අද ( 04) සවස හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ අග්‍රමාත්‍යවරයා අද සවස 7ට හමුවීමට සූදානම්ව ඇතැයි වාර්තා වේ.
අමාත්‍යාංශයේ ලිපි ලේඛණ ඇතුළු භාණ්ඩ පවරා දී පිටත් වී යන අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඔහු මේ බව තහවුරු කළේය.
හිටපු කර්මාන්ත ඇමති විමල් වීරවංශ මාධ්‍යයට පැවසුවේ තමන් සමග හිටපු බලශක්ති ඇමති උදය ගම්මන්පිල සහ ජල සම්පාදන ඇමති වාසුදේව නානායක්කාර ද අගමැතිවරයා හමුවන බවය.
හිටපු කර්මාන්ත ඇමතිවරයා ප්‍රකාශ කළේ ඇගමැතිවරයාට ඇති ගෞරවය ඒ අයුරින්ම පවතින බවත් මෙම හමුවේ අරමුණ කිසිදු වරප්‍රසාදයක් හෝ වරදානයක් ඉල්ලීම නොවන බවත්ය.