කුරුණෑගල වැහැර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ඇති වූ දරුණු ගින්නකින් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් තිබේ. මිය ගොස් ඇත්තේ එම ස්ථානයේ සිටි ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු ඇතුළු සිව්දෙනෙකි.
පිළිස්සුම් තුවාල ලැබූ සිව් දෙනෙකු කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති බව කුරුණෑගල ගිනි නිවන ඒකකය වාර්තා කළේය.
ඉන්ධන පිරවුම්හලේ ලීටර් 6,000ක් අඩංගු ගෑස් ටැංකි දෙකකින් එක ටැංකියක් පුපුරා යාමෙන් ගින්න ඇති වී තිබේ. ඊයේ රාත්‍රී 11:30 ට පමණ ආරම්භ වූ ගින්න සැලකිය යුතු උත්සාහයකින් පසු අද අලුයම පාලනය කර ඇත.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ හයක් යොදවා ඇති බව කුරුණෑගල ගිනි නිවන හමුදාව පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







