බතික්, මැටි, ගම්මිරිස් වැනි කිසිදු වැඩකට නැති විහිළුකාර ඇමතිකම් නිර්මාණය කලේ හා ඒවාට පුද්ගලයන් පත් කළේ බැසිල් රාජපක්ෂ බවත් එවැනි අයෙක් පාර්ලිමේන්තු පැමිණ ඇමතිකමක් ලබාගැනීමෙන් පමණක් සුරබිදෙන පහල නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ජනාධිපතිතුමා හෝ අගමැතිතුමාගේ ආණ්ඩුව හෝ බැසිල් රාජපක්ෂ ප්‍රශ්න විසඳීමට පාර්ලිමේන්තු එන තෙක් බලා නොසිට රටේ මතුව තිබෙන සැබෑ ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් සෙවිය යුතු බව හෙතෙම අවධාරණය කළේය.
මේ වන විට රටේ ඩොලර් හිඟයකට මෙන්ම දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින බව පවසන දයාසිරි ජයසේකර මහතා එය තවදුරටත් සඟවාගෙන සිටිමෙන් අර්බුදය වැඩි වෙනවා මිස අඩු නොවන බව පෙන්වා දුන්නේය.
රට මුහුණ පා ඇති තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කර ඔවුන්ට ප්‍රශ්නය කියා දී ප්‍රශ්න වලට විසඳුම් සෙවීමෙන් පමණක් රට ගොඩ ගත හැකි බව පෙන්වා දුන් ඒ මහතා එසේ නොමැතිව බැසිල් හෝ වෙන අයෙක් එනතෙක් තවදුරටත් බලා සිටින්මෙන් රට විනාශ වීම වැළැක්විය නොහැකි බව අවධාරණය කළේය.