බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුඩු කප්පිත්තාගේ උගුලට හසුවී දෙවොලක් බඳු තැනක් කුඩු කළ “නාකොටික්“ කුඩ්ඩෝ

by Lanka Sara Editor
ජූලි 3, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

නාකොටික් එක පුපුරා ගියේය. අප මත්ද්‍රව්‍ය තුරන් කරන්නට සිතා තිබුණේ රෙද්දක් ඇඳගෙන මහ මගට බැසිය නොහැකි විලි ලජ්ජා නැති තැනකට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය පත්වී ඇති රටකය. එක් අතකින් එය අප අත්විඳින ජීවිත යථාරථය පිළිබිඹු කරන්නකි.

පසුගිය බදාදා (01) පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් 12 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ මත්කුඩු හොරකම් කර නැවත ජාවාරම්කරුවන්ට අලෙවි කිරීමේ අලජ්ජී චෝදනාව යටතේය. දැනට මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් 16 දෙනක් අත්අඩංගුවේය. තවත් නිලධාරීන් පස් දෙනෙකු ගැන විශේෂ විමර්ශනයක් පැවැත්වෙන්නේය. ඔවුන් ද ඉදිරියේ දී අත්අඩංගුවට ගැනුණොත් කුඩු ජාවාරම්කාර නාකොටික් කාරයින් ගේ ගණන 21 කි.

මේ ලැබෙමින් ඇත්තේ මේ රටේ මිනිසුන් පොලිසියෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරය.

මේ තරම් කුඩු අසුවෙන රටේ කුඩු හිඟ නැත්තේ ඇයි.?

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

අහුවෙන කුඩු ටික සිදුවන දේ විනිවිද නොපෙනෙන්නේ ඇයි.?

දැන් පිළිතුරු ලැබී ඇත. පොලිස් නාකොටික් කාරයින් කුඩු පාතාලයන් හා එක්ව කුඩු ජාවාරම් කර තිබේ. මේ ඒ නින්දිත අපරාධය පෙළ ගැසෙන ආකාරයය.

නාකොටික් කුඩ්ඩෝ

මෙරට ඉතිහාසයේ ලොකුම මත්කුඩු වැටලීම කරනු ලැබුවේ නාවික හමුදාවය. අයිස් සහ කෙටමින් නැමැති මත්කුඩු විශාල ප්‍රමාණයක් එහිදී නාවික හමුදාව විසින් සොයා ගත්තේය. ඒ අතර තිබුණු අයිස් නැමති මත්ද්‍රව්‍යය ද විශාල ප්‍රමාණයක් හසු විය. මිල අධික මෙම මත්ද්‍රව්‍යය කිලෝ හැටකට වැඩි ප්‍රමාණයක් නාකොටික් කාරයන් විසින් හොරෙන් පන්නා විකුණා තිබුණු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා ගත්තේය. නාවික හමුදාව අල්ලාගත් මෙම අයිස් තොගය පන්නා ඇත්තේ මත්ද්‍රව්‍ය කර්යාංශයේ ගබඩාවෙනි.

කොවිඩ් නිසා රට ලොක් ඩවුන් වී තිබුණු අවස්ථාවේ දී මහබාගේ හාල්ගෝනි ඇතුළේ සඟවා තිබියදී සොයා ගත් හෙරොයින් කිලෝ ග්‍රෑම් දෙසීයකට ආසන්න ප්‍රමාණයෙන් කිලෝ 50කට වැඩි ප්‍රමාණයක් මේ නාකොටික් කාරයන් විසින් මුල් අවස්ථාවේදීම පන්නා පාතාලයන්ට අලෙවි කර තිබිණි. මෙම මත්කුඩු වැටලීමේ කතාවත් මුළුමනින්ම රට ඇන්දවීමක් බව හෙළිදරව් විය. ඒ කතාව පෙළ ගැසෙන්නේ මෙසේය.

මහබාගේ සංදර්ශනය

මේ මත් කුඩු තොගය එන්නේ පකිස්තානු ජාතිකයන් පිරිසක් විසින් මෙහයවන ලද ඉරාන නෞකාවකිනි. ගනුදෙනුව සිදුවන්නේ අන්තර්ජාතික මුහුදු තීරයේ දී ය. දකුණු මුහුදු තීරයෙන් ඒ ගනුදෙනුවට යන්නේ කුඩු ජාවරම්කරුවන් පිරිසක් සමග පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ද “ජාවාරම්කාර“ කණ්ඩායමකි.

දැන් විමර්ශන වලදී හෙළි වන පරිදි මෙම ගනුදෙණුවේ දී කිලෝ එකකට වැඩි බරක් ඇති මත්කුඩු පැකට් 243 ක් ජාත්‍යන්තර ජාවාරම්කරුවන් විසින් මෙම පිරිසට ලබා දී තිබේ. එම මත්කුඩු තොගය ගොඩබා ඇත්තේ බලපිටිය ප්‍රදේශයෙනි.

ගොඩබෑමෙන් පසු එම පැකට්වලින් පැකට් 43 ක් ඉවත්කර ඇත. අත්අඩංගුවේ සිටින නාකොටික් කුඩ්ඩන් එම හෙරොයින් පැකට් තොගය ඔවුන්ගේ වාහනවලින් කොළඹට ප්‍රවාහනය කර ජාවාරම්කරුවෙකුට ලබාදී මුදල් ගෙන තිබේ.

මාසයකට ආසන්න කාලයක් තිස්සේ ඔවුන්ම තැන තැන සඟවා තබමින් අවසානයේදී හාල් ගෝනි තුළ බහා මහබාගෙට රැගෙන විත් ඔවුන් විසින්ම වැටලීමක් කර අත්අඩංගුවට ගන්නේ මේ ඉතිරි හෙරොයින් පැකට් 200ය. එම පැකට් 200 තුළ හෙරොයින් කිලෝ 226 ක් පමණ තිබිණි.

එදා එම හොරොයින් සමග පකිස්තානයේ සිට ගිනි අවි 05 ක් ද පැමිණ තිබිණි. එම අවි 05 නිලධාරීන් විසින් බෙදාගෙන ඇති බවට තොරතුරුද වාර්තා විය. එම අවිවලින් එක් අවියක්ද මේ වන විට සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත.

මේ විලිලජ්ජා නැති නාකොටික් කුඩු ජාවාරම් කරුවන් අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ මත්කුඩු ජාවාරම් කරුවන් සමග මෙම මහාපරිමාණ ජවාරම කරගෙන ගොස් තිබුණේය. අත්අඩංගුවට ගත් කුඩු තොග මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වෙනුවෙන් පැන්නීම, ඒවා අලෙවි කිරීම, මතු නොව උන් වෙනුවෙන් කුඩු ප්‍රවාහනය ද මේ පිරිස සිදු කළහ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනට හෙළි කරගෙන ඇති ආකාරයට මෑතක දී මාතර සිට කොළඹට කුඩු කිලෝ සීයක් ප්‍රවාහනය කර දී මුන් රුපියල් ලක්ෂ 130ක් ලබාගෙන තිබිණි.

පැන්නූ මත් කුඩු අලෙවිය

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පන්නන මත්ද්‍රව්‍ය අලෙවිකර ඇත්තේ කොළඹට නුදුරු ප්‍රෙද්ශයක සිටින ජාවාරම්කරුවෙකුටය. මේ වන විට ඔහු පළාගොස් සැඟව සිටින්නේය. මත්කුඩු කිලෝ 100 ක මුදලක් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ඔහුගෙන් ලැබීමට තිබෙන බවද විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේය.

මේ වනවිට මත්කුඩු ජාවාරම් කරන මේ නාකොටික් කාරයන්ගේ වත්කම් විමසීම අරඹා තිබේ. එම නිලධාරීන්ගේ වත්කම් සම්බන්ධයෙන් මේ වන විට වෙනම විමර්ශණයක් සිදුවෙමින් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

කුඩු ජාවාරමකුගේ උගුල

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් මේ ආකාරයට මත්කුඩු ජාවාරමට මෙහෙයවා ඇත්තේ දැනට බන්ධනාගාරගතව සිටින මාකඳුරේ මධුෂ් හා ඩුබායි හි වෙසෙන ලංකාවේ අංක එකේ කුඩු ජාවාරමෙක් වන කිරුළපනේ මොරිල් බව කෙරෙන විමර්ශනවලින් අනාවරණය වෙමින් ඇත. පසුගිය වකවානුව පුරාම විශේෂ කාර්ය බලකාය මෙන්ම නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත්තේ මොරිල්ගේ කුඩු තොගය. ඒ සමගම ඔහුගේ ව්‍යාපෘති මෙහෙයවූ හෙංචයියන් බොහෝ දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් විය.

මොරිල් නැමැති මහාපරිමාණ කුඩු ජාවාරම් කාරයා සූක්ෂම හැසිරීමක් ප්‍රකට කරන්නෙක් බව හඳුනාගෙන තිබේ. මේ තැනැත්තාගේ ඉලක්කය වී ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ දුර්වල මිනිසුන්ය. මේ නිලධාරීන් පිරිස සියුම් ලෙස වසඟයට ගෙන ඔවුන් ලවා මෙම ජාවාරම කරවා අවසානයේ දී ඔවුන් හසුකර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කුඩු පට්ට්ම් කිරීමේ සැලසුම පිටුපස කුඩු මොරිල් නැමැති අපරාධකරු සිටින බව මේ වනවිට කෙරෙන විමර්ශනවලින් අනාවරණය වෙමින් තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පොලිස් මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන් හෙළිදරවු වීමත් සමගම ඔවුන් පිළිබඳ මෙතෙක් පැවති විශ්වාසය බිඳ වැටීම ප්‍රයෝජනයට ගෙන මේ ජාවාරම් කරුගේ ඊලඟ ඉලක්කය සිය ගෝලයන් නෛතිකව එම වැරදිවලින් නිදහස් කර ගැනීමය. ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සලසා ගැනීමට ඔහු මේ වනවිට සිය සියලු ශක්තිය යොදවා ඇති ආකාරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා වේ.

නාකොටික් එක විනාශ කළ අපරාධය

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පොලිසියේ තිබුණු දේවාලයක් වැනි තැනකි. වර්ෂ 1973 දී එය ආරම්භ වූ තැන එතෙන්ට පත් වූයේ වෘත්තිකයන්ය. සිය සේවාව ජීවිතය දෙවෙනි කොට සැලකූ ප්‍රතිපත්ති ගරුක මිනිසුන්ය. ජාතියේ අනාගතය පිළිබඳ අප්‍රමාණ වගකීමක් සහිත මේ ආයතනය අම්බලමක් වූයේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මේ ස්ථානයට පත් වූ අවස්ථාවේ සිටය. පොලිස්පති සිහිනය සැබෑ කරගන්නට මාධ්‍ය සංදර්ශන පවත්වන විකට මඩුවක් බවට මත්ද්‍රව්‍ය කාර්යාංශය පත් විය. ප්‍රතිපත්ති ගරුක වෘත්තිකයන් ඒ තැන් වලින් විසිවී ප්‍රධානියාගේ හෙංචයන් කාර්යාංශයට අරක් ගත්තේය. මේ ආකාරයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය දුර්වල මිනිසුන් අරක් ගන්නා අම්බලමක් වූ විට එතැන ඕනෑම පෙරේතයෙකුට පිණුම් ගැසිය හැකි පිට්ටනි හැදුනේය.

මාධ්‍ය හරහා අල්ලපු කුඩු කිලෝ ගණන් කියැවුනේය. කිලෝ එක කෝටියකට ඇස්තමේන්තු වුනේය. ඒත් කුඩු ග්‍රෑම් එක කුඩ්ඩන් සිල්ලරට ගත්තේ රුපියල් පන් දහසකටය. සිල්ලරට විකිණුවත් කිලෝ එක ලක්ෂ පනහකට වැඩි වූයේ නැත. ඒ සමගම කුඩු අල්ලන ප්‍රමාණයට සමාජයේ කුඩු හිඟ වුනෙත් නැත. ලොක් ඩවුන් කාලයේ දී රුපියල් දාහේ කෑල්ල රුපියල් දෙසීයට ගත් කුඩ්ඩෝ සිටියහ. මේ සියල්ල හරහා සිදුවුනේ රටේ ඉහළම බලධාරීන් හා ප්‍රතිපත්ති සම්පාදකයන්ව අන්දවා ඔවුන්ට මෝඩ චූන් ලබා දීමය. මේ පිළිකුල් සහගත යථාර්ථය නැට්ටටම පත්තු වී ඇත්තේ ඒ අශික්කිත කෙලියේ අවසානය ය.

මේ වනවිට ජාවාරමට සම්බන්ධ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයෙක් පළාගොස් ඇත. ඔහු මත්කුඩු ජාවාරමේ මහමොළකරුවෙක් බව කියැවුනේය. අනාවරණය වන ආකාරයට ඔහු පළාගොස් ඇත්තේ ඔහු සතුව තිබුණු හෙරොයින් කිලෝ 25 ක්ද රැගෙනය. ඔහුව අත්අඩංගුවට ගැනීමට දැන් වෙනත් මෙහෙයුමක් අරඹා ඇත්තේය.

එක අතකට මේ හෙළිවෙමින් ඇත්තේ අමුතු කතාත් නොවේ. ලොක් ඩවුන් වකවානුවේ ගම්පහ නයිවල මාලිගාතැන්න අවට අඩුවක් නැතිව කුඩු බෙදන්නේ නාකොටික් එකේ එකෙක් බව ලංකාසර වෙබ් අඩවියට කීවේ කුඩු වලට ඇබ්බැහි වූ තරුණයෙකි. දැන් ඒ කුඩුකාර තරුණයා කී ඇත්ත ලොකය ඉදිරියේ හෙළි දරව් වී තිබේ. මීට වඩා අශික්කිත තැනකට පොලිසියට වැටෙන්නට බැරිය. අවසානයේ දී කුඩ්ඩෙකුගේ සැලසුමකට හසුවී නාකොටික් එක කුඩු පට්ටම් වී ඇත්තේය. උහු දෙකොනින් සිනා සෙමින් සිටිති. මේ ව්‍යසනයේ නටබුන් අතරින් නැවත නැගී සිටීමට තරම් ප්‍රතිපත්තියක් සහිත වැදගත් මිනිසුන් පිරිසක් දැන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අවශ්‍යය.

Tags: නවතමවිශේෂ
Share680Tweet43
Previous Post

“ඇත්ත නැත්ත ඉදිරියේදී දැනගන්න ලැබේවි”

Next Post

රනිල්ගෙන් පැය 3ක් CIDය ප්‍රශ්න කරයි

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.