දිනසේන රතුගමගේ –
මියගිය අයෙකුගේ මළ සිරුරක් ඉල්ලා කිළිනොච්චියේ තරුණයින් පිරිසක් හදිසි මරණ පරීක්ෂකවරයෙකුට පහර දී ඔහුගේ යතුරු පැදියටද අලාභ හානි සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කිළිනොච්චිය පොලීසිය අද (21 ) පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
කිළිනොච්චියේ පරන්තන් කුමරපුරම් ප්‍රදේශයේ 54 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති අතර ඔහුගේ මළ සිරුර සම්බන්දයෙන් පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කොට මෘත ශරීරය නිදහස් කළ යුතු බවට රෝහලේ වෛද්‍යවරු තීරණය කිරීමෙන් පසුව එම පී.සී.ආර් වාර්තාව ප්‍රමාද වීම ගැන තරුණයින් දොස් නගමින් වහාම මියගිය අයගේ සිරුර නිදහස් කරණ මෙන් ඉල්ලා හදිසි මරණ පරික්ෂකවරයාට පහර දී තිබේ.
පසුව එම තරුණයින් හදිසි මරණ පරීක්ෂකවරයාගේ යතුරු පැදියටද පහර දී අලාභ හානි සිදු කොට ඇති අතර පහර කෑමෙන් බරපතල ලෙස තුවාල ලැබූ හදිසි මරණ පරීක්ෂකවරයා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.
කිළිනොච්චිය පොලීසිය සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කොට ඇත.







