දිනසේන රතුගමගේ –
කොරෝනා රෝගය වැළඳුණු ජර්මන් ජාතිකයෙක් යාපනය ශික්ෂණ රෝහලේදී ඊයේ (03) මියගොස් තිබේ.
ජැස්මින් ජූට්සන් නැමති 56 හැවිරිදි මොහු යාපනයේ කාන්තාවක් සමග විවාහ වී සිටි අයෙකි. ජර්මනියේ සිට යාපනයට පැමිණ සිටි අවස්ථාවේදී රෝගී වීමෙන් පසුව යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔහු එහිදී මිය ගොස් ඇත.
ඔහුගේ බිරිදයද කොරෝනා රෝගය වැළදිම නිසා ඇය තවමත් රෝහලේ ප්‍රතිකාර ලබයි.
මීට අමතරව තවත් එක් පුද්ගලයෙකුද යාපනය ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර මේ දක්වා යාපනයෙන් මියගිය කොරෝනා රෝගීන් සංඛ්‍යාව 102 ක් දක්වා ඉහල ගොස් තිබේ.