කෙහෙළිය රඹුක්වැල්ලත් ඔහුගේ බිරියත් දියණියත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද අත් අඩංගුවට ගත්තේය.
මෙම තිදෙනා අත් අඩංගුවට ගන්නේ මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාලව බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකාශ කළේය.
කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරියවන කුසුම් ප්‍රියදර්ශනී ඈපා වී හේන, සහ දියණිය දන්දුලා රමලී රඹුක්වැල්ල මෙසේ අත් අඩංගුවට ගනු ලැබුවේ අද පෙරවරු 10.30ට පමණය.
මෙම සැකකරුවන් තිදෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිත් කිරීමට නියමිතව ඇති බව අල්ලස් කොමිසම කියයි.








