නොරච්චෝලේ ගල් බලාගාරයේ මෙගවොට් 300ක ජනන යන්ත්‍රයක් අක්‍රිය වීම කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට සැකයක් පවතින බැවින් විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඇතුළු වගකිව යුත්තන් මේ පිළිබඳ මහජන විභාගයකට මහජන උපයෝගීිතා කොමිෂම හමුවට කැඳවනු ලැබ ඇති බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
විදුලිය බල ක්ෂේත්‍රයේ නියාමකයා ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාව මෙම බිඳ වැටීම් සම්බන්ධයෙන් විමර්ශණයට අදාළ දත්ත සහ තොරතුරු ප්‍රමාවයක් ඉල්ලා සිටියද විදුලි බල මණ්ඩල පාර්ශ්වයෙන් එය ලබා දී නොමැති බවත් ඒ ලබා නොදීම තුළ එම ක්‍රියාවලිය පිළිබඳ යම් සැකයක් පවතින බව පැවසූ ජනක රත්නායක මහතා විදුලි බල මණ්ඩල බලධාරීන් ලබන මාර්තු මස 03 වැනිදා විනිශ්චය හමුවට කැඳවා ඇති බව ඔහු පැවසීය.
මේ ක්‍රියාව සම්බන්ධයෙන් පවතින චෝදනා සහ තොරතුරු මෙම විනිශ්චය සභාවට ඉදිරිපත් කළ හැකි බවද මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය.
නොරච්චෝලේ මෙගවොට් 300ක ජනන යන්ත්‍රයක් පසුගිය දෙසැම්බර් මස 03 වැනිදා හදිසි බිඳ වැටීමකට ලක් වු බවත් මෙම ජනන යන්ත්‍රය මාස දෙකක් තිස්සේ මෙලෙස ජාතික පද්ධතියට එක් කර ගත නොහැකි විම මත විදුලිය පිළිබඳ අර්බුද උත්සන්න විමට හේතු වු බව පවසන ජනක රත්නායක මහතා මේ පිළිබඳ ව විමර්ශණයක් තුළින් අනාවරණය කර ගත හැකි වනු ඇතැයිද පැවසීය.