සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුඩු සළිඳු රටට රැගෙන ඒමට කරන මෙහෙයුම නිසා පොලිස් ලොක්කෙක් භීතියට පත් වෙලා!

by editor
මාර්තු 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මැඩගස්කරයේ දී  එරට ආරක්ෂක අංශ විසින්  අත්අඩංගුවට ගත් මිනී මැරුම්, මහා පරිමාණ මත්කුඩු ජාවාරම් ඇතුළු සාහසික අපරාධ රැසකට වගකිවයුතු රටේ ප්‍රධාන අපරාධකරුවන් දෙපළවන     හරක් කටා හෙවත්  නදුන් චින්තක වික්‍රමරත්න  සමග  කුඩු සළිඳු ලෙසින් හඳුන්වන  සළිඳු ගුණරත්න රටට ගෙන ඒමට සැලසුම් කිරීමත් සමග පොලිසියේ ඉහළ නිලධාරියෙක් බරපතල ලෙස කලබල වී සිටින බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

කුඩු සළිඳු සහ හරක් කටා ජාත්‍යන්තර පොලිසිය හරහා සිදු කර ඇති රතු නිවේදනයකට අනුව  පසුගිය 01 දා අත්අඩංගුවට පත් වන්නේ  මැඩගස්කරයේ ඉවාටෝ  ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී ය.

මින් පෙර ඩුබායිහි දි මෙම  අපරාධකරුවන් දෙපළ ජාත්‍යාන්තර පොලිස් වරෙන්තුව අනුව අත්අඩංගුවට ගනු ලැබුව ද ඉතාම අස්වභාවික ලෙස  රජය පාර්ශවයෙන් සිදුවූ ප්‍රමාදයන් ද හේතුවෙන් ඔවුන්ව ලංකාවට ගෙනඒම  මගහැරී ගිය අතර ලංකාවේ ඉහළම නීතිඥයින්ගේ සහයෝගය ලබාගෙන මේ දෙපළ නිදහස් වී ගියේය.

කෙසේ වෙතත් මෙවර මෙම අපරාධකරුවන් රටට රැගෙන ඒම සඳහා කඩිනමින් කටයුතු සංවිධානය වීමත්, ඒ වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් වීමත්, ඉහළම රාජ්‍ය අනුමැතිය සහිතව පළපුරුදු නිලධාරීන් 04 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මැඩගස්කරය වෙත යැවීමට කටයුතු කිරීමත් හේතුවෙන් ඉහත නිලධාරියා දැඩි ලෙස නොසන්සුන් වී ඇති බව වාර්තාවේ .

පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරන්නේ කුඩු සළිඳු නොගෙන්වා  හරක් කටා පමණක් මුලින්  රටට ගෙන ඒමට මෙම නිලධාරියා ඇතුළු පිරිසක් ආරම්භයේ දී යම් උත්සාහයක් දරා ඇති බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වෙතත් කුඩු සළිඳු සහ අදාළ ඉහළ පෙළේ නිලධාරියා අතර ඇති වී තිබුණු සම්බන්ධය බුද්ධි අංශ විසින් මේ වනවිට යම් ප්‍රමාණයකට හෙළිදරව් කරගෙන ඇතැයි වාර්තා වේ.

කළුතර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලඥයෙකුගේ සමීප ආධාරකරුවෙක්ව සිටි සළිඳුට රටින් පිටවීමට අවස්ථාව සලසා දෙමින් විමර්ශන වෙනත් අතකට යොමු කිරීම පිළිබඳ මෙම ඉහළ නිලධාරියාට චෝදනා ප්‍රමාණයක් එල්ල වී පැවතිනි.

එමෙන්ම මෙම නිලධාරියා විසින් විදේශක දී කුඩු සළිඳු මුණ ගැසී ඇති බවත් විටින් විට ඔහු සමග කළ දුරකථන සංවාදයන් පිළිබඳ දුරකථන දත්ත විශ්ලේෂණයන්ගෙන් හෙළි වී ඇති බවත් පොලිස් බුද්ධි අංශ වාර්තා කර තිබිණි.

කෙසේ වෙතත් මේ වනවිට සළිඳු සහ හරක්කටා හැකි ඉක්මනින් රටට ගෙන ඒමේ මෙහෙයුම ක්‍රියාත්මක බව පොලිස් ආරංචි මාර්ග සනාථ කරයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යාපනයම කුරුළු උයනක් වෙයි…

Next Post

ජනපති උපදෙස් මත පළාත් පාලන ඡන්ද විමසීම අවුරුද්දකින් කල් දැමීමට ආණ්ඩුවේ සැලසුමක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.