ඕස්ට්‍රේලියාවෙන් කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇති වූ වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍යාංශ ලේකම් රේණුකා ඒකනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
රේණුකා ඒකනායක යනු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වකවානුවේ ජනාධිපති ලේකම්වරයාගේ බිරිය ය.
වර්ෂ 2012 සහ 2017 අතර කාලය තුළ ඕස්ට්‍රේලියාවෙන් කිරි ගවයින් ආනයනය කිරීම සම්බන්ධයෙන් සිදුවී ඇති රුපියල් බිලියන ගණනක මූල්‍ය වංචා චෝදනාවක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අරඹා ඇති පුළුල් විමර්ශනයකට අදාලව ඇයව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කැඳවා තිබුණේ පසුගිය 19 වැනිදා ය.
පසුව ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත්වන දිනය අද (23) දක්වා දීර්ඝ කිරීමට ඉල්ලා තිබිණි. ඒ අනුව අද ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටියාය.







