බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් ගැන ටක්කෙටම අනාවැකි කියන වෙබ් අඩවියක් පේරාදෙණි සරසවිය හදයි…

යොදාගත්තෙ කෘතිම බුද්ධිය... දින 10කින් සිදුවන කොවිඩ් මරණ සහ රෝගීන් ගැන නිවැරදිව කිව හැකියි!

by editor
ඔක්තෝබර් 21, 2021
in පුවත්
ai-covid
Share on FacebookShare on Twitter

කොවිඩ් මරණ සහ රෝගීන් වාර්තා වීමට අදාළ දත්ත විශ්ලේෂණය මගින්  ඉදිරි දින 10 ක කාලයේදී වාර්තා විය හැකි රෝගීන් සහ මරණ සම්බන්ධව සංඛ්‍යා ලේඛණ කෘතීම බුද්ධි තාක්ෂණය (Artificial Intelligence Technology) උපයෝගි කර ගනිමින් නිවැරදිව දැක්විය හැකි වෙබ් අඩවියක් පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් නිර්මාණය කර තිබේ.

මෙම වෙබ් අඩවිය A 14 COVID ලෙස හඳුන්වා දී තිබෙන අතර https://covid.eng.pdn.ac.lk  දිගුව ඔස්සේ එයට ප්‍රවේශ වීමට පුළුවන.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තුමේන්තුවේ පර්යේෂණ ඉංජිනේරු හර්ෂන වැලිගම්පොළ හා උමාර් මරික්කාර් විසින් මෙය නිර්මාණය කර තිබෙන අතර ඉංජිනේරු පීඨයේ මහචාර්ය ජනක ඒකනායක ගේ උපදේශකත්වය යටතේ මහචාර්ය විජිත හේරත්, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය රොෂාන් ගොඩලියද්ද, අචාර්ය පරාක්‍රම ඒකනායක විසින් මෙහි අධීක්ෂණ කටයුතු සිදු කරනු ලැබ තිබේ.

කොවිඩ් ව්‍යාප්තිය ඉහළ ගොස් රෝගීන් හා මරණ වාර්තා වීමට බලපාන හේතු කාරනා අතීත තොරතුරුද සමඟ ගලපා ගනිමින් අදාළ අනාවැකි ඉදිරිපත් කිරීම සිදු කරන බවත් කෘතීම බුද්ධි තාක්ෂණ ක්‍රියාවලියේ ඇති විශේෂත්වය වන්නේ පුහුණුව සහ දැනුම ඇති පුද්ගලයෙකු මෙන් අදාළ පද්ධතිය ක්‍රියාත්මක වීම බවත්  ආචාර්ය රොෂාන් ගොඩලියද්ද කීය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

බොහෝ අවස්ථාවල මේ ආකාර පුරෝකථන සිදු කරනු ලබන්නේ එක් රටක අතීත දත්ත පමණක් ලබා ගැනීම මගින් වුවත් කොවිඩ් යනු ලංකාවට පමණක් සීමා වූ කාරණයක් නොවන නිසා විවිධ රටවල තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම කෘතීම බුද්ධි තාක්ෂණ පද්ධතිය ගොඩ නගා තිබෙන බවත් ඒ මහතා පැවසුවේය.

ඩෙල්ටා ප්‍රභේදය මෙරට ක්‍රියාත්මක නොවන අවස්ථාවේ දී එය පැතිරෙමින් තිබූ රටවල දත්ත සැලකිල්ලට ගෙන එම අවස්ථාවේ අදාළ රටවල පැවැති තතත්ත්වයන් කෙරෙහි අවධානය යොමු කරමින් මෙම බුද්ධි තාක්ෂණ පද්ධතිය ගොඩ නැගීම නිසා අපේ රටට ඩෙල්ටා ප්‍රභේදය පැමිණීමෙන් පසු වාර්තා වූ රෝගීන් සහ මරණ සම්බන්ධව සැබෑ අගයන්ට ඉතා ආසන්න දත්ත ලබා දීමට හැකි වූ බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට අමතරව ඉතාලිය ජපානය සහ ඇමරිකාවේ ටෙක්සාස් ජනපදය සහ නයිජීරියාව වැනි රටවල අතීත කොරෝනා දත්ත මෙම වෙබ් අඩවිය පුරෝකථන ක්‍රියාවලියට යොදා ගෙන ඇත.

මෙම වෙබ් අඩවිය මගින් ලබා දෙන ඉහළ නිරවද්‍යතාවයෙන් යුත් දත්ත උපයෝගි කර ගනිමින් මෙරට ඉදිරි සමාජ, ආර්ථික, අධ්‍යාපන ක්‍රියාවලිය සකස් කළ හැකි බවද හෙතෙම පැවසුවේය.

මාස දෙක තුනකින් ඔබ්බට සිදුවිය හැකි තත්ත්වයන් සම්බන්ධව  පුරෝකතන ඉදිරිපත් කිරිම සාමාන්‍ය ක්‍රියාවලිය වුවත් මෙහිදී දින 10 ක් වැනි කෙටි කාල පරාසයක් සඳහා අනාවැකි ඉදිරිපත් කිරිමට හැකි වීම විශාල ජයග්‍රහණයක් බවත් ඒ ඔස්සේ ඉක්මනින් තීන්දු තීරණ ගැනීමේ අවස්ථාව ලැබෙන බවත් ආචාර්ය ගොඩලියද්ද  කීවේය.

මැලේසියාවේ තනාගා විශ්ව විද්‍යාලයේ සම සහයෝගිතාවද කැනඩාවේ අන්තර්ජාතික පර්යේෂණ මධ්‍යස්ථානයේ මූල්‍ය දායකත්වයද මීට ලැබී ඇත.

කොවිඩ් වලට අදාළව රජය ලොකු ඩවුන් කිරීම වැනි ක්‍රියාවලීන් වෙත නැඹුරු වන්නේ රෝගීන් හා මරණ වාර්තා වීමෙන් පසු බවත් පුහුණු කරන ලද කෘතීම බුද්ධි පද්ධතය මගින් රෝගීන් හා මරණ වාර්තා වීමට පෙර එවැනි තත්ත්වයන් දැන ගැනීමට හැකිවන නිසා කල්තියා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ හැකියාව රජයට ලැබෙන බව මහචාර්ය ජනක ඒකනායක මහතා පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකාවේ මුල්ම සය නිවුන් දරු උපත වාර්තා වේ!

Next Post

මළ සිරුර නිදහස් කිරීමට ප්‍රමාද වී යැයි හදිසි මරණ පරීක්ෂකට පහර දීලා… මරණ පරීක්ෂක අසාධ්‍යව රෝහලේ…  

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.