ්පාල් අබේනායක මාධ්‍ය ඉදිරියට ඇවිත් කීවේය. ඔහු පැවසුවේ 2009 වසරේ ඔහු ලියූ කෘතියක අත්පිටපතක් ෂෙහාන් කරුණාතිලක හොරකම් කරගෙන ‘The Seven Moons of Maali Almeida’ කෘතිය ලියා බුකර් සම්මානය දිනා ගත් බවය. මේ චෝදනාව සම්බන්ධව සිළුමිණ පුවත්පතේ මාධ්‍යවේදී රසික කොටුදුරගේ ෂෙහාන් කරුණාතිලකව විමසා තිබිණි.  මේ ෂොහන් කරුණාතිලක රාජ්පාල් අබේනායකට ප්‍රතිචාර දක්වා තිබුණු ආකාරය ය.

ප්‍රශ්නය – ජ්‍යෙෂ්ඨ  මාධ්‍යවේදී රාජ්පාල් හා ඔබ අතර පැවතියේ කවර සම්බන්ධයක්ද?

පිළිතුර –  අනෙක් මාධ්‍යවේදී මිතුරන් මෙන් ඔහු මා කලක පටන් ඔහු දැන සිටියා.

ප්‍රශ්නය – 2009 ඔහු විසින් ලියූ කෘතියක අත් පිටපතක් මුද්‍රණය කර ගැනීමට සහායකයකු සොයා ගැනීම සඳහා 2011දී ඔබට දුන් බව රාජ්පාල් පවසනවා. එය ඇත්තක්ද ?

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පිළිතුර  – ඔහු මට ඊමේල් පණිවිඩයක් මඟින් පිටු 56ක රචනාවක් එවා තිබුණා.

ප්‍රශ්නය – රාජ්පාල්ගේ කෘතියේ අන්තර්ගතය හා බුකර් සම්මානය දිනාගත් කෘතියේ අන්තර්ගතය අතර සමානකමක් තියෙනවාද?

පිළිතුර –  කිසියම් පුද්ගලයකු අනීතිකව කරන චෝදනාවක් මත ශ්‍රී ලංකාව සහ එහි ලේඛකයන් සඳහා සැමරුම් අවස්ථාවක් විය යුතු මොහොතක මාව මේ විදියෙ ප්‍රශ්න කිරීමකට ලක්කිරීම කනගාටුදායකයි. මම ඒ ගැන හරිම කලකිරීමක ඉන්නේ.

ඔහු කියන ලේඛනය හා මගේ කෘතිය වෙන වෙනම අරන් කියවන පාඨකයකුට මේ දෙකේ පවතින පරස්පරතා ඉතා හොඳින් අවබෝධ කරගන්න පුළුවන් වේවි. ඒ වගේම එහි දෘෂ්ටිය සකස් වී තිබෙන ආකාරයත් මගේ කෘතියේ දෘෂ්ටිය සකස් වී ඇති ආකාරයත් අහසට පොළොව වගේ වෙනස්.

ප්‍රශ්නය –  රාජ්පාල් අබේනායකගේ කෘතියේ අන්තර්ගත කරුණු ඔබ විසින් සිතාමතා කොපි කර වෙනත් වචනවලින් ලියා ඇති බවට ඔහු චෝදනා කරනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

පිළිතුර – මම ඔහුගේ නිර්මාණය කොල්ලකා ඇති බවට කරන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පදනම් විරහිතයි. එසේම එම චෝදනාව නින්දා සහගතයි. එය මුළුමනින්ම හෙළා දකිනවා.

තමන්ගේ රටේ මනුස්සයෙක් ජාත්‍යන්තරව ඇගයීමට ලක් වුණාම ඒ ගැන සතුටු නොවී කුහක විදියට කටයුතු කරන අයත් ලංකාවේ සිටින බව මේ හරහා ලෝකය දැනගනීවි. මගේ ‘The Seven Moons of Maali Almeida’ නවකතාවේ කතා වස්තුව විෂය 2011 වසරේදී ඔහු මා වෙත එවූ පිටු 56ක නමක් නැති ‘නවකතාවකින්’ ‘සොරාගත්’ බවට ඔහු කියනවා නම්, ඔහුගේ ප්‍රකාශය පදනම් විරහිතයි වගේම අපහාසාත්මකයි.

ශ්‍රී ලංකාවේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙක් මේ විදියට පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කිරීම ගැන මම දැඩි කනස්සල්ලට පත් වෙනවා. ඒ වගේම මෙම චෝදනාවලට පදනම් වූ ලේඛනය ඔහුගෙන් ඉල්ලා ගෙන මේ පිළිබඳව සොයා බලා අදහස් දක්වන ලෙස මම මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා.

ප්‍රශ්නය – ඔබේ කෘතියට නිමිත්ත වුණේ කුමක්ද?

පිළිතුර – දේශපාලන ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ යුද ඡායාරූප ශිල්පියකු ගැන නවකතාවක් පිළිබඳ අදහසක් මගේ හිතේ තිබුණා. උතුරේ ඇවිළී ගිය එල්.ටී.ටී.ඊ යුද්ධයත් දකුණේ ජවිපෙ භීෂණයත් 1989 වසරේදී මෙරට සිදු වූ නොවිසඳුණු මිනීමැරුම් ගැනත් මගේ ඔළුවට ආවා. ඒ අනුව එල්.ටී.ටී.ඊ සටන් බිමට යන ඡායාරූප ශිල්පියකු මරණයට පත්වී, නැවත ඔහුට ලැබෙන වරමක් අනුව මළවුන්ගේ ලෝකයෙන් මනුෂ්‍ය ලෝකයට පැමිණ ගත කරන සතියක කාලය තුළ සිදු වන සිද්ධි මාලාවක් විදියට මේ පෙළ රචනා වුණා.

ප්‍රශ්නය  –  ඔබ කෘතිය සඳහා තොරතුරු ලබාගත් මූලාශ්‍ර මොනවාද?

පිළිතුර –  මගේ ජීවන අත්දැකීම්, ඒ කාලයේ පුවත්පත්වල පළ වූ ලිපි ලේඛන, පොත්පත් සහ මා ගවේෂණය කළ කරුණු මේ සඳහා ඉවහල් වුණා.

ප්‍රශ්නය – රාජ්පාල් පවසනවා මෙම පොත ඔහු කියවූයේ ඔබට සම්මානය ලැබීමෙන් පසුව බව. එනිසා ඔහු ඊට ප්‍රථම මේ පිළිබඳ නොදැන සිටි බවත් නැත්නම් මීට ප්‍රථම ඒ සඳහා ප්‍රතිචාර දක්වන බවත්?

පිළිතුර – ඒ ප්‍රශ්නය මට අදාළ නැහැ. ඒක ඔහුගේ හෘදය සාක්ෂිය පිළිබඳ ප්‍රශ්නයක්.

ප්‍රශ්නය –  ඔබ මින් පෙර පළ කළ කෘතියක් නැවත ලිවීමෙන් මේ කෘතිය නිර්මාණය කළ බව ප්‍රකාශ කර තිබුණා?

පිළිතුර – ඔව්, ඒ chat with the dead කෘතිය.

ප්‍රශ්නය –  නව කෘතිය හා එහි අන්තර්ගතය වෙනස් වන්නේ කෙසේද?

පිළිතුර –  මේ කතා දෙකම බොහෝ දුරට සමානයි. ‘The Seven Moons of Maali Almeida’ නවකතාව ජාත්‍යන්තර පාඨකයන් වෙනුවෙන් සංස්කරණය කළ එකක්. ඒ සඳහා ‘Chat With The Dead’ කෘතියේ සමහර කොටස් ඉවත් කරලා අලුතින් කොටස් ඊට ඇතුළත් කළා.

කොවිඩ් වසංගතය පැතිරුණු කාලයේදී මට ඒ කටයුතු කරගෙන යන්න කාලය ලැබුණා. ප්‍රචණ්ඩ දේශපාලනයත් එක්ක බැඳුණ අභිරහස් මනුෂ්‍ය ඝාතන අවතාරයක් මඟින් පාඨකයා ව්‍යාකූල නොවන ආකරයට ප්‍රබන්ධ කරන්න වෙහෙස ගත්තා. මෙය ‘Chat With The Dead’කතාවෙන් වෙනස් වන්නේ ඒ අනුවයි.

ප්‍රශ්නය –  රාජ්පාල් ගේ ලේඛන තුළ සිංහල බෞද්ධ මතවාදය පිළිබඳ කිසියම් නැඹුරුවක් තිබෙනවා. නමුත් ඔබේ කෘතියේ එවැන්නක් නැහැ.

පිළිතුර –  නිවැරදියි. මගේ කෘතිය හා ඔහුගේ චෝදනාව අතර පරස්පරය වටහා ගන්න තිබෙන එක් ප්‍රබල නිර්ණායකයක් තමයි එය.

ප්‍රශ්නය – ඔහු පවසනවා මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වන බව?

පිළිතුර – එය තමයි විය යුත්තේ. තමන්ට අසාධාරණයක් වී ඇත්නම් එය නීතිය මඟින් විසඳා ගත යුතුයි. මම දැනටමත් ඔහු සිය විද්යුත් තැපෑලෙන් මා වෙත එවූ ‘නවකතාවේ’ අත්පිටපත මගේ නීතිඥයන් අතට පත් කර තිබෙනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොළඹ ගැබිණි මව්වරුන් 873කට නිසි පෝෂණයක් නෑ… දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය කියයි!

Next Post

බේබදු දේශපාලඥ වරියක් ලඟ රාජකාරිය ප්‍රභූ ආරක්ෂක පොලිස් නිලධාරීන් බෑ කියයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.