අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුරුන්දි විහාරයේ ගැටලුව විසඳනවා… බෞද්ධාගමට මුල් තැන දෙනවා… ජනපති මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදැක කියයි!

by editor
අගෝස්තු 30, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

උතුරේ කුරුන්දි විහාරයේ ගැටලුව විසඳීමට කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

මෙම ප්‍රදේශයට පිටතින් කිසිවෙක් හෝ රැගෙන නොපැමිණීමට   ප්‍රදේශයේ සිංහල, මුස්ලිම්  හා දෙමළ ජනතාව එකඟ  වී ඇති බවත් මින් පෙර   එම ප්‍රදේශයේ සියලු ජන කොටස් සමගියෙන් ජීවත් වූ බවත් පිටස්තරින් කණ්ඩායම් පැමිණිමත් සමග මෙම ගැටලු මතු වී තිබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඊයේ මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් හමුවූ ජනාධිපතිවරයා අනතුරුව අනුනායක හිමිවරුන් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙමින් ඉදිරි ජාතික කටයුතු සිදුකරන බවය. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක   ආණමඩුවේ ධම්මදස්සී හිමියන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මෙසේ ද පවසා ඇත.

රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ කතා කරන විට දැන් අප රටක් ලෙස  බංකොළොත්භාවයෙන් ඉවත් වෙමින් පවතිනවා. විදේශ ණය ප්‍රශස්තකරණ වැඩසටහන සමඟ මෙරට ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් ද ප්‍රතිසංස්කරණ වැඩසටන් රැසක් ආරම්භ කර තිබෙනවා.

අද දේශිය බැංකු අසීරු තත්ත්වයකයි තිබෙන්නේ. ඒ නිසා එම බැංකුවලින් මුදල් ලබාගන්න අපහසුතාවයක් තිබෙනවා. දේශිය බැංකු සියල්ලම වගේ ණය වී සිටිනවා. බැංකු පද්ධතිය කඩා වැටුණහොත් එහි අයහපත් ප්‍රතිඵල ලැබෙන්නේ ජනතාවටමයි. දෙවනුව අර්ථසාධක අරමුදලෙන් මහ බැංකුව බිල්පත් ලබාගෙන තිබෙනවා. එය දිගුකාලීන බැඳුම්කර බවට පත් කරන්න අවශ්‍ය පියවර ගන්නවා. එහිදී ලබාදෙන පොලිය පිළිබඳ පොඩි වෙනසක් ඇති වෙනවා. නමුත් එයින් තැන්පත්කරුවන්ට කිසිඳු හානියක් සිදු වන්නේ නැහැ. අර්ථ සාධක අරමුදලේ තැන්පත්කරුවන්ට සියයට 9ක පොලියක් ලබාදෙන බවට පසුගිය වසරේදී එකඟ වුණා. ඒ වගේම එම අවම පොළිය නීතියක් ලෙස සම්ම්ත කර දීමට මම පොරොන්දු වුණා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එසේම නව මහ බැංකු පනතක් ගෙන ඒමට අප කටයුතු කරනවා. ඉන් අනතුරුව  අපට  ණය ලබා දුන් අනෙක් රටවල් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉන්පසු පුද්ගලික ණය පිළිබඳ සාකච්ඡා කරනවා. එහිදී ණය ගෙවීමට දිගුකාලීනව අවස්ථාව ලබා ගැනීමට හෝ  නැතිනම් ණයෙන් කොටසක් අඩු කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

ඒ පිළිබඳ සාකච්ඡා කර මෙම සැප්තැම්බර් මාසය අවසන් වන විට හෝ ඔක්තොබර් මුල් සතිය වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු අවසන් කිරීමට අප  බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙම කටයුතුවලදී අප  බංකොළොත්භාවයෙන් නිදහස් බව  නිවේදනය වීමෙන් පසුව අපට නැවත පහසුවෙන් ආර්ථික ගනුදෙනු කිරීමේ අවස්ථාව උදා වෙනවා.

ශ්‍රී ලංකාවේ අපනයන ආනයනයට වඩා අඩුයි. ඒ නිසා රට තුළ තරගකාරී ආර්ථිකයක් ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ අනුව අපනයනය මත පදනම් වූ ආර්ථිකයක් ඇති කළයුතුයි. කලාපය තුළ තරගකාරිත්වයක් ඇති කරීම තුළින් ආර්ථික වාසි අත් කර ගැනීමේ අවස්ථාව පවතිනවා.  ඉන්පසුව ණය ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කරනවා.

1948 දී අපට කලාපයේ තිබු තැන අද අපට අහිමි වී තිබෙනවා. ඒ නිසා අනාගතය දෙස බලා ඊට ඔබින අධ්‍යාපන ක්‍රමයක් රට තුළ නිර්මාණය කළයුතුයි. මෙය ක්‍රමාණුකූලව කරගෙන යා යුතුයි. මට ලබාදිය හැක්කේ එහි ආරම්භය පමණයි. එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට මෙරට තරුණ පරපුර සූදානම් විය යුතුයි.

එම නායකත්වය අප විසින් ගොඩනැඟිය යුතුව තිබෙනවා.  නව දැක්මක් ඇති මෙන්ම තාක්ෂණය සමඟ ඉදිරියට යන පරපුරක් මේ සඳහා අවශ්‍යයි. දැන් කෘතිම බුද්ධිය පිළිබඳ ලෝකයම කතා කරනවා. එය බුද්ධ ධර්මයේ ද  සඳහන් වෙනවා. ථෙරවාද බෞද්ධ රටවල් අතරින් තවම කිසිඳු රටක් ඉදිරියට පැමිණ නැහැ. ශ්‍රී ලංකාව සමඟ බැලීමේ දී  තායිලන්තය ඉදිරියෙන් සිටිනවා. ශ්‍රී ලංකාව හා තායිලන්තය ඉදිරියට පැමිණිය යුතුයි. තායිලන්තය සමඟ නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීම පිළිබඳව අප මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා.

ඒ අනුව පළමු වතාවට ථෙරවාද බෞද්ධ රටවල් දෙකක් ආර්ථික වශයෙන් එකතු වීම සිදු වෙනවා. එම ගිවිසුමට ලබන වසරේ පෙබරවාරි මාසයේ දී අත්සන් තැබීමට මම තායිලන්ත රජයට ආරාධනා කළා. එම ගිවිසුමට ඓතිහාසික මහනුවරදී අත්සන් තැබීමට ඇති හැකියාව පිළිබඳ මම මහානායක හිමිවරුන්ගෙන් විමසා සිටියා. එදා සියමෙන් පැමිණ එම කටයුතු සිදු කළේ  එම ස්ථානයේ දි. මෙම කටයුත්තත් ඉදිරියට ගෙන යාමට එය හොඳ ආරම්භයක් වනු ඇතැයි මම විශ්වාස කරනවා.

කෘෂිකර්ම නවීකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අප සැලසුම් කර තිබෙනවා. එයින් හෙක්ටයාරයකට වී මෙට්‍රික් ටොන් 7ක් හෝ 8ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතිනවා. ඕස්ට්‍රේලියාවේ හෙක්ටයාරකින් වී මෙක්ට්‍රික් ටොන් 10ක් නිපදවනවා. අපේ රටෙත් හම්බන්තොට වැනි  ප්‍රදේශවල වී මෙක්ට්‍රික් ටොන් 11ක අස්වැන්නක් ලබා ගන්නවා.

ඒ වගේම  බුද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදෙමින් අප මෙම සියලු කටයුතු ක්‍රියාත්මක කරන බව කිවයුතුයි. බෞද්ධ සිද්ධස්ථාන සියල්ලම ආරක්ෂා කිරීමට අප කැපවී සිටිනවා.

උතුරේ කුරුන්දි විහාරයේ ගැටලුව විසඳීමට අප කටයුතු කරමින් සිටිනවා. පිටින් කවුරුත් ගෙන එන්න එපා කියා එම ප්‍රදේශයේ සිංහල, මුස්ලිම්  හා දෙමළ ජනතාව එකඟ  වී තිබෙනවා. මීට පෙර එම ප්‍රදේශයේ සියලු ජන කොටස් සමගියෙන් ජීවත් වුණා. පිටස්තරින් කණ්ඩායම් පැමිණිමත් සමග මෙම ගැටලු මතු වී තිබෙනවා. වවුනියාවේ අපේ නායක ස්වාමීන්වහන්සේවත්  මේ පිළිබඳ දැනුවත් කර තිබෙනවා.

ඒ නිසා අප පිටස්තරින් කිසිවෙකුට එම ප්‍රදේශයට යාමට අවස්ථාව දෙන්නේ නැහැ. මෙම සියලු කටයුතු සොයා බැලීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. එහිදී පුරාවිද්‍යා පනතට අනුව කටයුතු කිරීමටත් උපදෙස්  දී තිබෙනවා.

ඒ වගේම මහා විහාරයේ කැනීම් කටයුතු සිදු කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. උතුරේ සිදුවන කැනීම් කටයුතුවල ද වාර්තා ලබා ගනිමින් එම කටයුතු  ඉදිරියට කරගෙන යනවා.

පැවති රජය විසින් හමුදාව යොදවා කැනීම් කටයුතු කඩිනමින් සිදු කළ බව ඔබ වහන්සේ මෙහිදී ප්‍රකාශ කළා. නමුත් ඒ පිළිබඳ පරීක්ෂා කර තවම තීරණයක් ලබා දී නැහැ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලබාදෙන තීරණය අනුව කටයුතු කිරීමට අප අපේක්ෂා කරනවා. ඒ වගේම එම ප්‍රදේශ ආරක්ෂා කිරීමට අප කටයුතු කරන බව ද කිවයුතුයි.

එමෙන්ම  සියලු බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කිරීමට අප කටයුතු කරනවා. පළමුවෙන්ම පුරාවිද්‍යා ස්ථාන සොයා ගැනීම් සිදු කළයුතුයි. ඉන් අනතුරුව අප ඒ පිළිබඳ විමර්ශන සිදු කරනවා. ඒ වගේම ඒ සම්බන්ධයෙන් අනෙකුත් ආගම්වල ද ගැටලු තිබෙනවා නම් ඒ පිළිබඳව ද අප අවධානය යොමු කරනවා.

නමුත් කිසිවෙකුට පිටතින් පැමිණ ගැටලු ඇති කිරීමට අප කිසිදු අවස්ථාවක ඉඩ තබන්නේ නැහැ. එම ගැටළුකාරී තත්ත්වයන්ට විසඳුම් සෙවීම සඳහා ඒ ඒ පළාත්වල ආගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන් කමිටු පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.  ඒ ඒ පළාත්වල ආගමික නායකයන් එකතුවී කටයුතු කරනවා නම් මෙවැනි ගැටුම්කාරී තත්ත්වයන් නිර්මාණය වන්නේ නැහැ.

ඒ වගේම නව පනත් සම්පාදනය පිළිබඳව ද මේ වන විට බුද්ධ ශාසන අමාත්‍යාංශය සාකච්ඡා කරමින් සිටිනවා. ඒ පිළිබඳ මල්වතු පාර්ශවයෙන් හා අස්ගිරි පාර්ශවයෙන් සන්නසක් ලබාදුන්නා. ඒ ගැන අවධානය යොමු කරනවා. ඒ වගේම අනෙකුත් නිකායන්වලින්ද යෝජනා සහ අදහස් ඉල්ලා තිබෙනවා.

නිදහසට පෙරත් විහාර දේවාලගම් පනත ගෙනවිත් මෙවැනි නීති සම්පාදනය කළේ දළදා සමිඳුන් ආරක්ෂා කරගෙන මෙම කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙනුයි. එසේම 19 වන ශතවර්ෂයේ ද මෙවැනි නීති පැවතුණා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුව ඉඩම් පිළිබඳ නීතියක් වසර 20කට පෙර සම්මත කර ගෙන තිබුණා. එහි සංයුතිය වෙනස් කිරීමට අප කටයුතු කළා. සෑම පළාතකින්ම එක් අයෙකු බැගින් නියෝජිතයන් 09 දෙනෙක් සහ මධ්‍ය ආණ්ඩුව නියෝජනය කරමින් විවිධ තනතුරු දරණ 12 දෙනෙකු ඒ සඳහා පත් කර තිබෙනවා.

ඊට අමතරව රටේ ඉඩම් පරිහරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තික් සැකසිය යුතුයි. ඒ අනුව ඉඩම් භාවිතය පිළිබඳව නිශ්චිත නිගමනවලට පැමිණිය හැකියි. ඉඩම් සම්බන්ධයෙන් වෙනත් සංශෝධන කිසිවක් මෙහිදී අප සිදු කර නැහැ. ඉඩම් පිළිබඳ නීති සම්පාදනය කිරීම ජාතික මට්ටමින් සිදු කළ යුතුයි. එය ක්‍රියාත්මක කිරීම පළාත් සභාවට ලබා දෙනවා. ජාතික ඉඩම් කොමිසම ගන්නා තීරණය අනුව එම වැඩකටයුතු ඉදිරියට පවත්වාගෙන යා යුතුයි.

හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලින්ක්ඩ් ඉන් ඔස්සේ චීන ඔත්තුසේවා ගහන අමුතු ගේම

Next Post

ජී 20ට හැඩවෙන නව දිල්ලිය

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.