වලාන දූෂණ මර්ධන ඒකකය විසින් කොල්ලුපිටියේ දෙමහල් නිවසක් තුළ තායිලන්ත ජාතික කාන්තාවන් සහ ශ්රී ලාංකික කාන්තාවන් යොදාවගෙන රහසිගතව පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා තායි ජාතික කාන්තාවන් 02ක්, ශ්රී ලාංකික කාන්තාවන් 04ක් සහ එම ගණිකා නිවාසය පවත්වාගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
උපාය දූතයෙක් යෙදවීමෙන් අනතුරුව කොල්ලුපිටිය 17 වැනි පටුමගේ කුලී ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය මෙම ගණිකා නිවාසය වැටලීමට කටයුතු කර තිබේ
අත් අඩංගුවට පත් තායි කාන්තාවන්ට ඉංග්රීසි භාෂාය නොවැටහීම හේතුවෙන් ප්රකාශ සටහන් කරගැනීමට නොහැකි වී ඇති බවත් ඒ සඳහා අධිකරණයට දන්වා තායිලන්ත තානාපති කාර්යාලයෙන් භාෂා පරිවර්තකයෙක් ලබා ගැනීමට කටයුුතු කරන බවත් විමර්ශන අංශ පවසයි.
මේ අතර ගොඩනැගිලි බදු කරු ද අත්අඩංගුවට ගෙන ඇති අතර තමන් හෘද රෝගියෙක් බවත්, තමන්ට මොහොතේ පපුවේ වේදනාවක් ඇති බවත් ප්රකාශ කිරීම නිසා පොලිස් රැකවල් මත කොළඹ ජාතික රෝහල වෙත යොමු කර තිබේ.
සැකකරු රෝහලෙන් මුදා හැරිය පසු අධිකරණයට දන්වා ඉදිරි නෛතික කටයුතු පවත්වා ගැනීමට විමර්ශන අංශ සූදානම් වේ.







