බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කූඩවලින් වැලි ගොඩදමන පාරම්පරික වැඩකරුවන් තුන්දාහකට රැකියා අහිමි කළ රජයේ තීන්දුවට එරෙහිව මනම්පිටියෙන් දැඩි විරෝධයක්!

by editor
පෙබරවාරි 10, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

  • බලයට එන්නට පෙර කිව්වේ එකක්… දැන් කරන්නේ එකක්…. ප්‍රදේශයේ සර්ව ආගමික නායකයෝ ද පාරම්පරික වැලි ගොඩදමන්නන් වෙනුවෙන් එක්ව රජයට සිය විරෝධය පළ කරති… 

වසර තිහකට ආසන්න කාලයක් පාරම්පරිකව කූඩ මගින් වැලි ගොඩ දැමූවන් සඳහා නිකුත් කරන වැලි බලපත්‍ර සහ ප්‍රවාහන බලපත්‍ර තාවකාලිකව   දිඹුලාගල සහ වැලිකන්ද ප්‍රාදේශිය සභා යටතට පවරා ගැනීම හේතුවෙන්, මාස තුනකට අධික කාලයක් වැලි ගොඩදැමීම නතර වීම නිසා රුපියල් කෝටියකට ආසන්න බදු මුදලක් රජයට අහිමි කර ඇති බව, වැලිකන්ද දිඹුලාගල වැලි කැණීම් බලපත්‍ර සුබ සාධන සංගමය සඳහන් කරයි.

දේශපාලන අධිකාරිය විසින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරීය සහ භූ විද්‍යා පතල් කැනීම් කාර්යාංශයට බලපෑම් කරමින්, කැණීම් බලපත්‍ර දිඹුලාගල සහ වැලිකන්ද ප්‍රාදේශය සභා යටතට ලබාගැනීම නිසා සාමාජිකයින් තුන්දහකට ආසන්න පිරිසකගේ රැකියා අහිමි වී ඇති බවටද එම සංගමය චෝදනා කරයි.

දිඹුලාගල සහ වැලිකන්ද ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ හින්දු පූජකවරුන් සමඟ වැලිකන්ද සුසිරිගම ප්‍රදේශයේදී ඊයේ ( 09 ) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සුභසාධන සංගමය එම කරුණු අනාවරණය කළේය.

සර්ව ආගමික නායකයින් මාධ්‍ය සාකච්ඡාවට එක් වි සිටි අවස්ථාව…

මීට පෙර තම සංගමයේ සාමාජිකයින් වැලි ගොඩ දැමීමේදී කියුබ් එකකින් රුපියල් නවසීයක මුදලක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියටත්  රුපියල් හත්සිය තිහක රාජ්‍ය බද්දක් භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශයටත් ලබාදුන් බවත්, දැනට මාස  කිහිපයක සිට වැලි බලපත්‍ර අහිමි වීමෙන්, මාසිකව රජයට ලැබෙන රාජ්‍ය භාගය දිඹුලාගල සහ වැලිකන්ද ප්‍රාදේශිය සභාවන්     අහිමි කර ඇති බවත්, දිඹුලාගල වැලිකන්ද වැලි කැණීම් බලපත්‍ර සුභ සාධන සංගමයේ සභාපති එන්.කේ.කේ.විජේසූරිය   මෙම මාධ්‍ය සාකච්ඡාවේදී කරුණු අනාවරණය කළේය.

පාරම්පරිකව වැලිගොඩ දැමු අයගේ රැකියා අහිමි වීමෙන් එම පවුල් දැඩිව අසරණ වී   ඇති බවත්, එම තත්ත්වය සැලකිල්ලට ගෙන අදාළ වැලි මංකඩලාභීන්ට තම පාරම්පරික රැකියා සිදුකරගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අවධානය වහාම යොමු කරන ලෙසත්, එසේ නොමැතිනම්, වැලි මංකඩලාභීන් සහ කම්කරුවා සමඟ මහා සංඝරත්නය සහ සර්ව ආගමික නායකයින් එක්ව දැවැන්ත අරගලයක් ක්‍රියාත්මක කරන බවත්  මෙහිදී ගරුතර මහා සංඝරත්නය නියෝජනය කරමින් අදහස් දැක්වූ වැලිකන්ද සාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී  පූජ්‍ය සුසිරිගම සංඝරක්ඛිතාලංකාර නාහිමියෝ  සඳහන් කළහ.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

පාරම්පරිකව කූඩ වලින් වැලි ගොඩදමන කම්කරු ජීවිත…

පොළොන්නරුව ප්‍රදේශයේ වැලි සම්පත අධික වශයෙන් තිබෙන පළාතක් වුවත් පිටස්තර ප්‍රදේශවලින් පැමිණ    වැව්වල රොන්මඩ ඉවත් කරන මුවාවෙන්, පස් සෝදා වැලි ජාවාරමක්  ක්‍රියාත්මක කරමින් දිවයිනේ විවිධ පළාත්වලට රැගෙන යන බවත්,  මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය වහාම යොමු කරන ලෙසත් වැලිකන්ද සාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අනුරාධපුරයේ ධම්මතිලකාලංකාර නාහිමියෝ මෙහිදී පැවසූහ.

පොළොන්නරුවේ දේශපාලඥයින් බලයට පත්වීමට පෙර මනම්පිටිය වැලි සමාගමේ වැලි මාෆියාව ඉවත් කර පාරිභෝගික ජනතාවට සහන මිලට, සමූපකාර ක්‍රමයක් ඔස්සේ වැලි ලබාදෙන බවට පොරොන්දු වුවද වත්මන් රජයේ දේශපාලන අධිකාරිය සිදුකර ඇත්තේ, අසරණ ජනතාවගේ වැලි මංකඩ සභාවලට පවරා ගනිමින් කෘතීම වැලි මිලක් මවා මහවැලි ගඟේ වැලි බවට පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලට අධික මිලකට වැලි අලෙවි කිරිම බවද එම සංගමය චෝදනා කළේය.

මෙම අවස්ථාවට දිඹුලාගල හා වැලිකන්ද ප්‍රදේශවල විහාරස්ථානවල විහාරාධිපති ස්වාමීන් වහන්සේලා, හින්දු ආගමික පූජකයින් මෙන්ම දිඹුලාගල වැලිකන්ද වැලි කැණීම් බලපත්‍රලාභීන්ගේ සංගමයේ සාමාජිකයින් සහ වැලි ගොඩදමන කම්කරුවන්, ටිපර් රථ හිමිකරුවන් මෙන්ම රියදුරන් ද එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අණ නොතකා වෑන් රථයක් ධාවනය කළ 17 හැවිරිදි තරුණයෙක් පොලිස් වෙඩි පහරින් මිය යයි!

Next Post

වනිදුට ලෝක කුසලාන තරග අහිමිවන ලකුණු !

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.