කුණ්ඩසාලයේ උඩමලුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබී සොරකම් කරන ලද ඓතිහාසික “සඳගල“ මහනුවර ප්‍රදේශයේ ප්‍රබලතම දේශපාලකයකුගේ පුත්‍රයකුගේ මෙහෙවීමෙන් කොළඹට තදාසන්න ප්‍රදේශයේ ස්ථානයක් වෙත ප්‍රවාහනය කර ඇති බවට තොරකුරු අනවරණය වී ඇතැයි මහනුවර පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

සඳගල ලෙස ජන වහරේ පැමිණි මෙම පුරාවස්තුව ක්‍රිස්තු වර්ෂ 1707 සිට 1739 දක්වා මහනුවර කුණ්ඩසාලේ රාජධානිය කොටගෙන වසර 32 ක් පමණ රජකළ අවසන් සිංහල රජු වන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ මාලිගය පිහිටි කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තැන්පත් වී තිබිණි.
මේ සොරකම පිළිබඳව සියලු තොරතුරු මේ වනවිට අදාළ විමර්ශන අංශ සහ පුරා විද්‍යා බලධාරීන් විසින් අනාවරණය කර ගනු ලැබ තිබේ.
මෙම සොරකම සඳහා ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක්, බූම් ටුක් රථයක් සහ තවත් ට්‍රක් රථයක්ද යතුරු පැදි දෙකක් ද භාවිත කර ඇත.
මෙම වාහන පිළිබඳව මේ වනවිට සියලු තොරතුරු අනාවරණය වී ඇතැයි විමර්ශන අංශ කියයි. එම තොරතුරුවලට අනුව පසුගිය දෙසැම්බර් 13 වැනිදා රාත්‍රියේ එම සඳගල පුරා විද්‍යා රක්ෂිතයෙන් ඉවත් කරවාගෙන පසුදා වනවිට කුණ්ඩසාලේ මහවත්ත ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් ඇත. එම නිවස මේ සොරකම සඳහා පැමිණි ඩිෆෙන්ඩර් රථය හිමිකරුගේ බව ද හෙළි වී තිබේ.
සොරකම සඳහා කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වේ.
දුරකථන ජාල පරීක්ෂාවෙන් සහ සීසීටීවී දර්ශන නිරීක්ෂණයෙන් මේ පුරාවිද්‍ය අපරාධය සම්බන්ධව තොරතුරු රැසක් හෙළි වී ඇත.
පුරාවස්තු සොරකමට පසුදා මේ සොරකම පසුපස ඉන්නා ප්‍රධාන චරිතයක් බවට සැක කරන දේශපාලකයා ගේ පුත්‍රයාගෙන් පුරාවස්තුව නිවසේ තබාගෙන සිටි ඩිෆෙන්ඩර් රථ හිමිකරුට දුරකථන ඇමතුමක් ලැබී තිබේ. විමර්ශනවලදී හෙළිව ඇත්තේ ඊට පසුදා එනම් දෙසැම්බර් ම 15 වැනිදා මෙම දේශපාලකයාගේ පුත්‍රයා මෙම සැකකරුවන්ගේ නිවසට පැමිණ ඇති බවය.
එදිනම මෙම පුරා විද්‍යා ස්මාරකය ලොරියක පටවා එම නිවසින් පිට කර ඇත. එය අදාළ දේශපාලක ප්‍රතුයාගේ මෙහෙයවීම මත කොළඹ ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වේ.
මේ වනවිට ප්‍රධාන සැකකරුවන් සියල්ල හඳුනාගෙන ඇතත් ඔවුන් සම්බන්ධයෙන් මහනුවර පොලිසියේ අකාර්යක්ෂම විමර්ශන ක්‍රියාදාමය හේතුවෙන් අදාල විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුවට පැවරීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබේ.
දැන් සිද්ධිය සම්බන්ධ ඉදිරි පියවර ගනු ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙනි.







