හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැය 3ක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
ඒ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය 5 වැනි පටුමඟේ පිහිටි ඔහුගේ නිවසේදීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් 4 දෙනෙකු අද පස්වරු 4.30 සිට පස්වරු 7.30 පමණ වනතෙක් මෙම ප්‍රකාශය සටහන් කරගෙන තිබේ.
මීට පෙර රනිල් වික්‍රමසිංහ මහතා එම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දුන් ප්‍රකාශය මත පිහිටා අද දිනයේ ද තොරතුරු සටහන් කරගෙන ඇතැයි වාර්තා වේ.
රනිල් වික්‍රමසිංහ මහතා තව සුලු මොහොතකින් අලුත්කඩේ ප්‍රදේශයේ ජනහමුවකට සහභාගී වීමට නියමිතය.