කොවිඩ් අරමුදලේ ඇති රුපියල් බිලියන 1.8ක මුදල අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
කොවිඩ් පාලනයට පරිත්‍යාගශීලීන්ගෙන් මෙම මුදල ලැබි තිබිණ. මේ වන විට කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වී ඇති බැවින් එම මුදල් සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් යෙදවිය හැකි බව ජනාධිපතිවරයා පැවසීය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව කඩිනමින් අවධානයට ලක්විය යුතු කරුණු සම්බන්ධයෙන් අද (03) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී හෙතෙම මේ බව සඳහන් කළේය.
ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
ඔයාමඩුව සහ හොරණ මිල්ලෑව ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ඖෂධ නිෂ්පාදනය කිරීමට ආයෝජකයෝ 12දෙනෙක් ඉදිරිපත්ව සිටිති. එම නිෂ්පාදන කටයුතු ඉදිරි මාස කිහිපය තුළ ඇරඹීමට අපේක්ෂා කරන අතර ඖෂධ වර්ග 200කට අධික සංඛ්‍යාවක් නිපදවීමේ ශක්‍යතාව මෙම කලාප තුළ පවතින බව නිලධාරීහු සඳහන් කළහ.
සමෘද්ධි සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ප්‍රාථමික අංශයේ පාසල් දරුවන්ට සහ ගර්භනී මව්වරුන් සඳහා පෝෂණ ආහාර වේලක් ලබාදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කෙරෙමින් ඇති බව ඔහු පැවසීය.
ඖෂධ සහ වෛද්‍ය උපකරණ ආනයනය සඳහා මූලාශ්‍ර කිහිපයකින් මූල්‍ය ප්‍රතිපාදන ලැබෙමින් පවති. යෝජිත අයවැයෙන් ද ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන් කර ගැනීමට සැලසුම් කර ඇත. දැනට පවතින ප්‍රගතිය මත ඉදිරි තෙමස ඇතුළත සෞඛ්‍යය ක්ෂේත්‍රයේ කටයුතු යථා තත්ත්වයට පත්වනු ඇතැයි නිලධාරීහු පෙන්වා දුන්හ.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන, සෞඛ්‍ය ලේකම් එස්.ජේ.එස්. චන්ද්‍රගුප්ත, අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක යන මහත්වරු සහ අමාත්‍යාංශයට අයත් රේඛීය ආයතන ප්‍රධානිහු මේ අවස්ථාවට එක්ව සිටියහ.







