පානදුර මූලික රෝහල ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියට අදාළ පැමිණිලිකාර ගිලන් රථ රියදුරා සහ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් දෙදෙනාගෙන් එක් සැකකරුවෙක් දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමත් අනෙක් සැකකරු දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් පානදුර වැඩබලන මහෙස්ත්‍රාත්වරයා කළුතර අපරාධ කොට්ඨාසය වෙත ඊයේ (04) අවසර දී තිබේ.
ඒ අනුව කළුතර උතුර තොටුපොළ පාරේ පදිංචි ගිලන් රථ රියැදුරා සහ පානදුර මාලමුල්ල ප්‍රදේශයේ පදිංචි වෙඩිතැබීමට යතුරුපැදිය පදවාගෙන පැමිණි පුද්ගලයයා වෙනුවෙන් එලෙස රැඳවුම් නියෝග ලබාගෙන ඇත.
පානදුර රෝහලේ ප්‍රධාන ප්‍රවේශය ඉදිරියේ දී ඉකුත් ජනවාරි 27 වනදා මෙම වෙඩිතැබීම සිදුවිය.
කළුතර අපරාධ කොට්ඨාසය විසින් වින්දිත ගිලන් රථ රියදුරාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ගිලන් රථය යොදාගෙන වසරකට අධික කාලයක සිට දිවයිනේ ප්‍රදේශ රැසක සිට මත්කුඩු කිලෝ 100කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් මත්කුඩු ජාවාරමකට සම්බන්ධව කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
ඒ සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම රැඳවුම් නියෝගය ලබාදෙන ලදී.