බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 කැබිනට් අනුමැතිය ලැබුණු නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත දින කීපයකින් ගැසට් කිරීමට සූදානම්…

by editor
සැප්තැම්බර් 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයට ජාත්‍යන්තර නිර්ණායකයන්ට අනුකූලව සකස් කළ ත්‍රස්ත විරෝධී නව පනත් කෙටුම්පත ඉදිරි දින කිහිපය තුළ ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ  අලි සබ්‍රි පැවසීය.

පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට කටයුතු කළේ මෙරට ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂාවන ආකාරයට සමතුලිත නීතියක් ගෙන ඒමේ අරමුණින් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (13) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස්  දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මෙසේ ද පැවසීය.

පිළිගත් අන්තර්ජාතික නිර්නායකයන්ට අනුකූලයි

“පිළිගත්ර අන්තර්ජාතික නිර්ණායකයන්ට අනුකූලව, මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන සහ ජනතාවගේ මානව හිමිකම් සුරැකෙන ආකාරයට සමතුලිත නීතියක් ගෙන ඒමේ අදහසින් යුතුව තමයි මෙතෙක් පැවති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ ආකාරයට සංශෝධනය කිරීමට පියවර ගනු ලැබුවේ. “

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊට අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා පවත්වා යම්කිසි සාධනීය මට්ටමකට මෙම නව පනත් කෙටුම්පත සකස් කර තිබෙනවා. “

“නව පනත්, නීති හදන ක්‍රමවේදයක් අප රටේ තිබෙනවා. මේ අනුව නව පනත් කෙටුම්පත ගැසට් කිරීමෙන් අනතුරුව රටේ සමස්ත ජනතාවට ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගත හැකියි.”

“ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කර,  ‘ත්‍රස්ත විරෝධී’ නමැති නව පනත් කෙටුම්පත කඩිනමින් මේ සතිය තුළ හෝ ලබන සතිය ඇතුළත ගැසට් කිරීමට බලාපොරොත්තු වෙනවා. අනතුරුව එය පළමු වර කියැවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ සමඟ ඒය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට මේ රටේ ජනතාවට සතියක කාලයක් ලැබෙනවා.”

“127 වන ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට ද වෙනම සාකච්ඡාමය අධිකරණ බලයක් පවතිනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන උපදෙස් අනුව, ඊට අනුරූපීව තවදුරටත් කෙටුම්පත සඳහා සංශෝධන සිදු කිරීමට රජය සූදානම්. නමුත් මෙම නව පනත පැවති පනතට සාපේක්ෂව ඉතාමත්ම ප්‍රගතශීලී අලුත් කරුණු රැසකින් සමන්විතයි.”

දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත

“දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත 1979 වසරේදී තමයි පළමුවෙන්ම ඉදිරිපත් කළේ. එම පනත ගෙන එනු ලැබුවේ මාස හයක් වැනි කාලයකටයි. නමුත් රටේ පැවති තත්ත්වය තවදුරටත් උග්‍රවීම හේතුවෙන් මේ වනතුරුත් එය බලාත්මකව ක්‍රියාත්මක වුණා. මේ සම්බන්ධයෙන් රට තුළ විවධ විවේචන රැසක් පැවතුණා.”

“2017 – 2018 වසරවලදී දැනට පවතින  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ‘ප්‍රතිත්‍රස්ත පනත’  ලෙස නව නීතියක් ගෙන ඒමට උත්සාහ ගත්තා. 2019 වසරේ දී අවාසනාවන්ත ලෙස රටේ සිදුවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව හේතුවෙන් තවදුරටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක අවශ්‍යතාවය මතු වුණා.”

“පසුව, පසුගිය අවුරුදු දෙක තුනක පමණ කාලය තුළදී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ලිහිල් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීමට පියවර ගත්තා. 2021 වසරේ සැප්තැම්බර් මාසයේදී ත්‍රස්තවාදයට සෘජුවම සම්බන්ධ වූවන් හැරෙන්නට වෙනත් කිසිවකු අත්අඩංගුවට නොගන්නා ලෙසට නියෝග කරමින්   පොලිස්පතිතුමා විසින් පොලිස් ස්ථානවලට චක්‍රලේඛයක් පවා නිකුත් කළා.”

“ඊට සමානුපාතිකව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමේ ප්‍රමාණය අඩු වුණා. පෙර පැවති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ යමෙකු රඳවා තබා ගැනීමේ කාලය සීමා කර තිබුණේ නැහැ.”

කැබිනට් අනුමැතිය ලද නව පනතේ හැඩ රුව

“මෙම නව පනතෙන් මහෙස්ත්‍රාත්වරයකුගේ අවසරයකින් තොරව දින 60ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට හැකියාව තිබෙනවා. ඒ වගේම ඔවුන් රඳවා තබා ගත හැක්කේ නීත්‍යානුකූලව රඳවා තබා ගැනීමට අවසරය ඇති මධ්‍යස්ථානවල පමණයි. කෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඒ සම්බන්ධව පැය 48ක් ඇතුළත මහෙස්ත්‍රාත්වරයකු වෙත කරුණු ඉදිරිපත් කළ යුතු වෙනවා.”

“ඒ වගේම පාපොච්ඡාරණය මත කිසිවෙකුට එරෙහිව නඩු කටයුත්තක් සිදුකළ නොහැකියි. “

“පාපොච්ඡාරණය මත පදනම්ව නඩු පැවරීමක් සිදු කරනවා නම් එය රටේ පවතින සාමාන්‍ය නීතියට අනුකූලව මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියේ කළ පාපොච්ඡාරණයකට අනුව සිදු විය යුතුයි. “

“එසේම නව පනත තුළින් වසරකට පසුව අධිකරණ ක්‍රියාමාර්ගවලට ගොස් ඇප ලබා ගැනීමේ හැකියාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූවන්ට තිබෙනවා. එසේම වසරකට වැඩි කාලයක් රඳවා තබා ගත හැකි වන්නේ ද මහෙස්ත්‍රාත් නියෝග අනුවයි.”

“නව ත්‍රස්ත විරෝධී පනත කෙටුම්පත් කිරීමෙන් අනතුරුව නීතිඥවරුන්, නීතිඥ සංගමය, ජාත්‍යන්තර ප්‍රජාව, සිවිල් සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, වෘත්තීය සමිති මේ සම්බන්ධයෙන් විවිධ අදහස් හා මත ඉදිරිපත්  කරනු ලැබුවා. “

“අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රජයක් ලෙස ඉදිරිපත් කළ එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටියා. පසුව තවදුරටත් විවිධ පාර්ශ්ව වෙතින් අදහස් ලබා ගැනීමට ද කටයුතු කළා. ඒ අනුව අලුත් අදහස්වලින් සමන්විතව මෙන්ම, නව සංශෝධන එක් කිරීමෙන්  පසුව නව ‘ත්‍රස්ත විරෝධී’ පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද ඊට  ලැබී තිබෙනවා.”

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලකයින් තුළ ස්වයං විනයක් ඇතිවනතුරු ආර්ථිකය ගොඩ දාන්න බෑ… මහාචාර්ය වසන්ත අතුකෝරල!

Next Post

නාවික හමුදාව බලා ඉද්දී ධීවර නිලධාරීන්ගේ ආශීර්වාදයෙන් කෙරෙන තහනම් පන්නක්‍රමවලට විරුද්ධව ත්‍රී මලේ ධීවරයෝ පාරට බසිති!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.