කොවිඩ් වසංගතය හේතුවෙන් දරුවන්ට සිදුව ඇති බලපෑම් නිවැරදිව දැන ගත හැකි වන්නේ තවත් වසර පහකින් යැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය පූජිත වික්‍රමසිංහ මහතා සදහන් කරයි.
දරුවන් වසර දෙකක් පුරා පාසල් නොයෑම හේතුවෙන් ඔවුන්ට කායිකව හා මානසිකව එල්ල වී ඇති බලපෑම සුළු පටුනොවන බවද පෙන්වාදෙන මහාචාර්යවරයා නොබෝ දිනකින් පාසල්ආරම්භ වන බැවින් කොවිඩ් වසංගතයට බියේ දරුවන් පාසල් නොයවා නොසිටින්නැයි දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරයි.
දරුවන් තමන්ගේ යහළු යෙහෙළියන් නොමැතිව අදහස් හුවමාරු කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් ඇතිව තිබෙන මානසික් ආතතිය, හා කය වෙහෙසට පත් නොකිරිම හේතුවෙන් ඇතිවන ස්ථූලභාවය, අක්මාවේ මේදය තැන්පත් වීම, දියවැඩියාවට ගොදුරුවීම, හෘදයාබාධ තත්ත්වයන් ඇතිවීම වැනි කායික ගැටලු ගණනාවක් මතුවීම අනාගතයේදී සදාකාලික රෝගීන් බවට පත්වීම වැලැක්විය නොහැකි යැයි මහාචාර්ය වික්‍රමසිංහ පැවසීය.







