ඉන්දියාවේ ඉහළ පෙළේ මුදල් විශුද්ධිකරණ නඩුවක ප්‍රධාන විත්තිකරු වන සුකේෂ් චන්ද්‍රසේකර්, බොලිවුඩ් තරුවක් වන ජැකලින් ෆර්නැන්ඩස් සමඟ ඇති කරගත් සම්බන්ධය අවංක අව්‍යාජ බැඳීමක් බව ප්‍රකාශ කරයි.
ඔවුන් දෙදෙනාගේ ඡායාරූප සමාජ මාධ්‍යයෙහි ප්‍රසිද්ධ වීමෙන් පසු ඔහු ඇය වෙනුවෙන් පෙනී සිටින ලිපියක් මගින් ඒ බව තහවුරු කර තිබේ.
ETimes වාර්තාවකට අනුව, සුකේෂ් ජැකලින් සමඟ ඇති ඔහුගේ සම්බන්ධතාවයේ ස්වරූපය පිළිබඳව නැවත අවධාරණය කළ අතර, එය මුදල් ප්‍රතිලාභ මත පදනම් නොවන බව ප්‍රකාශ කර ඇත.
“මම ප්‍රවෘත්ති හරහා කෙනෙකුගේ පුද්ගලික ඡායාරූප බෙදාහරිනු දැකීම ඇත්තෙන්ම කණගාටුදායකයි. එය ජීවිතයට ඉතාම නරක කරදරකාරී තත්වයක්. කෙනෙකුගේ පෞද්ගලිකත්වය සහ පෞද්ගලික අවකාශය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමක්“ සුකේෂ් ලිපියේ සඳහන් කර ඇත.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, “මම කලින් සඳහන් කළ පරිදි, ජැකලින් සහ මා අතර සම්බන්ධයක් තිබුණා. ඒ සම්බන්ධතාවය කිසිම ආකාරයක මූල්‍ය ප්‍රතිලාභ මත පදනම් වුනේ නෑ. කිසිම අපේක්ෂාවකින් තොරව මෙම සම්බන්ධය එකිනෙකාට බොහෝ ආදරයෙන් සහ ගෞරවයෙන් ඇතිවුණු එකක්. “ සුකේෂ් යළි යළිත් සිය ලිපියෙන් කියා සිටියේය.
“කිසිවක් බලාපොරොත්තු නොවී ආදරය පමණක් කළ ජැකලින්ට මේ ප්‍රචාරයන් පහසු නොවන බැවින් වැරදි අදහස් බෙදා හැරීම නවත්වන්න…“ සුකේෂ් ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධිකරණය පිළිබඳ අපරාධයක් සම්බන්ධයෙන් ප්‍රධාන විත්තිකරු වී සිටින සුකේෂ් නිළියට මිල අධික ත්‍යාග ලබා දී තිබුණේ නීත්‍යානුකූල නොවන වත්කම් වලින් බවට චෝදනා එල්ල විය.
“මම ඇයට දේවල් තෑගි කරලා, එයාගේ පවුල වෙනුවෙන් දේවල් කරලා තියෙනවා… ඒ සියල්ල කළේ නීත්‍යානුකූල ඉපැයීම්වලින්. එය ඉතා ඉක්මනින් අධිකරණයේදී ඔප්පු වනු ඇති.“
“මා නැවතත් කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ සිදුවීම් දෙස වැරදි කෝණයකින් බැලීම නවත්වන ලෙසයි. බලාපොරොත්තු රහිතව ආදරය කරනවා හැර ඇය කිසිම වරදක් කරන්නෙ නෑ.“ සුකේෂ් ලියා ඇත.
( The News)







