සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තම ප්‍රජාවගේ අනාගතය වෙනුවෙන් මරණය තෝරාගත් බලුකිස්ථානයේ සුරූපිණිය –  අසීෆා මෙන්ගල් කවුද?

by editor
පෙබරවාරි 2, 2026
in පුවත්
Asifa Mengal,
Share on FacebookShare on Twitter

කපිල කේ.හීනටියන –

පසුගිය සති අන්තය  බලුකිස්ථානයට මරණයේ  සති අන්තයක් විය. පකිස්ථානයේ විශාලම ප්‍රාන්තය මෙන්ම ආර්ථික සමාජීය මෙන්ම දේශපාලන අතින් නොසලකා හළ දුගී මිනිසුන් ජීවත්වන භූමිය වූ බලුකිස්ථානය පුරා අතිශය සංවිධිත වූ  ප්‍රහාර මාලාවක් දියත් වී තිබිණි.

බලුකිස්ථානයේ ජනතා පීඩනයේ ප්‍රකාශනයක් ලෙස සන්නද්ධ වී සිටින මේ වනවිට සන්නද්ධ නීති විරෝධී ත්‍රස්ත කල්ලියක් ලෙස ලේබලය පිට සැඟවී සටන් කරන බලුකිස්ථානයේ බලොක් විමුක්ති හමුදාව මෙම ප්‍රහාර මාලාව එල්ල කළේය.

මෑතක දී  පකිස්ථාන හමුදා වෙත එල්ල වූ දැවැන්තම ත්‍රස්ථ ප්‍රහාරය  ලෙස ගැනෙන මෙම ප්‍රහාරය බලොක් විමුක්ත හමුදාව හඳුන්වා දී තිබුණේ  තමන්ගේ  ‘Herof’ හෙවත් ‘කළු කුණාටුව’ මෙහෙයුමේ දෙවන අදියර බවය.

සටන්කාමීන් ස්ථාන 14ක් පුරා එකිනෙකට සම්බන්ධීකණය කරමින් ප්‍රහාර  දොළහකට වඩා එල්ල කළහ.  ක්වෙටා, මස්ටුං, නොෂ්කි, ඩල්බන්ඩින්, ඛරන්, පන්ජ්ගුර්, ටම්ප්, ග්වාඩර් සහ පස්නි මෙම ප්‍රහාරවල  මර්මස්ථාන වූයේය.  ඔවුන් සිවිල් ඇඳුමින් සැරසී සිවිල් වැසියන් ලෙස සන්නද්ධව පැමිණ පොලිස් ස්ථාන, පැරා මිල්ටරි ස්ථාන, හමුදා කඳවුරු ඉලක්ක කරගෙන  මෙම ප්‍රහාර එල්ල කළහ.

එමෙන්ම සිවිල් වැසියන්ගේ අනන්‍යතා පරීක්ෂා කරමින් බලුකිස්ථාන ජාතිකයින් නොවන වෙනත් විදේශිකයින් වෙන් කර රැගෙන ගොස් වෙඩි තබා ඝාතනය කළහ.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

බලුකිස්ථානයේ ජනතා අරගලයක්  ඇතිවන්නේ කෙසේ ද?

බැලුකිස්තානය පකිස්ථානයේ විශාලතම ප්‍රාන්තය වුවද, එය එරට පවතින දිළිඳුම සහ සංවර්ධනයෙන් අවම කලාපයයි. මෙම සන්නද්ධ අරගලය එම ආර්ථිකය යථාර්ථයේම ප්‍රකාශනයකි.

බැලුකිස්තානය රන්, තඹ සහ ස්වභාවික වායුවලින් පොහොසත් ය. එහෙත් එම සම්පත්වලින් ලැබෙන ආදායම ප්‍රාන්තයේ සංවර්ධනයට යොදා නොගෙන වෙනත් ප්‍රදේශ වෙත,  විශේෂයෙන් පන්ජාබ් ප්‍රාන්තය  වෙත ගලා යන බවට බැලුචි වැසියෝ දශක ගණනක සිට චෝදනා කළහ.

එමෙන්ම 1948 දී බලුකිස්ථානය පකිස්ථානයට එක් කරගැනීමේ සිටම පවතින දේශපාලන අස්ථාවරත්වය සහ දේශපාලන තීරණ ගැනීමේදී බැලුචි වැසියන් කොන් කිරීම  ඔවුන් බරපතල ලෙස පාරා තිබිණි. පොදු  මානුෂීය වටිනාකම් සම්බන්ධව කේවල් කිරීමට මෙම වැසියන්ට ඉඩක් ලැබුණේ නැත.

එමෙන්ම  පකිස්ථාන ආරක්ෂක අංශ මේ ජනකොටසට සලකා තිබුනේ අර්ධ මනුෂ්‍යයන් සේ සලකාගෙනය.    ‘බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්’ (Enforced Disappearances) සහ නඩු විභාගයකින් තොරව මරා දැමීම් වැනි හමුදා හැසිරීම් ඇස් පනාපිට පෙනෙද්දී  ජනතාව දැඩි ලෙස කුපිත වූහ.  එය දරාගැනීමේ අවසන් සීමාවත් ඉක්මවා යන්නේ  චීන-පකිස්ථාන ආර්ථික කොරිඩෝව (CPEC) වැනි ව්‍යාපෘති හරහා තම භූමිය සහ සම්පත් ද  විදේශිකයන් විසින් අත්පත් කරගනු ඇතැයි යන බිය මේ ජනතාව තුළ ඇතිවීමත් සමගය.

අරගලය සමග මතුවුන සුරූපී සටන් කාරිය – අසීෆා මෙන්ගල්

ප්‍රහාරයෙන් පසු  බලොක් විමුක්ති හමුදාව ප්‍රකාශයක් නිකුත් කරමින් කීවේ සටන් අතරතුර මජීඩ්  බලකායේ  මරාගෙන මැරෙන සටන් කරුවන් 11 දෙනෙකු ඇතුළුව  සටන්කරුවන් 18 දෙනෙකු මිය ගිය බවය. මිය මරාගෙන මැරෙන සටන් කරුවන් අතරින් දෙදෙනෙක් කාන්තාවන් බව ප්‍රකාශ වුනේය. මේ සුරූපි යුවතියන්ගේ ඡායාරූප ප්‍රකාශයට  පත් විය. එක් අයෙක්   හවා බලුච්  ලෙස හඳුන්වා දී තිබිණි. ඇය ග්වාදර්හි පදිංචිකාරියකි.  අනෙක් යුවතිය  අසිෆා මෙන්ගල් ය. ඇය නොෂ්ඛි පලාතේ යුවතියකි.

අසීෆා සහ හවා ගේ සැකසූ ඡායාරූපයක් බලොක් විමුක්ති හමුදාව සමාජ මාධ්‍යයට මුදා හැර තිබිණි…

හවා බලුච් සම්බන්ධව ප්‍රධාන වශයෙන් විස්තර මතුව ආවේ නැත.  නමුත්    24 හැවිරිදි සුරූපිනියක් වූ අසීෆා මෙන්ගල් ගැන ලෝක අවධානය යොමු විය.   නොෂ්කි හි පිහිටි පකිස්ථාන බුද්ධි අංශ (ISI) මූලස්ථානය ඉලක්ක කරගත් මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කරනු ලබන්නේ අසීෆා මෙන්ගල්  විසිනි. පුපුරණ ද්‍රව්‍ය පිරවූ වාහනයක් රැගෙන ඇය මෙම බුද්ධී අංශ මූලස්ථානයට කඩා වැදී එම මූලස්ථානය පුපුරුවාගෙන මිය ගොස් තිබිණි.

අසීෆා ගැන කතාව මුස්ලිම් ජාතික කාන්තාවගේ භූමිකාවේ සිදුවී ඇති වෙනස සම්බන්ධව බරපතල සංවාදයක් ලෝකය තුළ ඇති කළේය. මේ සුරූපී යුවතිය ස්වකීය ජන ප්‍රජාව වෙනුවෙන් මරාගෙන මැරෙන ප්‍රහාරයක් සඳහා ජීවිතය කැප කිරීම  සම්ප්‍රදායික සමාජ මවිත කළේය.

අසීෆා මෙන්ගල් යනු බලුකිස්ථානයේ    නොෂික් ප්‍රදේශයේ  කිට්ටි කාසි අබාද් (Killi Qazi Abad) ගම්මානයේ පදිංචිව සිටි සාමාන්‍ය පවුලක යුවතියකි.  ඇය උපත ලබන්නී 2002 ඔක්තොම්බර් මස 02 දා ය.    අසීෆාගේ තාත්තා මොහොමඩ් ස්මයිල් ය.

අසීෆා  බලොක් විමුක්ති හමුදාවට එක් වන්නී ඇයගේ 21 වැනි උපන්දිනය දවසේය. එනම් 2023 ඔක්තොම්බර් මස 02 දා ය. ඇය එක්වන්නේ බලොක් හමුදාවේ මජීඩ් බලකායට (Majeed Brigade) ය. මජීඩ් බලකාය   එම හමුදාවේ  මරාගෙන මැරෙන ප්‍රහාරක අංශය ය. ඇය  2024 ජනවාරි මාසයේදී ස්වකැමැත්තෙන්ම ‘ෆිදායි’ (fidayee) හෙවත් මරාගෙන මැරෙන ප්‍රහාරිකාවක වීමට තීරණය කර තිබුණාය.

මෙම බලකාය මජීඩ් බලකාය ලෙස නම් කර ඇත්තේ මජීඩ් ලැන්ගෝව් (Majeed Lango) නමැති සටන්කාමියා සිහිපත් කිරීම සඳහාය. ඔහු 1974 දී එවකට පකිස්ථාන අගමැති සල්ෆිකාර් අලි භූතෝ ඝාතනය කිරීමට උත්සාහ කිරීමේදී මියගිය අයෙකි. පසුව 2011 වසරේදී බලොක් විමුක්ති හමුදාව  විසින් මෙම විශේෂ මරාගෙන මැරෙන ඒකකය නිල වශයෙන් ස්ථාපිත  කෙරුවේය.

මජීඩ් බලකාය සාමාන්‍ය ගරිල්ලා ප්‍රහාරවලින් ඔබ්බට ගිය, ඉතා සංකීර්ණ සහ සැලසුම් සහගත ‘ෆිදායින්’ (Fidayeen) ප්‍රහාර සඳහා ප්‍රසිද්ධය. මෙහිදී ප්‍රහාරකයින් තමන්  මියයන බව දැන දැනම ඉලක්ක වෙත කඩා වදින අතර, ඔවුහු බොහෝ විට පැය ගණනාවක් හෝ දින කිහිපයක් හමුදාව සමඟ සටන් කර අවසානයේ තමන්වම පුපුරුවා ගනිති.

මෙම බලකාය ප්‍රධාන වශයෙන් ඉලක්ක කරන්නේ පකිස්ථාන හමුදාව සහ බුද්ධි අංශය. ඔවුහු හමුදා මූලස්ථාන සහ කඳවුරු වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කිරීමේ ඉතිහාසයක් සහිතය. එමෙන්ම  චීන-පකිස්ථාන ආර්ථික කොරිඩෝව (CPEC) හරහා බැලුකිස්ථාන සම්පත් සූරාකන බව පවසමින්, චීන ඉංජිනේරුවන් සහ ක්වාඩර් (Gwadar) වරාය වැනි ස්ථාන ඔවුන්ගේ ඉලක්ක බවට පත් වූයේය.  කරච්චි කොටස් වෙළඳපොළ සහ පාකිස්ථානයේ චීන කොන්සල් කාර්යාලය වැනි ස්ථානවලට මීට පෙර ඔවුහු ප්‍රහාර එල්ල කළහ.

අසීෆා මෙන්ගල් විසින් දින දෙකකට පෙර රූපණය කළේ මෙම මජීඩ් බලකායේ නවතම හැරවුම් ලක්ෂයක් වූ කාන්තා නියෝජනයේ බිහිසුණු ස්වරූපය ය.

ඇය මෙවැනි තීරණයක් ගැනීමට බලපෑ නිශ්චිත පෞද්ගලික හේතුවක් තවම නොපෙනේ. එහෙත්   ඇය අයත් සංවිධානය විසින් ඉදිරිපත් කරන පොදු කරුණු කිහිපයක් තිබේ:

පෙර නිකුත් වූ වීඩියෝ දර්ශනවලට අනුව, පකිස්ථාන රජය බැලුචි ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවටත්, ඔවුන්ව පීඩනයට පත් කරන බවටත් අසීෆා චෝදනා කරනු පෙනෙන්නේය. “බලොක් ජාතිය අවදි විය යුතු” බවත්, සන්නද්ධ අරගලය සඳහා සහාය දිය යුතු බවත් ඇය පවසන්නීය.

පකිස්ථාන හමුදාවේ ප්‍රතිප්‍රහාර

ප්‍රහාරයෙන් අනතුරුව පකිස්ථාන ආරක්ෂක අංශ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කළේය. බැලුකිස්තාන් මහ ඇමති සර්ෆ්රාස් බුග්ටි ප්‍රකාශ කළේ පැය 40ක් පුරා ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුම්වලදී සටන්කාමීන් 140කට වැඩි පිරිසක් මියගිය බවය.

ලෙයින් සහ යකඩයෙන් මිනිසුන් මර්ධනය කළ හැකි  දුරක් තිබේ. එම දුර මානුෂීය ව්‍යසනයක් වී ඇති ආකාරය සුරූපී යුවතියන් ජීවිත අභිලාෂයන් අත් හැර මිනිසුන් ලෙස ජීවත් වීමේ අයිතිය සොයමින් මරාගෙන මැරෙන්නට සූදානම් සිටිති. ඔවුන් වටා ගොඩනැගී ඇත්තේ ලෝකයේ ඉහළම සන්නද්ධ බලයට වඩා වැඩි වටිනාකමක් සහිත අසීමිත බලයක් බව බලයෙන් අන්ධ වූ ප්‍රජාවන් තෝරා ගන්නා විට බොහෝ ව්‍යසන සිදුවී හමාර බව කිව යුතුය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවියන් ඇතුලු 08 දෙනෙක් බඹර ප්‍රහාරයකින් රෝහලේ…

Next Post

කුප්‍රකට එයාබස් ගනුදෙනුවේ තුන්වන සැකකරු ලෙස චමල් ගේ බාලපුතා ශමීන්ද්‍ර නම් කරයි…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.