කීර්ති ප්‍රනාන්දු –
අද (10) අලුයම කෑගල්ල හත්නාගොඩ ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩාවැටීමෙන් එක් අයකු බරපතළ තුවාල ලබා ඇති අතර තවත් තිදෙනෙකු අතුරුදහන් වී ඇතැයි කෑගල්ල පොලිසිය පවසයි.
තුවාල ලැබූ පුද්ගලයා ව මේ වනවිට කෑගල්ල රෝහලට ඇතුළත් කළ බව පවසන පොලිසිය රෝහල්ගත කළ පුද්ගලයා ද ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව කියා සිටියාය.
යුද හමුදාව හා සහන සේවා කණ්ඩායම් පස් කන්දට යට වූ අනෙක් පුද්ගලයන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇතැයි කෑගල්ල පොලිසිය පවසයි.
කෑගල්ල පොලිසිය පවසන්නේ මේ වන විට මුදවාගෙන කෑගල්ල රෝහලට ඇතුළත් කර බරපතළ තත්වයෙන් පසුවන්නේ එම නිවසේ මව බවයි.







