දිනසේන රතුගමගේ –
කිළිනොච්චියේ ප්‍රදේශ කීපයක් පුරා පැතිර යමින් තිබෙන ගව වසූරිය රෝගය මේ වන විට යාපනයේ වඩමරච්චි පළාතටද ව්‍යාප්ත වීම හේතුවෙන් ගවයින් 15 දෙනෙකු 8 දා මිය ගොස් ඇති බව මරදන්කේණී පශු වෛද්‍ය නිලධාරී එස්.සුහීර්තන් පැවසීය.
මේ වන විට තම සෞඛ්‍ය බල ප්‍රදේශය තුළ රෝගය වැළදුණු ගවයින් 11 දෙනෙකු හමු වී ඇති බවත් එම ගවයින්ට ප්‍රතිකාර කිරීමේ කටයුතු ආරම්භ කොට ඇති බවත් පශු වෛද්‍ය නිලධාරියා පැවසීය.
මීට අමතරව වඩමරච්චියේ කොට්ටඩි ප්‍රදේශයේද ගවයින්ට ගව වසූරිය රෝගය වැළදී ඇති බව ප්‍රකාශ කළ පශු වෛද්‍ය නිලධාරිවරයා ඔවුන්ට ප්‍රතිකාර කිරීම එම පළාතේ පශු වෛද්‍ය නිලධාරීන් විසින් සිදු කරගෙන යන බවද පැවසීය.
ගවයින් මේ රෝගයෙන් වළක්වා ගැනීම සදහා ගවමස් අනුභවය තහනම් කිරීම ගවයින් වෙනත් පළාත් වලට රැගෙන යාම තහනම් කිරීම එළකිරි පානය කිරීම තහනම් කිරීම් ඇතුළු පියවර රැසක් ගෙන ඇති නමුත් මේ දක්වාම ගව වසූරිය රෝගය පාලනය වී නොමැති බව උතුරේ සෙසු පළාත්වල පශු වෛද්‍ය නිලධාරීන් කියා සිටිති.