මත්ද්‍රව්‍ය භාවිත කර වාහන පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද සිට ආරම්භ කර තිබේ.
පොලිස් රථවාහන අංශයට ඒ සදහා ඛේඨය සහ මුත්‍රා මගින් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් හදුනා ගැනීමේ උපකරණ ජාතික මාර්ග ආරක්ෂක සභාවෙන් ලැබී ඇත.
අද සිට බස්නාහිර පළාතින් මෙම මෙහෙයුම් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කරයි.
අදට යෙදී ඇති ලෝක අනතුරු වැළැක්වීමේ සතියට සමගාමීව මෙම වැඩ සටහන ආරම්භ කර තිබේ.
එසේම රිය අනතුරු සම්බන්ධයෙන් සහ මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන් සම්බන්ධයෙන් ඡායාරූප හා වීඩියෝ තොරතුරු ලබාදීමට ඇප් එකක්ද අද මහජනතාවට හදුන්වාදීමට පියවර ගෙන ඇත.
ඊ- ට්‍රැෆික් ශ්‍රී ලංකා ලෙස නම්කර ඇති එම ඇප් එක ස්මාට් ජංගම දුරකථනයකින් බාගත කිරීමකින් ජනතාවට රථවාහන පොලීසිය හා සම්බන්ධ වී එම තොරතුරු ලබා දීමට හැකිබවද අජිත් රෝහණ මහතා සදහන් කරයි.