කිරිපිටි මිල අඩුකිරීම සඳහා මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බව කිරිපිටි ආනයනයකරුවෝ පවසති.
අදාළ බලධාරීන් සමග සාකච්ඡා පැවතියද අඩුකරන මිල ගණන හෝ දින වකවානු පිළිබඳව නිශ්චිත තීරණයකට නොපැමිණි බව ඔවූහු තවදුරටත් කියා සිටියහ.
කිරි පිටි මිල අඩුකිරීම සම්බන්ධයෙන් සඳුදා (15) වන විට සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹීමට අපේක්ෂා කරන බවද ඔවුහු කිය සිටියහ.
කිරිපිටි කිලෝ ග්රෑමයක මිල රුපියල් 200කින් අඩුකිරීමට තීරණය කර ඇති බව වෙළෙඳ ඇමැතිවරයා ඊයේ (12) ප්රකාශ කළේය.