බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුප්‍රකට එයාබස් ගනුදෙනුවේ තුන්වන සැකකරු ලෙස චමල් ගේ බාලපුතා ශමීන්ද්‍ර නම් කරයි…

අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්...

by editor
පෙබරවාරි 2, 2026
in පුවත්
Air-Bus
Share on FacebookShare on Twitter
  • ඇප පිට සිටිය දී ඇමරිකාවේ පදිංචිව සිටින ශ්‍රී ලංකන් හිටපු CEO කපිල චන්ද්‍රසේනට රතු වරෙන්තු නිකුත් කරන්න නියෝග.. ජාත්‍යාන්තර පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන රටට ගෙනෙන්න අධිකරණය නියෝග කරයි…

හිටපු කතා නායක චමල් රාජපක්ෂගේ බාල පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේ ශ්‍රි ලංකන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනිමේ ගනුදෙනුවේ දී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධ නඩුවේ තුන්වැනි සැකකරු ලෙස නම් කරමිනි.

2012 -13 කාල සීමාවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් දහයක් මිලදී ගැනීමට සූදානම් වූ අවස්ථාවේ සිදුවූ බවට චෝදනා ලද දූෂිත ගනුදෙනුවකට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

එහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ නඩුවේ තුන් වැනි සැකකරු ලෙස චමල් රාජපක්ෂගේ බාල පුත් ශමින්ද්‍ර රාජපක්ෂ නම් කරන ලෙසට නීතිපතිවරයාගේ උපදෙස් ලැබී ඇති බවය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිය මෙම නඩුවේ සෙසු සැකකරුවන් වන අතර ඔවුන් මේ වනවිට ඇප මත මුදාහැර සිටිති.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

කොටුව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ දැනට ඇමරිකාවේ පදිංචි බව  කියන සැකකරු අත් අඩංගුවට ගැනීමට ජාත්‍යාන්තර පොලිසියේ සහාය ලබා ගන්නා ලෙසය.

රතු වරෙන්තු නිකුත් කිරීමට පියවර ලබා ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

එයාබස්  ගනුදෙනුවේ සංක්ෂිප්ත අතීතය

2012 -13 කාල සීමාවේ දී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යානා 13ක් ඉවත් කර ඒ වෙනුවට අලුත්ම යානා 14ක් සේවයට එක් කරගැනීමට යෝජනාවක් ගෙනැවිත් තිබිනි. ඒ යානා අතරින්  A330 යානා 6ක් සහ  A350 යානා 4ක් මිලදී ගැනීම සඳහා ප්‍රංශ එයා බස් සමාගම සමග ගිවිසුමක් අත්සන් කෙරිනි.

මේ ගනුදෙනුවේ බරපතල වංචාවක් පිලිබඳ තොරතුරු අනාවරණය වූයේ 2020 වසරේ ජනවාරි මාසයේ බ්‍රිතාන්‍යයේ බරපතල වංචා විමර්ශන කාර්යාලය සිදුකළ විමර්ශනයකිනි.  එයා බස් යානා 10ක් මිලදී ගැනීම සඳහා ප්‍රංශයේ එයාබස් සමාගම ඇමරිකානු ඩොලර් 16.84ක අල්ලසක් ලබා දිමට පොරොන්දු වි සිටි බව මෙම විමර්ශනයේ දී අනාවරණය විය.

එහිදි හෙළි වූයේ ශ්‍රි ලංකන් සමාගමේ එවක ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරියට අයත් බෲනායි රාජ්‍යයේ පවත්වාගෙන ගිය සමාගමක ගිනුමකට එම මුදලින් ඩොලර් මිලියන 02ක් බැර කර ඇති බවය.

පසුව මෙරට සිදුකළ විමර්ශන වාර්තාවක් මත පදනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය. එම වාර්තාවට අනුව කපිල චන්ද්‍රසේනගේ බිරියට ඇයත් සමාගම නමින් බෲනායි රාජ්‍යයේ පවත්වාගෙන ගිය සමාගමට ලැබුණු මුදල් සිංගප්පූරුවේ ගිනුමක් මගින් කපිල චන්ද්‍රසේන ඔස්ට්‍රේලියාවේ ඇති ඔහුගේ ගිනුමකට මාරු කර යවා තිබුණු බවය.

තව දුරටත් විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙරට ගිනුම් දෙකකට ද සිංගප්පූරුවෙන් මුදල් හුවමාරු වී ඇතැයි අනාවරණය කරගත්තේය. මෙම ගිනුම් දෙක අතර ශමින්ද්‍ර රජාපක්ෂට අයත් බැංකු ගිනුමකට 2013 දී ඇමරිකානු ඩොලර් එක් ලක්ෂ හැට දහසක මුදලක් බැර වී තිබිණි.

මේ සම්බන්ධයෙන් ශමින්ද්‍ර රාජපක්ෂගේ ප්‍රකාශයක් සටහන් කරගැනීමට උත්සාහ කළ ද ඔහු ඇමරිකාවේ වාසය කරන බැවින් එය සාර්ථක වූයේ නැත.

හිටපු කතා නායක චමල් රාජපක්ෂගෙන්  ද  මීට අදාලව ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

මේ අතර මේ එයාර් බස් ගනුදෙනුව පිළිබඳ තීරණ ගැනීමේ දී අදාල අධ්‍යක්ෂ මණ්ඩලයේ ශමීන්ද්‍ර රාජපක්ෂ සිටි බවත් ඊට අදාල රැස්වීම කතානායක නිල නිවසේ පවත්වා ඇති බවත් විමර්ශනවලදී හෙළි වී තිබිණි.

විමර්ශන වාර්තා ඇතුළු ලිපි ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබිණි. අද ශමීන්ද්‍ර රාජපක්ෂ තුන්වැනි සැකකරු ලෙස නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ නීතිපතිවරයාගෙන් ඊට අදාල උපදෙස් ලැබීමෙන් පසුවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තම ප්‍රජාවගේ අනාගතය වෙනුවෙන් මරණය තෝරාගත් බලුකිස්ථානයේ සුරූපිණිය –  අසීෆා මෙන්ගල් කවුද?

Next Post

එංගලන්තයට එරෙහි තුන්වැනි විස්සයි 20 තරගයට එෂාන් මාලිංග නෑ…!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.