සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වූ ගම්පහ දේවා නොහොත් දිසානායකගේ දේවාන්මිණි දිසානායක නැමැත්තා අද උදෑසන තායිලන්තය බලා පිටවීමට උත්සාහ කරද්දී ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ ඒකකය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
කෙහෙල්බද්දර පද්මේ ගේ සමීපතමයෙකු බවට හඳුනාගෙන ඇති ගම්පහ දේවා ගම්පහ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 39ක් පමණ වයස පුද්ගලයෙකි.
ප්‍රදේශය පුරා සිදුවූ මිනීමැරුම් සහ අපරාධ රැසකට මොහු සම්බන්ධ බව විමර්ශන අංශ පවසයි.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ උතුරු අපරාධ කොට්ඨාසය වෙත භාර දීමට පියවර ගෙන තිබේ.







