බ්‍රැන්ඩික්ස් සමාගමේ මව් සමාගම මෙරටින් ඉවත් කර ගැනීම හෝ සමාගම මෙරටින් ඉවත් කර බංග්ලාදේශයට රැගෙන යාමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, එය සම්පුර්ණයෙන්ම අසත්‍ය පුවතක් බව බ්‍රැන්ඩික්ස් ආයතනයේ ප්‍රකාශකවරයෙක් කියා සිටියි.
එමෙන්ම ඇඟළුම් සඳහා ඇති ගෝලීය ඉල්ලුම අඩුවීම වැනි ගෝලීයව ව්‍යාපාර මුහුණ දී ඇති අර්බුදය හමුවේ ඒවාට මුහුණ දීම සඳහා සහ සමාගමේ මෙරට ඇතැම් ශාඛාවල කාර්යක්ෂමතාව ඉහළ දැමීම සඳහා එවැනි ශාඛා එකට එකතු කරමින් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට පසුගිය කාලයේ ඇතැම් අවස්ථාවල සිදුවූ බවත්, එවැනි කරුණු හේතුකොටගෙන බ්‍රැන්ඩික්ස් සමාගම ශ්‍රී ලංකාවෙන් ඉවත් වන බවට, අසත්‍ය තොරතුරු ව්‍යාප්ත වී ඇති බව බ්‍රැන්ඩික්ස් එම ප්‍රකාශකවරයා පෙන්වා දෙයි.
තවද කර්මාන්ශාලා වසා දමා ඇති පුවත සම්බන්ධයෙන් අදහස් පලකළ බ්‍රැන්ඩික්ස් ආයතනයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ 2023 වසරේ මේ වනතෙක් වසා දමා ඇත්තේ වැලිසර කම්හල පමණක් වන බවයි. එය ද හදිසියේ ගත් තීරණයකට වඩා දිගු කලක් තිස්සේ ක්‍රියාත්මක කරන ලද සැලසුමක ප්‍රතිඵලයක් බවත් පැවසීය. වැලිසර කර්මාන්තශාලාව වසා දැමීම ඉක්මන් වුවේ ගෝලීයව නිමි ඇදුම් සදහා ඇති ඉල්ලුම 30% ක් පමණ අඩුවීම නිසා බවත් ඔහු කියා සිටියේය.
එසේම කටුනායක, හබරාදුව, අවිස්සාවේල්ල කර්මාන්ශාලා සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන බව තහවුරු කරමින් ඔහු තවදුරටත් පවසා සිටියේය.
බංගලාදේශයේ ද අලුතින් කර්මාන්තශාලා ස්ථාපිත කර නැති බව පැවසූ ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ බංගලාදේශයේ ඇත්තේ තම ආයතනය මගින් 2013 වසරේ ස්ථාපිත කරන ලද කර්මාන්තශාලා එකක් පමණක් බවයි. එමෙන්ම අලුතින් කර්මාන්ශාලා ස්ථාපිත කිරීම සදහා බංගලාදේශයේ ආයෝජන හෝ සිදුකර නොමැති බවත් ඔහු කරුණු පැහැදිලි කර සිටියේය.
ශ්‍රී ලංකාවට සාපේක්ෂව බංගලාදේශය වැනි රටවල සේවකයන්ට ගෙවිය යුතු වැටුප් ආදිය අවම අගයක් ගනු ලැබුවත්, බ්‍රෑන්ඩික්ස් සමාගම ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින්, තවදුරටත් ඇඟලුම් ක්ෂේත්‍රයේ නියමුවන් වෙමින් මෙරටට විදේශ විනිමය ගෙන ඒමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.