බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුසල් – චන්දිමාල් – මැතිවුස් බිඳ වැටුනත් දෙවැනි දවස කියන්නේ ලස්සන දවසක්…

by editor
සැප්තැම්බර් 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අවසන් තරගයේ දෙවැනි දිනය නිමා වනවී ඇත. අප දුටුවේ තරගය කණපිට හැරෙන අයුරුය. පළමු දිනයේ දී එංගලන්තය නැවතුනේ කොතැනින් නවතීදැයි නොසිතෙන තරම් තැනකය. ලකුනු 221කි. කඩුළු 03කි. පන්දු ඕවර 44.1ක් පමණක් යවා තිබියදී අයහපත් ආලෝක තත්ත්වය මත තරගය නතර කරනවිට එංගලන්ත තරුණ නායකයා වූ ඔලේ පෝප් පන්දු 103ක දී නොදැවි ලකුණු 103ක් ලබාගෙනය. ඔහු නොදැවී පන්දුවට පහර දෙමින් සිටියේය. එංගලන්ත ආරම්භක පිතිකරු බෙන් ඩකට් පන්දු 79ක දී ලකුණු 86ක් ලබාගෙන ශතකය පෙනි පෙනී දැවී ගියේය.

කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දු යැවීම තේරූවේ අහවල් දෙයකට දැයි හිතෙන තරමට වේග පන්දු යවන්නො පළමු දවසේ ගුටි කෑවෝය. අප දුටුවේ මුල් දිනයේ දී අපේ සැලසුම කුඩු වී ගිය බවකි.

එහෙත් දෙවැනි දවස මුළුමනින්ම වෙනස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුනේය. හාරසියය ඉක්මවා යන ගමනක් පෙන්නුම් කර එංගලන්ත කණ්ඩායම ලකුණු 325කට සීමා වන්නේ කඩුළු 104කට කඩුළු 07ක් දැවී යෑමෙනි. ඒ ලකුණු 104න් ලකුණු 51ක් රැස් කරන්නේ නායක ඔලේ පෝප්ය. ඔහු ලකුනු 154ක් ලැබුවේය.

විශේෂත්වය වන්නේ අද දවසේ ඕලේ පෝප් හැර අනෙක් එකම පිතිකරුවෙකුටවත් ලකුණු 20ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ නොදීමය. හැරී බෲක් ලකුණු 19කි. කඩුළු රකින ක්‍රීඩක ජෙමී ස්මිත් ලකුණු 16කි. ක්‍රිස් වෝර්කස් ලකුණු 02කි. ගස් එට්කින්සන් ලකුණු 05කි. ජොස් හුල් ලකුණු 02කි. ෂොයිබ් බෂීර් ලකුණකි. ඔලි ස්ටෝන් නොදැවී ලකුණු 15ක් ලබා සිටියේය.

අද තරගය ආරම්භ කරන්නේ ඊයේ නොදැවී ක්‍රීඩා කරමින් සිටි ඔලේ පෝප් සහ හැරී බෲක්ය. ඔවුන් ඉතාම බලාපොරොත්තු සහගත ලෙස පිතිකරණයේ නිරත වෙමින් සිටියහ. කණ්ඩායමේ සිව් වන කඩුල්ල බිඳවැටෙන විට ලකුණු 261කි. එහෙත් එංගලන්ත කණ්ඩායමේ මැද පෙළ සහ පසු පෙළ බලාපොරොත්තු රහිත ලෙස ශ්‍රී ලංකා පන්දු යවන්නන් කුඩු කර දමන්නේ ඉතිරි කඩුළු 06ම ලකුණු 64ක් තුළ බිඳ දමමිනි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ඔලේ පෝප් ලකුණු 154 යි….

අද දවසේ විශිෂ්ටම පන්දු යැවීම මිලාන් රත්නායකගෙනි. ඔහු පන්දු ඕවර 13.1ක් තුළ ලකුණු 56කට කඩුළු 03ක් බිඳ හෙලන්නේය.

දඟ පනදුවට අනුචිත බව තක්සේරු කළ තණ තීරුවේ නායක ධනංජය ද සිල්වා ඔෆ් බ්‍රේක් පන්දු යවමින් පන්දු ඕවර 04ක් තුළ ලකුණු 18කට කඩුළු 02ක් ලැබුවේය.

විශ්ව ප්‍රනාන්දු කදිම පන්දු යැවීමක නිරත විය. මද දෝලනයක් සහිතව එකම ආකාරයෙන් එකම පිතිකරණයට අපහසු සීමාවේ පන්දුව පතිත කර ඔහු ඇති කළ පීඩනය කඩුළු වැටීමට ප්‍රවේශයක් ලබා දුන් බව පෙනුනි. විශ්ව ලකුණු 46ට කඩුළු 2ක් ලැබුවේය. ලහිරු කුමාර ලකුණු 97ට කඩුළු 2ක්,  අසිත ප්‍රනාන්දු ලකුණු 88ට කඩුල්ලක් ලැබුවේය.

එංගලන්තයේ ලොකු ගමන් නැවතිනි. දිවා ආහාරයට පෙර ඔවුහු දැවී ගියහ. දිවා ආහාරයට පෙර එක් ඕවරයක් ශ්‍රී ලංකා පිතිකරුවෝ පන්දුවට පහර දුන්හ.

ශ්‍රි ලංකා ඉනිම 

ආරම්භක පිතිකරුවන් වන පැතුම් නිශ්ශංක සහ දිමුත් කරුණාරත්න ඉතාම කදිම ආරම්භයක් ගොඩ නගනු ඔවුන්ගේ විශ්වාසනීය මෙන්ම රිද්මයානුකූල පිතිකරණයෙන් පෙනුණි.

එහෙත් මුළු ලකුණු 34 දී දිමුත් කරුණාරත්න ඉතාම අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියේය. සිය ටෙස්ට් ලකුණු 7000 සීමාව පැන්නීමට දිමුත්ට හැකියාවක් තිබුණේ නැත. ඔහු ටෙස්ට් ජීවිතයේ ලබා ගත් ලකුණු 6999 ලඟ නැවතුනේය. පැතුම් නිශ්ශංක කවර්ස් වෙත පන්දුව යොමු කර ඉක්මන් ලකුණක් කරා පැති මාරු කරගනිද්දී ඔලි ස්ටොන් කෙලින්ම පන්දුව කඩුල්ල වෙත යොමු කළේය. දිමුත් ගේ ඉනිම ලකුණු 09කට ඉතාම අවාසනාවන්ත ලෙස නිමා වූයේය.

ධනංජය

යළිත් අංක 03 පිතිකරු කුසල් මෙන්ඩිස් අසාර්ථ වූයේය. ඔහු ලකුණු 14කි. ඉදිරි පෙළ එතැන් සිට බිහිසුණු ලෙස බිඳවැටුනේය. ඈන්ජලෝ මැතිව්ස් ලැබුවේ ලකුණු 03ක් පමණි. දිනේෂ් චන්දිමාල් ලකුණු නොලබා ඔලි ස්ටෝන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.

අද පැතුම් නිශ්ශංක ආරම්භක පිතිකරු ලෙස පෙන්වූයේ ආකර්ශනීය පිතිකරණයකි. ඔහු පන්දු 51 දී ලකුණු 64ක් ලැබුවේය. ඊට හතරේ පහර 09ක් ඇතුළත් විය.

පැතුම් නිශ්ශංක මුලු ලකුණු සංඛ්‍යාව 91 දි ජොෂ් හුල් එවූ පන්දුවකට දැවී යන්නේය. ඒ ක්‍රිස් වෝකස් විසින් සිදුකරන විශිෂ්ට උඩ පන්දු රැකීමක් සමගිනි. එය තරගයක් වෙනස් කළ හැකි තරම් විශිෂ්ට පන්දු රැකීමකි. ස්ථාවර වී කණ්ඩායම ලබා ගත් ලකුණු 91න් ලකුණු 64ක් ලබා සිටි ක්‍රීඩකයා දවා ගැනීම තරගය ඔවුන් අතට ගැනීමකි.

කමිඳු…

ශ්‍රි ලංකා කණ්ඩායම යළිත් බිහිසුණු අගාධයකට වැටෙමින් සිටියේය. 5 වැනි කඩුල්ල බඳී යන්නේ ලකුණු 93 දී ය. ඒ චන්දිමාල් ලකුණු නොලබා දැවී යාමෙනි.

එහෙත් එතැන් සිට අති විශිෂ්ට ඉනිමක් ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් අතර ඇති විය. ලකුණු 26 දී ජොෂ් හූල් අතට ලබා දුන් පහසු උඩපන්දුව ගිලිහී යෑමත් සමග ලද දෙවැනි ජීවිතය ධනංජය කණ්ඩායමට දැවැන්ත ගමනකට අවශ්‍ය අඩිතාලම තනා ගන්නට භාවිතා කළේය.

අද තරගය නිමා වනවිට පන්දු 106ක් ක්‍රීඩා කළ ධනංජය හතරේ පහර 10ක් සමග නොදැවී ලකුණු 64කි. ධනංජය මේ ක්‍රීඩා කරන්නේ සිය 101 වැනි ඉනිමය. ටෙස්ට් ශතක 101කි. ඔහු ලබා ගත්තේ සිය 17වැනි ටෙස්ට් අර්ධ ශතකය ය.

කමිඳු නොදැවී ලකුණු 54කි. ඊට ඔහු පන්දු 70කට මුහුණ දුන්නේය. හතරේ පහර 06ක් එල්ල කළේය. අපේ බලාපොරොත්තු උපදවන ටෙස්ට් ක්‍රීඩකයා කමිඳු යැයි සිතන්නට ඔහු අපට බල කරන්නේය. කමිඳු ටෙස්ට් තරග 6කි. ඉනිම 10කි. ශතක 03කි. අර්ධ ශතක 04කි.

කමිඳු සහ ධනංජය අතර මේ වනවිට නොබිඳුනු ලකුණු 188ක සම්බන්ධතාවයක් ගොඩ නැගී ඇත. එහෙත් අප තවමත් ලකුණු 114ක් පහළිනි. ඕවල් ක්‍රීඩාංගනයේ ලකුණු 114ක් යනු අභියෝගයකි. කඩුළු 05ක් අතැතිව තිබේ. ස්ථාවර වී සිටින ක්‍රීඩකයින් දෙපළ තරගය අද (08) දිනයේ දී තරගය ඔසවා තබන ප්‍රමාණය තරගයේ තීරණයේ පදනම සකස් කරනු ඇත්තේය.

අවුරුදු 26කට පසු අපි ඕවල් පිටියට පැමිණ සිටිමු. ඒ ඉතිහාසය පුපුරුවා හරිමින් ඕවල් පිටියේ තරගයක් පැරදීමට නොවේ. පළමු වරට ටෙස්ට් තරගාවලියක පූර්ණ පරාජයක් ලබන්නට නොවේ. කමිඳු සහ ධනංජය අපට බලාපොරොත්තු ගෙනත් තිබේ.

අපි යළිත් අද දවස ගැන ප්‍රාර්ථනා දල්වාගෙන සිටිමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දිනන්නෙ රනිල්… සජබට සහය දෙන බව කී ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා කියයි!

Next Post

බීමතින් කලහ කර අන්තර්ජාතික චිත්‍රපට උළෙල කඩාකප්පල් කරන්න හදලා.. යාපනය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගම් නායකයා ඇතුළු 04ක ගේ පන්ති තහනම්…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.