සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුෂානි රෝහණදීර පාර්ලිමේන්තු මහ ලේකම් ධූරයේ වැඩ භාරගනී!

by editor
මැයි 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තුවේ මහලේකම් ධුරයට අභිනවයෙන් පත්වූ  කුෂානි රෝහණදීර අද (23) පෙරවරුවේ සිය ධුරයේ රාජකාරී ආරම්භ කළාය.

නව ධුරයේ රාජකාරී ආරම්භ කිරීම සදහා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණි කුෂානි රෝහණදීර  , සහකාර මහලේකම්වරුන් වන ටිකිරි කේ ජයතිලක සහ හංස  අබේරත්න    විසින් පිළිගන්නා ලදී.

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන   ඉදිරියේ නව මහලේකම්වරිය නිල ප්‍රතිඥාව ලබා දීමෙන් අනතුරුව   මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනා කොට ආශීර්වාද   කළහ. ඉන්පසු පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද, කථානායකවරයා විසින් සහතික කිරීමට නියමිත රතනතිස්ස සාම පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත සත්‍ය පිටපතක් බව සහතික කරමින් ඇය පාර්ලිමේන්තුවේ මහලේකම් ධුරයේ රාජකාරී ආරම්භ කළාය.පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දසනායක සහ   කුෂානි රෝහණදීරගේ පවුලේ සාමාජිකයන්, පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අද පෙ.ව 9.30 පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ කරමින් වේත්‍රධාරීවරයා පෙරටුකරගනිමින් කථානායකවරයා, නව මහලේකම්වරිය ඇතුළු ලේකම් මඩුල්ල සභා ගර්භයට පිවිසුනහ.

මෙහිදී ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවේ  65(1) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, ගරු ජනාධිපතිතුමා විසින්   කාර්ය මණ්ඩල ප්‍රධානි සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්, කුෂානි අනූෂා රෝහණදීර, 2023 මැයි 23 දින සිට පාර්ලිමේන්තුවේ මහ ලේකම් තනතුරට පත් කර ඇති බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන    නිවේදනය කළේය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

එසේම ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධුරය දැරූ, ධම්මික දසනායක   එම ධුරයෙන් 2023 මැයි 23 දින සිට විශ්‍රාම ගිය බවද කථානායකවරයා නිල වශයෙන් දැනුම් දුන්නේය.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය හදාරා ඇති කුෂානි  රෝහණදීර  කොළඹ විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබඳ උපාධිධාරිණියකි. එසේම  ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී (LL.B.) උපාධිය ද හිමි ඇය නීතිඥවරියකි.

1999 වසරේදී  ඇය පාර්ලිමේන්තු නිලධාරිනියක ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ කාර්ය මණ්ඩලයට එක්විය. අනතුරුව සහකාර ප්‍රධාන නිලධාරී, නියෝජ්‍ය ප්‍රධාන නිලධාරී, සහකාර මහලේකම්, නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී  යන තනතුරුවලට උසස්වීම් ලැබුවාය.

පාර්ලිමේන්තු සේවයට සම්බන්ධවීමට පෙර ඇය සම්පත් බැංකුවේ කනිෂ්ඨ විධායක නිලධාරිනියක,  පරිසර පදනමේ කනිෂ්ඨ විද්‍යාඥවරියක, ජාතික අධ්‍යාපන ආයතනයේ (දුරස්ථ අධ්‍යාපනික) අධ්‍යක්ෂවරයාගේ ලේකම්වරිය, ඉන්ෆොමැටික්ස් පෞද්ගලික ආයතනයේ මධ්‍යස්ථාන සම්බන්ධීකාරක ලෙස ද කටයුතු කර ඇත.

එසේම ඇය ඉන්දියාව, කැනඩාව ඇතුළු රටවල් ගණනාවක පාර්ලිමේන්තු ක්‍රියාදාමය  සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය පිළිබඳ  පුහුණුවීම්  ලබා ඇත.

නීතිඥ හරිගුප්ත රෝහණදීර   සමග විවාහ වී සිටින ඇය   දරුවන් තිදෙනෙකුගේ මවකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පේරාදෙණිය සිසු විරෝධතාවයට කඳුළුගෑස් සහ ජල ප්‍රහාර…

Next Post

ලෝක කුසාලනයට ක්‍රීඩා කරන්න ශ්‍රී ලංකා කණ්ඩායමට ගහන්න වෙන ගේමෙ තරම…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.