ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්ත මහතා අද පස්වරුවේ අභාවප්‍රාප්ත විය.
හෘද සැත්කමක් සඳහා ඔහු මෑතකදී කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර ශල්‍යකර්මයෙන් සුවය ලබමින් සිටියදී මියගොස් තිබේ.
ඉහත සභාපති ධුරයට පෙර ඔහු රාජ්‍ය ආයතන කිහිපයක නිලතල දැරීය.
රත්වත්තේ මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි මල්ලිකා රත්වත්ත මහත්මියගේ පුත්‍රයාය.