හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (11) යළිත් වරක් සීඅයිඩිය වෙත කැඳවා තිබේ. ඒ ප්‍රකාශයක් ලබා ගැනීම සදහාය.
කුප්‍රකට මානව ඉමියුනොග්ලොබියුලීන් වංචාව සම්බන්ධයෙන් සිරගතව සිටි හිටපු සෞඛ්‍ය ඇමතිවරයා දැන් ඉන්නේ ඇපමත නිදහස්වය. එම නඩුව පැවැත්වෙමින් තිබේ. එමෙන්ම අපරාධයට අදාල වැඩි දුර විමර්ශන ද සිදුවෙමින් ඇත. කෙහෙළිය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන්නේ ඒ ඉදිරි විමර්ශන සඳහා අදාල ප්‍රකාශයක් ලබාදීමටය.
කෙහෙළිය රඹුක්වැල්ල පසුගිය 09 වනදා උදෑසන ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.







