බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශානිටයි රවීට යි කිසිම දෙයක් වෙන්නෙ නෑ… ගම්මන්පිල උස්සන් යන රනිල්ගේ කමිටුවේ නිරුවත විජිත හෙළි කරයි

by editor
ඔක්තෝබර් 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිතරත්න සහ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර එම තනතුරුවලින් ඉවත් කිරීමේ කිසිම තීරණයක් නැතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් අද (22) පැහැදිලිවම ප්‍රකාශ කළේය. ඒ අද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාව අමතමිනි. 

ගර්හිත ඉතිහාසයක් සහිත මහාධිකරණ විනිසුරුවරියකගේ සභාපතිත්වයෙන් පත්කළ දේශපාලන දඩයම් සපුරා ගැනිම සඳහා කැඳවූ කමිටු වාර්තාවක් ඉදිරිපත් කරමින් උදය ගම්මන්පිල නටන්නේ අතාර්කික අලජ්ජි නැටුමක් බවත්, මෙහි නිශ්චිත අවසන් ඉලක්කය පාස්කු ප්‍රහාර විමර්ශනවලින් ශානි අබේසේකර සහ රවී සෙනවිරත්න ඉවත් කිරීම බවත් පැවසූ අමාත්‍ය විජිත හේරත් ඒ උවමනාවලට රජය නතු වන්නේ නැති බව අවධාරණය කළේය.

මෙම ජනාධිපති කමිටුවේ දේශපාලනික ස්වරූපය මෙන්ම එහි සභාපති විනිසුරුවරියවන ජයකි ද අල්විස්ගේ වෘත්තීය ගර්හිත බව ද මේ අවස්ථාවේ දී කැබිනට් ප්‍රකාශක විජිත හේරත් විසින් රටට හෙළි කළේය.

ඔහු මේ හෙළිදරවුව කරමින් සිදුකළ සම්පූර්ණ කතාව මෙසේය.

පාස්කු ප්‍රහාරය පිළිබදව මෛත්‍රීපල සිරසේන මුලින්ම කමිටුවක් පත් කලා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත මළල්ගොඩ, හිටපු පොලිස්පති ඉලංගකෝන් මහත්මයා ප්‍රමුඛව. ඒ කමිටුවේ මූලික විමර්ශන මගින් යම් වාර්තාවක් ඉදිරිපත් කළා.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ඊට පස්සේ පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාරක සභාවක් පත් කළා. ඒ තේරීම් කාරක සභාවත් පාර්ලිමේන්තුවේ විවිධ සාක්ෂිකරුවන් කැඳවලා ඒ අයගෙන් තොරතුරු විභාග කරලා අවසාන වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඒ වගේම හිටපු ජනාධිපතිවරයාම විශේෂ පාර්ලිමේන්තු විමර්ශන කොමිසමක් පත් කළා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහත්මාත් විශ්චයකාරවරු හතර දෙනෙකුත් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීනුත් සහිත පූර්ණ බලතල සහිත කොමිසමක් පත් කළා. දීර්ඝ කාලයක් තිස්සේ සාක්ෂි කැඳෙව්වා. විභාග කළා. ඒ බොහෝ කරුණු සහිත වාර්තාවක් ඉදිරිපත් කළා.

ඉතින් ඒ අතරතුරේ දී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවත් තවත් ආයතනත් මේ පරීක්ෂණ  කටයුතු කරගෙන ගියා. නමුත් දේශපාලන හේතූන් මත පරීක්ෂණ කරගෙන ගිය නිලධාරීන් ඇත්තෙන්ම ගත්තොත් සේවයෙන් පහ කළා. සේවයෙන් ඉවත් කළා. මාරුවීම් කළා. මේ පරීක්ෂණ නිවැරදිව අඛණ්ඩව කරගෙන යන්න දුන්නේ නෑ. ඒක තමයි ඇත්ත කතාව. මේ රටේ මහජනතාව කවුරුත් දන්නවා.

ඒ නිසා තමයි දිගින් දිගටම පාස්කු ප්‍රහාරය විමර්ශනය සඳහා නිවැරදි පරීක්ෂණයක් මේ රටේ ජනතාවත්, විශේෂයෙන් කතෝලික සභාව වෙනුවෙන් කාදිනල් උන්නාන්සේත් දිගින් දිගටම ඉල්ලා සිටියේ.

ඇත්තටම මට මතකයි අවසානයේ සිරිල් ගාමිණි පියතුමා කතෝලික සභාව වෙනුවෙන් කරුණු 16ක් සහිතව විමර්ශනය කරන්න කියලා ඉල්ලීමක් කළා හිටපු ජනාධිපතිතුමාට ඉල්ලීමක් කළා. ඒ කරුණු 16 ගැන හරියට පරීක්ෂණයක් කළේ නෑ.

පොලිස් විශ්‍රාමික සාමුහිකය ගොඩනැගීමෙන් පසු ඇති වූ තත්ත්වය

ඒ කරන්නෙ නැතිව ඔබට මතක ඇති 2024 ජුනි මාසෙ 09 දා මේ දේශපාලන වෙනස්කම් එක්ක ජනාධිපතිවරණයත් ඉලක්ක කරගෙන පොලිස් විශ්‍රාමික සාමුහිකය ගොඩනැගුවා. ඒ පොලිස් විශ්‍රාමික සාමුහිකය දේශපාලන සංවිධානයත් එක්ක පිහිටෙව්වේ.

ඒ විශ්‍රාමික පොලිස් නිලධාරී සාමුහිකය පිහිටුවලා හරියටම දවස් තුනකට පස්සේ, එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ අරමුණ විදිහට කියලා තිබුණේ මේ පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනයේ දී නිලධාරීන්ගේ පැත්තෙන් යම් අතපසු වීමක් වුනා ද,  එහෙම නැතිනම් යම් ප්‍රමාදයක් වෙලා පරීක්ෂණයේ අඩුපාඩුවක් වුනා ද කියලා සොයලා බලන්නත්, විශේෂයෙන්ම වව්නතිව් සිද්ධිය සම්බන්ධයෙන් ඒ පරීක්ෂණය කරන්නත් කියලා.

ඉතින් හරි පැහැදිලියි මේ පත් කරපු කමිටුව. කෑගල්ල මහාධිකරණයේ හිටපු විනිසුරුවරියක්වන ජයිකි ද අල්විස් මහත්මිය, එතුමියත් ධීවර අමාත්‍යාංශයේ හිටපු ලේකම් නයනා සෝමරත්න මහත්මියත්, තව නීතිඥවරයෙක් එක්ක කමිටුවක් පත් කරලා තිබුණා.

තවත් කමිටුවක් පත් කළා චැනල් ෆෝ නාලිකාවෙන් ප්‍රචාරය වුන වාර්තා වැඩ සටහන ගැන විමර්ශනයක් කරන්න. ඒ පළිබඳව මේ කමිටු දෙකෙන්ම වාර්තා දෙකක් ඉදිරිපත් කරනවා. මේ කමිටු දෙක ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් නෙමෙයි.

ඇත්තටම කියන්නේ ජනාධිපති කොමිෂන් සභාවක් කියන්නේ අර්ධ අධිකරණ බලයක් සහිත කොමිසමක්. මේවා නිකම්කම නිකම් කමිටු. එම කමිටු ජනාධිපතිවරයාට තොරතුරු දැනගන්න වාර්තා ඉදිරිපත් කරනවා.
ඔය විවාදයට ලක් වෙලා තියෙන පාස්කු ප්‍රහාරයේ සුපර් ස්ටාර් වෙන්න උත්සාහ කරන ගම්මන්පිල මහත්මයා උස්සන් දඟලන්නේ මෙන්න මේ වාර්තා දෙක. එහෙම නැතිව පාස්කු ප්‍රහාරය සම්බන්ධව මුලින්ම කෙරුව කොමිෂන් සභා වාර්තා නෙමෙයි.

කවුද මේ කමිටු සභාපති ජයිකි ද අල්විස්

එතකොට මේ වාර්තා දෙකේ යම් යම් කරුණු තියනවා. ඒ අඩංගුව සම්බන්ධව දැන් අපි කරගෙන යන පරීක්ෂණ වලදි ඒවායෙ තියන සාධනීය දේවල් භාවිතයට ගන්නවා.

හැබැයි ඒකෙදි කියන්න ඕන. මේ කමිටු පත් කිරීම පිළිබඳව. මොනවද මේ කමිටු. කවුද ඒවයෙ සභාපතිවරු.

2024 ජූනි 12 වැනිදා මේ කමිටුව පත් කරලා මාස 03ක් ඇතුළත වාර්තාව දෙන්න කියනවා. ඒ කියන්නේ සැප්තැම්බර් මාසේ 15 වැනිදා. කවරුත් දන්නවා සැප්තැම්බර් 21 ජනාධිපති ඡන්දේ.
15 වැනිදා ඉලක්ක කරගෙන කමිටුවක් කැඳවලා වාර්තාවක් ඉදිරිපත් කරනවා සැප්තැම්බර්17 වැනිදා භාර දිලා තියනවා. සැප්තැම්බර් 18 වැනිදා ඒක ලැබුණු බවට ලිඛිත සාධක තියනවා.

මේ කමිටුවට පත් කරලා ඉන්නේ කවුද කියලා ගම්මන්පිල මහත්මයා දන්නේ නෑ. කවුද සභාපති කියලා දැක්කම ලජ්ජා හිතෙනවා.

මේකේ සභාපති කෑගල්ලේ හිටපු මහාධිකරණ විනිසුරු කේ.එන්. ජයකි ද අල්විස් මහත්මිය. දැන් එතුමිය ගිය අවුරුද්දේ 2023 සැප්තැම්බර් 17 වැනිදා විශ්‍රාම ගන්නවා. මේ අවුරුද්දේ සැප්තැම්බර් 17 තමයි මේ වාර්තාව දෙන්නේ.

විශ්‍රාම යන්න කලින් එතුමිය අභියාචනාධිකරණයේ ඇතිවෙච්චි පුරප්පාඩුවකට එතුමිය පත් කරන්න කියලා ඉල්ලීමකුත් කරනවා. ඒ පිලිබඳව අධිකරණ සේවා කොමිසම වාර්තාවක් ලබා දෙනවා.

ඒ වාර්තාවේ ඉතා පැහැදිලිව කියනවා මෙහෙම

“මහාධිකරණ විනිසුර ඒ.එන් ජයකි ද අල්විස් මහත්මිය විසින් ගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන අභියාචනය සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිරීක්ෂණ ඉදිරිපත් කරනි ලෙස ලිපි අංක 03න් කරන ලද ඉල්ලීමට අනුව අධිකරණ සේවා කොමිෂන් සභාව පහත කරුණු වාර්තා කර ඇත.”

“1 ජයකි ද අල්විස් මහත්මිය 1998.07.01 දින අධිකරණ නිලධාරියෙක් ලෙස පත්ව ඇයගේ පරිවාස කාලය තුළ දී එල්ල වූ විෂමාචාර චෝදනා හේතුවෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් 2000.04.27 දින සේවය අවසන් කර ඇති අතර එදිනම ඇය විසින් කරන ලද අභියාචනාවක් සලකා බලා 2000.06.04 දින සේවයෙන් ඉල්ලා අස්වීමට අනුමැතිය ලබා දී ඇති බවය.”

මේ කමිටු වාර්තාව සකස් කළ කොමිසමේ සභාපතිවරිය සේවයට බැඳිලා වසර දෙක්ක යනකොට තරුණ කාලෙදි විෂමාචාර චෝදනා හේතුවෙන් සේවයෙන් ඉවත් කරනවා. පස්සේ ඉවත් කිරිම සම්බන්දව කළ අභියාචනාව සලකා බලලා ඉල්ලා අස්වීමේ ලියුම භාර අරන් තියනවා.

එහෙම ඉල්ලා අස්වෙලා සේවය නැතිව වැඩ කරලා වසර හයකට පස්සේ ඇය නැවතත් නැවත බඳවා ගැනීමක් ලෙස පෙර සේවයේ ජ්‍යෙෂ්ඨත්වය සඳහා කිසිම හිමිකමක් නැතිව 2006.06.01 දින ප්‍රාථමික අධිකරණ විනිසරුවරියක ලෙස පත් කරලා තියනවා.

2 ඉන් පසු ඇය විසින් ජ්‍යෙෂ්ඨත්වය පිළිබඳ අභියාචනා ඉදිරිපත් කර ඇති නමුත් ඇයගේ ජ්‍යෙෂ්ඨත්වය 1998/07/04 දින පත්කළ නිලධාරීන් හා සමව සකස් කළ නොහැකි බව කොමිෂන් සභාව තීරණය කරලා තියනවා.

මේකෙන් ඉතාම පැහැදිලව කියන්නේ වෙන මොකක්වත් නොවෙයි, මේ අධිකරණ සේවයේ මහේස්ත්‍රාත්වරියක් ලෙස පත් වෙලා වසර දෙකක් යනවිටම විෂමාචාර හේතු මත සේවයෙන් ඉවත් කළ කෙනෙක්ව තමයි රනිල් වික්‍රමසිංහ මේ කමිටුවේ සභාපතිවරිය ලෙස පත් කරලා තියෙන්නේ.

එතුමිය තමයි මේ හදිසි කමිටු වාර්තාව ඉදිරිපත් කරන්නේ. මේ කමිටු වාර්තාවෙ පැහැදිලි ඉලක්කය වෙලා තිබුණේ වෙන කවුරුවත් නෙමෙයි. රවී සෙනවිරත්න මහත්මයයි. ශානි අබේසේකර මහමත්මයයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවල ශානි රවි නෑ..

ඉතින් මීට පෙරාතුව මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධීකරණයේ නඩු විභාගයක් පැවැත්වුනා. ඒ නඩු විභාගය අනුව තීන්දු දුන්නා. හිටපු ජනාධිපතිවරයාට විරුද්ධව, නිලන්ත ජයවර්ධනට විරුද්ධව, හිටපු පොලිස්පතිවරයාට විරුද්ධව…. ඒ නඩුවෙ ශානි අබේසේකර මහත්මයාගෙ නමක් සඳහන් වෙලා තිබුණෙ නෑ. ඒ නඩුවේ රවි සෙනවිතරත්න මහත්මයගේ නම සඳහන් වෙලා තිබුනා. නමුත් නඩු තීන්දුවේ කිසිම තැනක,  ශ්‍රේෂ්ඨාධිකරණයේ 07 දෙනෙකුගෙන් යුතු පූර්ණ විනිශ්ඡය මණඩලය විභාග කළ නඩු වාර්තාවෙ රවි සෙනවිරත්න මහත්මයා කිසිම චෝදනාවක වරදකරුවෙක් වෙලා නෑ.

එහෙම තියෙද්දි තමයි මේ හදිස්සියෙ මේ කටයුත්ත වෙන්නේ. විශ්‍රාමික පොලිස් සමූහයෙ කටයුතු ආරම්භ කරපු ගමන් සාගල රත්නායක රවී සෙනවිරත්නව මුණගැහිලි තමන්ගේ කටයුතු වලට සහාය දෙන්න, මෙතනින් ඉවත් වෙන්න කියලා ඉල්ලීමකුත් කරලා තියන තත්ත්වයක් යටතේ තමයි මේ කමිටුවක් පත් කරලා වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ.

දේශබන්දු ගැනත් තියනවා… ගම්මන්පිලට පේන්නෙ නෑ…

ඒ වාර්තාවේ තවත් අය පිළිබඳව සඳහන් කරලා තියනවා. හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්මය පිලිබඳවත් තවත් විවිධ අය පිළිබඳවත් නිර්දේශ කරලා තියනවා. ගම්මන්පිලට ඒව පේන්නෙ නෑ. ඒවා දකින්නේ නෑ.

දැන් මෙච්චර කාලයක් නිදන් ඉඳලා… ඇත්තටම කියනවා නම් පාස්කු ප්‍රහාරය එල්ල වෙලා අවුරුදු කීයක් ගතවෙනව ද?. ඔහු අමාත්‍ය ධූර දැරුවා. විපක්ෂයෙ හිටියා. ඒ කාලේ මොකක්වත් නෑ. මේ උවමනාව කාගෙද කියලා පැහැදිලියි.

මේ නිර්දේශ රජය පිළිගන්නෙ නෑ

මේ නිර්දේශ ඒ විදිහටම අපි පිළිගන්නේ නෑ. දේශපාලන උවමනා මත පත්කරපු, විෂමාචාර චෝදනාවලට ලක් වෙච්චි හිටපු මහාධිකරණ විනිසුරුවරියක් විශ්‍රාම ගියාට පස්සේ පත් කරගෙන රනිල් වික්‍රමසිංහගේ මේ දේශපාලන පලිගැනිමේ ඉලක්ක කමිටුව අපි පිළිගන්නේ නෑ.

අපි රජයක් විදිහට ඉතා වගකීමෙන් යුක්තව මේ කරුණු සහිතව පූර්ණ විමර්ශනයක් සහිත නව පරික්ෂණයක් පවත්වනවා. ඒ පරීක්ෂණයෙන් මේ අසාධාරණයට ලක්වෙච්චි වින්දිතයින්ට සාධාරණය ඉටු කරන්න කටයුතු කරනවා. ඒ සහතිකය අපි මේ රටේ ජනතාවට දෙනවා.

මට කියන්න කණගාටුයි. මේ විනිසුරුවරිය ගැන කියන්න හිටපු දේවල් නෙමෙයි. හැබැයි එතුමිය හිතන්න ඕන මේ වගේ මරාල කරගන්න, අනුන්ගේ පවු කරගන්න ගියාම වෙන තත්ත්වය.

මේ වගේ කමිටුවලින් දෙන වාර්තා අපි කොහෙත්ම පිළිගන්නේ නෑ. ගම්න්පිල මහත්මයා උස්සන් ගියාට අපට කරන්න දෙයක් නෑ. අපි මේ පිළිබඳව අපක්ෂපාතී සාධාරණ පරීක්ෂණයක් කරලා කවුරුහරි නිලධාරියෙක් ඒ වගකීම් පැහැර හැරලා තියනවා නම් අපිට ඒකෙ තරාතිරමක් නෑ. හංගන්න දෙයක් නෑ. අනිවාර්යයෙන්ම ඕනෑම පුද්ගලයෙක් වැරැද්දක් කරලා තියනවා නම් නීතිය ක්‍රියාත්මක කරනවා.

රවීට ශානිට කිසි දෙයක් වෙන්නෙ නෑ

ඉතා පැහැදිලියි. මේ පරික්ෂණ අපක්ෂපාතීව පවත්වාගෙන ගියේ රවී සෙනවිරත්න සහ ශානි අබේසේකර ඇතුළු කණ්ඩායම. ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වෙලා පළවෙනි දඩයම ශානි අබේසේකර මෙතැනින් ඉවත් කරපු එක.

මේ පරික්ෂණවලට බාධා කළේ දේශපාලන අධිකාරිය. අපි එහෙම කරන්නේ නෑ.

ඔය පරීක්ෂණ සම්බන්ධයෙන් ඔය ප්‍රශ්න කරන්නෙම මෙතනින් ඕක ගලවන්න. අපට ඒක තේරෙනවා. ගම්මන්පලට ඕන වෙලා තියෙන්නෙ ශානි අබේසේකර සහ රවි සෙනවිතරන්ත මෙතනින් අයින් කරන්න.

නෑ… අපි ඒක කරන්නෙ නෑ. ඒ උවමනාවට අපි යට වෙන්නෙ නෑ. ඔවුන් ඉතා පැහැදිලිව ඒ පරීක්ෂණය ඒ වෙලාවෙ කරගෙන ගිය අපක්ෂපාතීව කටයුතු කරපු නිලධාරීන් දෙන්නෙක්. ඒක මේ රටේ ජනතාව කවුරුත් දන්නවා. පාස්කු ප්‍රහාරයට ලක් වෙච්චි වින්දිතයින්ගෙ ඥාතීන් පවා මේක දන්නවා. සාධාරණයක් බලාපොරොත්තුවන ජනතාව එතුමන්ලව මෙතනින් ඉවත් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ.

විවිධ උවමනාවන් තියන අයට තියනවා අවශ්‍යතාවයක් ඔවුන්ව මෙතැනින් ඉවත් කරන්න. අපි ඒක කරන්නේ නැ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොලිසියෙන් ගන්නා අල්ලස් හෝ පොලිසියේ දුෂණ දැනුම් දෙන්න මහ ජනතාවට ක්ෂණික දුරකථන අංකයක්!

Next Post

කිසිසේත් විශ්වාස කළ නොහැකි ලියවිල්ලක් සමග පාස්කු ප්‍රහාරය විකල් කරන දේශපාලන කොන්ත්‍රාත් කරන්න එපා… කාදිනල් තුමෝ ගම්මන්පිලට දන්වති!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.