ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු 12ක් සමඟ අඹු සැමි යුවලක් අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය කියයි.
එම සැකකාර යුවල සමග ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණයට කිරීමට යොදාගත් ප්‍රින්ටරයක් ද පොලිසිය සොයා ගෙන ඇත.
ත්‍රීරෝද රථයකින් ගමන් කර තිබූ යුවල කළුතර උතුර ගල්පාත ප්‍රදේශයේ වෙළෙඳසලකට ගොස් රුපියල් 5000 මුදල් නෝට්ටුවක් ලබා දී භාණ්ඩ මිලදී ගෙන ඇත. ඒ පිළිබඳ සැක සිතූ වෙළෙඳසල් හිමිකරු පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර යුවල අත්අඩංගුවට ගෙන ඇති බව කියයි
පසුව එම යුවල පදිංචි කළුතර දකුණ පොලිස් වසමේ නිවස පරික්ෂා කිරීමේදී ඒ තුළ තිබී තවත් ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු එකොළහක් මුද්‍රණය කිරීමට යොදා ගත් ප්‍රින්ටරය සොයාගැනීමට හැකි වී තිබේ.
වැඩිදුර පරික්ෂණ කළුතර පොලිසිය විසින් පවත්වනු ලැබේ.







