බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කිසිසේත් විශ්වාස කළ නොහැකි ලියවිල්ලක් සමග පාස්කු ප්‍රහාරය විකල් කරන දේශපාලන කොන්ත්‍රාත් කරන්න එපා… කාදිනල් තුමෝ ගම්මන්පිලට දන්වති!

by editor
ඔක්තෝබර් 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

මේ වනවිට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදයගමන්පිල නටන නිර්දය දේශපාලන නාඩගම පසුපස ඇත්තේ  පාස්කු ප්‍රහාරයේ සැබෑ අපරාධකරුවන් සොයන වැඩපිළිවෙළ කඩාප්පල් කිරීමේ පහත් කෙන්ත්‍රාත්තුවක් බවත් තමන් කිසිසේත් විශ්වාස නොකරන දේශපාලන අවශ්‍යතාම මත පත් කළ කමිටුවකින් ඉදිරිපත් කළ ලියැවිල්ලක් ඉදිරිපත් කරන රඟන මේ ගොබ්බ රංගනවලට තවදුරටත් ජනතාව මුලා කළ නොහැකි බව තේරුම්ගෙන විමර්ශන නිසි පරිදි කරගෙන යෑමට ඉඩ දෙන ලෙසත් දන්වමින් කොළඹ අග රදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් නිවේදනයක් නිකුත් කර තිබේ.

අද නිකුත් කළ එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.  

පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳ විමර්ශන අරබයා
දැනට උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව
කොළඹ අගරදගුරු පදවිය වෙනුවෙන් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත්
හිමිපාණන් විසින් නිකුත්කරන ලද මාධ්‍ය නිවේදනය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මා විසින් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය හා සම්බන්ධ කරුණු දෙකක් පිළිබඳව සොයා බැලීමට, පත් කරන ලද කමිටු දෙකක, වාර්තා දෙකක් පිළිබඳව මේ දිනවල ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කතා බහක් නිර්මාණය වී තිබෙන බව පෙනී යයි.

එම කමිටු දෙක වන්නේ
1. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට පෙර ඒ පිළිබඳව ලැබී තිබු බුද්ධි තොරතුරු පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි අංශයේ (CNI) ප්‍රධානියා සහ අනෙකුත් අදාළ බලධාරීන් විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඒ. එන්. ජේ. ද අල්විස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද ත්‍රිපුද්ගල කමිටුව ද

2. බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව ඔස්සේ විකාශය කරන ලද වාර්තා වැඩසටහන මගින් එළිදරව් වූ කරුණු පිළිබඳව සොයා බැලීමට, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම් මහත්මාණන්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුව ද ය.

මෙම කමිටු විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මාට ලබා දුන් වාර්තා අතරින් ඒ. එන්. ජේ. ද අල්විස් කමිටු වාර්තාව හිටපු ජනාධිපති ලේකම් විසින් 2024 සැප්තැම්බර් 18 දින ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුවේ සභාපති අති උතුම් හැරල්ඩ් ඇන්තනි හිමිපාණන් වෙත ලබා දී තිබේ. එම වාර්තාව සමග එවු ලිපියේ සඳහන් කර ඇත්තේ. එම වාර්තා ‘රහසිගත’ (confidential), වාර්තා බවයි. ඒ හේතුව නිසා එම වාර්තාවල අඩංගු කරුණු කිසිවක් කතෝලික සභාව විසින් මේ දක්වා චළිදරව් කිරීමෙන් වැළකී සිටි බව මෙහිලා අවධාරණය කරමු. එහෙත්, වැනල් ෆෝ නාලිකාව ඔස්සේ විකාශනය වූ වැඩසටහනේ දී හෙළිදරව් වූ කරුණු පිලිබඳ සොයා බැලීමට පත් කළ එස් අයි. ඉමාම් කමිටුවේ වාර්තාව මේ දක්වා අප වෙත ලැබී නැත.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

හිටපු ජනාධිපතිවරයා විසින්, ජනාධිපතිවරණයට පෙර, එම වාර්තා නීතිපතිවරයා වෙත යවා ඇති බව, හිටපු ජනාධිපති ලේකම්වරයා විසින් තමන්ට දැනුම් දුන් බව ජනාධිපති අනුර කුමාර මහත්මා පසුගිය දා කටුනායක පැවැති මැතිවරණ රැළියක දී ප්‍රකාශ කළ බව ද මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ. එස්. ජේ. ද අල්විස් වාර්තාව පිළිබඳව අපගේ මතය

1. මෙම වාර්තාවේ අන්තර්ගත වන්නේ, පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ඒ පිළිබඳව ලද බුද්ධි තොරතුර පිළිබඳව වගකීම් විරහිතව ක්‍රියා කළ නිලධාරීන් කිහිප දෙනෙකු පිළිබඳ විමර්ශනයන් සහ කමිටුවේ නිර්දේශය.

මේ කරුණ පිළිබඳව ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව මගින් ද අදාළ පුද්ගලයින් ගණනාවකගේ සාක්ෂි කැඳවා ඒවා පිළිබඳ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අදාළ නිලධාරීන් ගණනාවකට විරුද්ධව නිර්දේශ ඉදිරිපත් කර ඇති බව දැන් බොහෝ දෙනෙකු දන්නා කරුණකි.

ඒ. එස්. ජේ. ද අල්විස් කමිටුව විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කර ඇති නිලධාරීන් බොහෝ දෙනකු, ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව මගින් නිර්දේශ ඉදිරිපත් කොට ඇති නිලධාරීන්ම ය. එහෙත්, අපරාධ විමර්ශන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස්පති, රාජ්‍ය ආරක්ෂාව සහ සාමය අමාත්‍යාංශයේ වත්මන් ලේකම් රවි සෙනෙවිරත්න සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහත්වරුන් පිළිබඳ විමර්ශන සහ නිර්දේශ මේ කමිටුව විසින් තම වාර්තාවට එක්කොට තිබේ.

ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව ද රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන නිලධාරීන් කැඳවා, ඔවුන්ගෙන් සාක්ෂි විමසා ඒ සාක්ෂි විමර්ශනය කර තිබුණ ද, වගකීම් පැහැර හැරීමේ චෝදනා සහ නිර්දේශ ඔවුන්ට එරෙහිව ඉදිරිපත් කර නැති බව ද මෙහිලා සඳහන් කළ යුතුය.

මේ නයින් ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව විසින් මේ කාරණය පිළිබඳව විමර්ශනය කොට ඉදිරිපත් කර තිබූ එකම නිර්දේශයක්වත් ක්‍රියාත්මක කිරීමට කිසිදු උනන්දුවක් නොදැක් වූ හිටපු ජනාධිපතිවරයා විසින් ඒ සඳහාම තවත් අලුත් කමිටුවක් පත් කිරීමේ එකම පරමාර්ථය වූයේ රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන නිලධාරීන් දෙදෙනාගේම නම් මේ ලැයිස්තුවට ඇතුළත් කර ඔවුන්ට විරුද්ධව දේශපාලනික පළිගැනීමක් කිරීමදෝ යයි අපට සැකයක් ඇත.

2. ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව මාස 18 ක් විමර්ශන සිදු කළේය. එහෙත්, ජයික් ද අල්විස් කමිටුව සියලු විමර්ශන මාස 3 කින් නිමා කර තිබේ. ජනාධිපතිවරණයට පෙර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මාට වාර්තාව ලබා දීමට ජයික් ද අල්විස් කමිටුවට තිබූ හදිසිය සහ උනන්දුව මෙයින් පෙනී යයි.
සාක්ෂිකරුවන් කිසිවකුගෙන් හරස් ප්‍රශ්න ඇසීමට කිසිදු නීතිඥයකුට ඉඩ ලබා දී නැත. සාක්ෂිකරුවන් වෙනුවෙග් පෙනී සිටීමට ද කිසිදු නීතිඥවරයකු ට අවසර දී නැත.

ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ දී කතෝලික සභාව නියෝජනය කිරීමට නීතීඥවරුනට අවස්ථාව ලබා දී තිබුණ ද, ජයික් ද අල්විස් කමිටුව ඒ අවස්ථාව අපට ලබා නොදුන්නේ ය. මෙම කමිටු ක්‍රියාකාරකම් පොදු ජනතාවට හෝ ජනමාධ්‍යයට විවෘත කර නොතිබිණි. එය දොරගුළු දැමූ කුටියක් තුළ සිදුවූ විමර්ශනයක් බඳු විය.

මේ සියලු කාරණා දෙස බලද්දී ජයකි ද අල්විස් කොමිටියේ කිසිදු විනිවිද බවක් හෝ සාධාරණ බවක් කිසිදු ලෙසකින් අපි නොදකිමු. එවන් විනිවිද බවකින් සහ සාධාරණාත්වයකින් තොර පරිසරයක් තුළ ලියැවී ඇති මෙම කමිටු වාර්තාව අපි පිළි නොගන්නා අතර එය තරයේ ප්‍රතික්ෂේප කරමු.

3. ජයකි ද අල්විස් හිටපු මහාධිකරණ විනිසුරුවරියට මේ කමිටුවේ ප්‍රධානත්වයට පත් කිරීම ද එක්තරා ආකාරයකින් ගැටලූ මතු කරන කාරණයකි. ජයකි අල්විස් ද විනිසුරුවරිය
යනු එවකට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසන්න ද අල්විස් මහත්මාගේ සොහොයුරියයි. සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු සංස්කාරක ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ පරීක්‍ෂණ නොමග යවන්නට කටයුතු කළ බවට ඔහුට විරුද්ධව චෝදනා නැගී ඇති අතර, ඒ පිළිබඳව හේතු දැක්වීමට අපොහොසත් වීම හේතුවෙන් එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහත්මා විසින් පොලිස්පතිවරයාට ලිපියක් යවමින්, දෙපාර්තමේන්තු නියෝග නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ප්‍රසන්න අල්විස් මහත්මාට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලා සිට ඇති අතර, සාක්ෂි වසන් කිරීම හා විනාශ කිරීම යටතේ ඔහුට විරුද්ධව අපරාධ නඩුවක් පැවරීය හැකි ද යන්න පිළිබඳවම සොයා බලන මෙන් සෙනෙවිරත්න මහත්මා නීතිපතිවරයාගෙන් ද ඉල්ලීමක් කර තිබේ. ඒ කිසිවක් මේ දක්වා ම ක්‍රියාත්මක වූ බවට තොරතුරු නැත.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදු කිරීමේ වගකීම වත්මන් රජය විසින් පවරා ඇත්තේ රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන නිලධාරීන් දෙදෙනා වෙතය. එපමණක් නොව, දැනට යට ගසා ඇති ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු දේශපාලන ඝාතන ගණනාවක විමර්ශන කටයුතු නැවත ආරම්භ කොට අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමේ මූලික වගකීම් පවරා ඇත්තේ ද මේ නිලධාරීන් දෙදෙනාට ය.

මෙවැනි තත්වයක් තුළ, ඝාතන විමර්ශනයන්හිදි සාක්ෂි වසන් කිරීම හා විභාග කිරීම පිළිබඳව අපරාධමය චෝදනා ලබා සිටින ප්‍රසන්න අල්විස් මහත්මාගේ සොයුරිය වන ජයකි ද අල්විස් මහත්මියට මෙම කමිටුවේ ප්‍රධානියා ලෙස පත් කිරීමෙන් ලබැඳියාවන් අතර ගැටුමක් නිතැතින් ම මතු වන බව පැහැදිලි කරුණකි.

එහෙයින් එවැන්නකු ප්‍රධානත්වය දැරූ කමිටුවක් විසින් ඉදිරිපත් කරන වාර්තාවක් අපක්ෂපාතී සහ ස්වාධීන වාර්තාවක් ලෙස පිළිගැනීමට අපට කොහෙත්ම හැකියාවක්
නැත. එ‌හෙයින් අපි මෙම වාර්තාව මුළු මගින් ම ප්‍රතික්ෂේප කරමු.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල නාටකය පිළිබඳ අපගේ මතය

ඉහත කී වාර්තා දෙක තමන්ට යමකු විසින් තැපෑලෙන් එවූ බවත් වත්මන් ජනාධිපතිවරයා එම වාර්තා ජනගත නොකරන නිසා තමන් එම වාර්තා දෙක ජනගත කරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහත්මා දින කිහිපයකට පෙර මාධ්‍යයට ප්‍රකාශ කළේ ය. ඒ අනුව ඔහු විශාල ඝෝෂාවක් නගා, රංගනයක් ඉදිරිපත් කොට ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මේ වාර්තා පිළිබඳව කරුණු ඉදිරිපත් කළේ ය.

  • පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන් අද වීරයකු ලෙස පෙනී සිටිමින් ඔවුන් වෙනුවෙන් මහා වේදනාවකින් සහ කම්පනයකින් කතා කරන උදය ගම්මන්පිල මහත්මා එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජයේ කැබිනට් අමාත්‍ය ධුරයක් දැරීය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අතට පත් වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව ජනගත කරන ලෙස දිගින් දිගටම ඉල්ලීම් කරද්දී ඔහු ඒ වෙනුවෙන් කිසිවිටෙක ඉදිරිපත් වී හඬ නැගුවේ නැත.
  •  ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට තිබියදීත් තම වගකීම් පැහැර හැරිය බවට චෝදනාවට ලක්කොට, ඔවුන්ට එරෙහිව නිර්දේශ ඉදිරිපත් කොට තිබූ උසස් පොලිස් නිලධාරීන් (උදා: හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැනි) එම ධූරවලින් ඉවත් කළ යුතු යැයි උදය ගම්මන්පිල මහත්මා කිසිවිටෙක ප්‍රකාශ නොකළ අතර ගෝඨාභය රාජපක්ෂ රජය සහ රනිල් වික්‍රමසිංහ රජය විසින් ඔවුන්ට උසස්වීම් ලබා දීමේ දී උදය ගම්මන්පිල මහත්මා කරබාගෙන නිශ්ශබ්දව සිටියේ ය.
  • හිටපු ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහත්මා විසින් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ අඩංගු ක්‍රියාමාර්ග පිළිබඳ කරුණු සහ නිර්දේශ ගැඹුරින් අධ්‍යයනය කිරීමට හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහත්මාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද සය පුද්ගල කොමිටියේ ද උදය ගම්මන් පිල මහත්මා සාමාජිකයකු විය. අප දන්නා තරමින් එම කොමිටි වාර්තාව කිසි දිනෙක පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවීය. එම කොමිටිය වාර්තාවක් සකස් කළේ ද, එසේ නම් එය හිටපු ජනාධිපතිවරයාට බාර දුන්නේ ද යන්න මේ දක්වා ජනතාවට ප්‍රකාශ කර නැත. අද පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයින් පිළිබඳව කිඹුල් කඳුළු හෙලමින්, සැඟවූ වාර්තා පිළිබඳව ඝෝෂාකාරී නාටක රඟන උදය ගම්මන්පිල මහත්මා, එදා තමන් සාමාජිකයකු වූ මෙම පාර්ලිමේන්තු අධීක්‍ෂණ කමිටුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව හෝ ජනගත නොකළ එම කමිටු වාර්තාව පිළිබඳව හෝ වචනයක්වත් කතා නොකර නිහඬව සිටියේ ය.
  • පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාරය සිදුවන අවස්ථාවේ සිට අවසන් පාර්ලිමේන්තුව දක්වාම පාර්ලිමේන්තුවේ ඇමතිවරයකුව, මන්ත්‍රීවරයකුව සිටි උදය ගම්මන්පිල මහත්මා, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ඝාතනයට ලක් වූ සහ රෝගාතූර වූ මෙරටේ සියලු ජාතීන්ට, සියලු ආගම් වලට අයත් අහිංසක දූ දරුවන් සහ මිනිසුන් වෙනුවෙන්, එහි සත්‍යය සොයා, යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් මේ දක්වාම කිසිදු හඬක් නොනගා, නිශ්ශබ්දව සිට, හිටි හැටියේ ම නින්දෙන් ඇහැරුනා සේ රඟන්නට පටන් ගෙන ඇත්තේ කුමක් අරමුණු කරගෙන දැයි මේ රටේ බුද්ධිමත් ජනතාව හොඳින් අවබෝධ කරගෙන තිබෙන බව අපට සැක නැත.

වත්මන් ජනාධිපතිවරයා ඇතුළු නව රජය විසින් පාස්කු ඉරිද්‍ර ප්‍රහාරය සහ තවත් ම්ලේච්ඡ දේශපාලන ඝාතග ගණනාවක විධිමත් පරීක්‍ෂණ සිදු කිරීම ආරම්භ කොට තිබීම නිසා හීතියට පත්ව ඇති අපරාධකරුවන් ආරක්ෂා කිරීම සඳහා එම පරීක්ෂණ කඩාකප්පල් කිරීමේ කොන්ත්‍රාත්තුවක් උදය ගම්මන්පිල මහත්මා විසින් සිදු කරන්නේ ද යන සැකය අප තුළ මෙන් ම මේ රටේ බුද්ධිමත් පොදු මහජනතාව තුළ ද ඇති වෙන බව අපි දනිමු.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන් කිඹුල් කඳු හෙළා ඔවුන්ට යුක්තිය ඉටු කර දීම වෙනුවෙන් ජීවිතය පූජා කරන්නට තමන් සුදානම් යැයි ප්‍රෝඩාකාරි වීරකමක් පෙන්වා ළඟ එන මහ මැතිවරණයේ දී ඡන්ද දායකයින් රවටා ඡන්දය ලබා ගැනීමේ මහා වංචාකාර් උත්සාහයක උදය ගම්මන්පිල මහත්මා නියැලෙන බව ඉතාම පැහැදිලිය.

එහෙත් මේ රටේ ජනතාව ගම්මන්පිල මහත්මා සිතනවාට වඩා බොහෝ බුද්ධිමත් බව අපි විශ්වාස කරමු. උදය ගම්මන්පිල මහත්මා වැන්නන්ගේ මෙම නාටකයේ යටි අරමුණ කුමක්දැයි අවබෝධ කර ගැනීමට ඔවුන් සමත් බව අපි විශ්වාස කරමු.

අපගේ අවශ්‍යතාවය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මා විසින් යටි අරමුණු සහිතව පත් කළා යැයි අපට හැඟී යන පිළිගත නොහැකි කමිටු මගින් ඉදිරිපත් කර ඇති වාර්තා මගින් සහ උදය ගර්මන් පිල මහත්මා වැන්නවුන්ගේ නිරර්ථක රංගනයන් ඔස්සේ පාස්කු ඉරිද්දා ම්ලේච්ඡ ප්‍රහාරයේ පසුපස තිබෙන කුමන්ත්‍රණයේ සත්‍යය සොයා ගැනීමට හෝ එම සැබෑ අපරාධ කරුවන් සොයා ඔවුන් නීතිය ඉදිරියට පමුණුවා ලීමට හෝ එමගින් වින්දිතයින් හට යුක්තිය ඉටු කිරීමට හෝ කෙසේවත් නොහැකි බව අපගේ දැඩි විශ්වාසයයි.

ඒ සඳහා අවශ්‍ය වන්නේ :

  1.  හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මා ජනාධිපති ලෙස දිවුරුම් දී තුන් දිනකින් එවකට පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව මූලික විමර්ශන බාරව කටයුතු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහත්මාට ස්ථාන මාරුවක් ලබා දී පසුව එම විමර්ශන කටයුතු වල නියැලී සිටි විමර්ශන හිලධාරීන් 20 කට අධික පිරිසකට ද ස්ථාන මාරු ලබා දීමෙන් ඇණ හිටි විමර්ශන, අපක්ෂපාතීව, ස්වාධීනව විනිවිද පෙනෙනාකාරයෙන් ඉදිරියට ගෙන යාම.
  2.  ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ ඇති ඇතැම් හිඩැස් සහ අඳුරු තැන් පිළිබඳ වැඩිදුර විමර්ශන පැවැත්වීම.
  3. ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව එළිදැක්වීමෙන් කාලයකට පසුව එළිදරව් වූ තොරතුරු (උදා: දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුමෙන් පිටතට පැමිණි සැක සහිත ලොරිය පිළිබඳව, චැනල් ෆෝ නාලිකාව ඔස්සේ විකාශය වූ වාර්තා වැඩසටහන තුළ එළිදරව් වූ සංවේදී තොරතුරු ආදිය) පිළිබඳව විධිමත් අපක්ෂපාතී සහ විනිවිද බවින් යුතු විමර්ශන සිදු කිරීම.
  4. ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම. මේ මහා මිලේච්ඡ ප්‍රහාරය පිටුපස ඇත් තේ දේශපාලන බලය ලබා ගැනීමේ තිරිසන් කුමන්ත්‍රණයක් බව අප මෙන් ම මේ රටේ යුක්තිගරුක සහ සාධාරණ අතිශය බහුතරයක් ජනතාව ද විශ්වාස කරන බව පැහැදිලි කරුණුකි. මේ මහා අපරාධකරුවන් හෙළිදරව් කරගෙන, ඔවුන් නීතිය ඉදිරියට පැමිණවීම හුදෙක් පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය සහ සාධාරණය ඉටුකිරීමක් පමණක් නොවේ.

මේ රටේ කාලයක සිට ක්‍රියාත්මක වන කුරීරු ඝාතන දේශපාලන සංස්කෘතිය සම්පුර්ණයෙන් ම වෙනස් කොට, අප ආදරණීය මව් බිම තුළ විනාශවී ඇති නීතියේ ආධිපත්‍යය යළිත් ස්ථාපිත වනු දැකීම අපගේ අපේක්ෂාවයි.

එහෙයින් පාස්කු ඉරිදා ප්‍රහාරයේ මෙන් ම අනෙකුත් දේශපාලන ඝාතන පිළිබඳ විමර්ශන සිදුකිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් අදාළ ආයතනයන්ට බාර දී තමන්ගේ වගකීම පමණක් ඉටු කරන්නැයි අපි සියලු දේශපාලකයින්ගෙන් සහ ඔවුන්ගේ සහචර නිලධාරීන්ගෙන් අවධාරණයෙන් යුතුව ඉල්ලා සිටිමු.

මැල්කම් කාදිනල් රංජිත්
කොළඹ අගරදගුරුතුමා

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශානිටයි රවීට යි කිසිම දෙයක් වෙන්නෙ නෑ… ගම්මන්පිල උස්සන් යන රනිල්ගේ කමිටුවේ නිරුවත විජිත හෙළි කරයි

Next Post

16 හැවිරිදි දැරිය ගුරු නිවාසයට රැගෙන ගොස් විටින් විට දූෂණය කළ තරුණ පාසල් ගුරුවරයෙක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.