අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කිරිබත්ගොඩ තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්ලාගෙන්, කැකිරාවේ තිලකවර්ධනට තහංචියක්

by Lankasara News
මැයි 27, 2023
in පුවත්
කිරිබත්ගොඩ තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්
Share on FacebookShare on Twitter

ප්‍රකට වෙළෙඳ සන්නාමයක් වන කිරිබත්ගොඩ තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් සමාගමේ හිමිකාර සුනිල් තිලකවර්ධන ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය, සිය ව්‍යාපාර සන්නාමය වෙනත් සමාගම් තුනකට භාවිතා කිරීම වළක්වන ලෙස ඉල්ලමින් කොළඹ වාණිජ මහාධිකරණයේ නඩුවක් ගොනු කර ඇති අතර එම නඩුව විභාගයේදී විත්තිකාර සමාගම් සිය වෙළෙඳ නාමය වෙනස් කිරිමට අධිකරණයේදී එකඟ වී ඇති බව වාර්තා වේ.

රටේම ප්‍රසිද්ධියක් උසුලන තිලකවර්ධන ටෙක්ස්ටයිල් ලිමිටඩ්, තිලකවර්ධන ටෙක්ස්ටයිල් චේන් ලිමිටඩ්, තිලකවර්ධන ටෙක්ස්ටයිල් කේ වයි ලිමිටඩ්, තිලකවර්ධන ටෙක්ස්ටයිල් ආර්ඩී ලිමිටඩ් ඇතුළු තිලකවර්ධන සමාගමටම අනුබද්ධිත සමාගම් කීපයක් මෙම නඩුව ගොනු කර ඇත්තේ තිලකවර්ධන සෝලර් පවර් සොලූෂන්, තිලකවර්ධන කන්ස්ට්‍රක්ෂන් ලිමිටඩ් හා ටීසී තිලකවර්ධන ගෘප් ලිමිටඩ් යන ආයතනවලට එරෙහිවය.

මෙහිදී අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කිරිබත්ගොඩ තිලකවර්ධන ව්‍යාපාර සමාගම පවසා ඇත්තේ 1986 සුනිල් තිලකවර්ධන මහතා විසින් ඉතා සුළුවෙන් ආරම්භ කළ තිලකවර්ධන ටෙක්ස්ටයිල් සමාගම මුල් කරගෙන මේ වන විට එම සමාගම සාර්ථකත්වයට පත්ව තිලකවර්ධන නාමය සන්නාමයක් බවට පත්ව ඇති බවයි. එය මේ වන විට රටේ ජනතාව තුළ හොඳ නාමයක් ගොඩ නඟාගෙන ඇති අතර එය මේ වන විට ගෘහස්ත සන්නාමයක් බවට පත්ව ඇති බවට ද අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත.

එබැවින් එම නාමයම භාවිතා කරමින් වෙනත් සමාගම් පිහිටුවීමෙන් තම බුද්ධිමය දේපළ අයිතිය අභියෝගයට ලක්ව ඇති බව ඔවුන් අධිකරණය හමුවේ පෙන්වා දී ඇත. එම කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙම තිලකවර්ධන සන්නාමය භාවිතා කිරීමට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අතර, පසුව නඩුව විභාගයේදී විත්තිකාර සමාගම් ත්‍රිත්වය සිය නාමය වෙනස් කරමින් කැකිරාව ටීසී තිලකවර්ධන සෝලර් පවර් සොලූෂන්, කැකිරාව ටීසී තිලකවර්ධන කන්ස්ට්‍රක්ෂන් ලිමිටඩ්, කැකිරාව ටීසී තිලකවර්ධන ගෲප් ලිමිටඩ් ලෙස වෙනස් කිරීමට විත්තිකාර පාර්ශවය එකඟ වි ඇති අතර ඔවුන් තිලකවර්ධන නාමය සිය ව්‍යාපාරවලදී තනිව කිසිම විටෙක භාවිතා නොකරන බවට ප්‍රතිඥා දී ඇති බව ද සඳහන් වේ.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

බ්‍රැන්ඩික්ස් වහන්නේ නෑ – බ්‍රැන්ඩික්ස් කියයි

Next Post

සුදර්මා නෙත්තිකුමාරගේ නිවසේ මෙහෙකාරිය අත්අඩංගුවේදී මියයෑමේ සිද්ධිය: වැලිකඩ පොලිසියේ OICට මාරුවක්

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.