දිනසේන රතුගමගේ –
මුලතිව් අධිකරණයෙන් නියෝගයක් ලබා ගෙන කුරින්දි කෝවිලේ පොංගල් උත්සවයකට සහභාගී වූ හින්දු බැතිමතුන්ට බාධා කළේ යැයි කියමින් දෙමළ ජාතික ජනතා පෙරමුණේ ( TNPF ) සෙල්වරාසා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා ඊවේ (19) මුලතිව් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.

අධිකරණය විසින් ආගමික අයිතිය තහවුරු කොට තිබියදී සිංහල බෞද්ධ බලවේග හින්දු ජනයාගේ අයිතිවාසිකම්වලට පටහැනිව ක්‍රියා කිරීම දැඩි අසාධාරණයක් බව එම පැමිණිල්ලේ සදහන් වෙයි.
පසුගිය 18 වෙනිදා කුරුන්දි විහාරය අසල හින්දු ජනතාව පොංගල් උළෙලක් පවත්වද්දී සිංහල බෞද්ධ ජනතාව වස්සාන කාලය වෙනුවෙන් සංවිධානය කළ ආශිර්වාද පූජාවක් පැවැත්වීමට යාමේදී දෙපිරිස අතර ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබුණි.
පසුව අදහස් දැක් වූ කුරුන්දිය විහාරස්ථානයේ නායක හිමියන් මුලතිව් අධිකරණය විසින් ලබා දී තිබුණ නියෝගය අභියෝගයට ලක් කරමින් අභිඅභියාචනාධිකරණය වෙත පෙත්සමක් ගොනු කරණ බවද ප්‍රකාශ කොට තිබේ.







