දිනසේන රතුගමගේ –
දේශගුණික විපර්යාස නිසා වෙනත් රටවල සිට යාපනයට සංක්රමණය වී ඇති විවිධ පක්ෂීන්ගෙන් මේ දිනවල යාපනය කලපුව අවට ප්රදේශය කුරුලු පාරාදීසයක් බවට පත්ව තිබේ.
සියක්කාරයින් ඇතුළු විවිධ පක්ෂීන් රංචු වශයෙන් පියාඹමින් අහසේත් ගොඩබිමේත් විවිධ රටා මවන අතර එම දසුන් මේ දිනවල යාපනයේ යන දෙස් විදෙස් සංචාරකයින්ගේ මන පිනවමින් ඇත.
යාපනයේ අරාලි, ඌර්කාවතුරේයි හා මාන්කුම්බන් යන වෙරළාසන්න ප්රදේශයේත් කලපු වල සැරිසරන මෙම ආගන්තුක පක්ෂීන් ජූනි මාසයේ මුල් සති දෙක පමණ වන තුරු රැදි සිටින බව යාපනයේ සංචාරක මග පෙන්වන්නෝ කියා සිටිති.
යාපනයට පැමිණ සිටින ආගන්තුක පක්ෂීන් හා යාපනයේ ආවේණික පක්ෂීන් එකට එක්ව පක්ෂීන් ගැවසෙන ස්ථානවල භේදයකින් තොරව වාසය කිරීම තවත් සුවිශේෂ ලක්ෂණයකි.