දිනසේන රතුගමගේ –
මිනිස් ඇට සැකිලි වලින් විශාල සංඛ්‍යාවක් අලුතෙන් ඉදි කළ මුලතිව් – කෝකිලායි ප්‍රධාන මාර්ගය යට… පොලොව යට ස්කෑන් කිරීමෙන් සොයා ගනී
මුලතිව් කොක්කුතුඩුවායී සමුහ මිනී වලේ කැණීම් කටයුතු වලදී තවත් මිනිස් ඇට සැකිලි පහක් ඊයේ ( 15 ) සොයා ගෙන තිබේ.

එම මිනිස් ඇට සැකිලිත් සමග මේ වන විට එම සමූහ මිනි වලෙන් සොයා ගත් සමස්ත මිනිස් ඇට සැකිලි සංඛ්‍යාව 52 ක් දක්වා ඉහල ගොස් තිබේ.
මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් විසින් ලබා දුන් නියෝගයකට අනුව සමූහ මිනී වලේ කැණීම් කටයුතු සඳහා ස්කෑන් යන්ත්‍ර හා වෙනත් නවීන උපකරණ භාවිත කිරීමට අනුමැතිය ලැබීමත් සමගම මෙම මිනී වලේ මීටර් 250 ක් දුරට තවත් මිනිස් ඇට සැකිලි විශාල ප්‍රමාණයක් ඇති බව තහවුරු වී ඇත.
එම මිනිස් ඇට සැකිලි වලින් විශාල සංඛ්‍යාවක් අලුතෙන් ඉදි කළ මුලතිව් – කෝකිලායි ප්‍රධාන මාර්ගයට යටින් පිහිටා තිබීම නිසා එම මාර්ගය කඩා කැණීම් කටයුතු ඉදිරි කාලයේදී සිදු කිරීමට නියමිතය.
මේ තත්ත්වය නිසා මුලතිව් – කෝකිලායි ප්‍රධාන මාර්ගයේ එම කොටස තාවකාලිකව වසා දැමීමට සිදුවන අතර ඒ වෙනුවට වෙනත් විකල්ප මාර්ග කොටසක් තැනීම කෙරෙහිද අවධානය යොමු වී තිබේ.
මෙතෙක් සමූහ මිනී වලෙන් හමු වූ මිනිස් ඇට සැකිලි මුලතිව් අධිකරණයේ ඉතා සුරක්ෂිතව තබා ඇත.







