දිනසේන රතුගමගේ කැනඩාවේ ටොරෙන්ටෝහි ව්‍යාපාරික දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් අනතුරුව සිදු කළ වෙඩි තැබීමකදී යාපනයේ සිට කැනඩාවට ගොස් එහි ව්‍යාපාරික කටයුතු කරගෙන යන තරුණයෙකු මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ මීසාලේ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකු වන සෙල්වසිංහම් සුලක්ෂන් නැමති අයයි.
ඔහුගේ පියා මීට වසර කීපයකට ඉහතදී කැනඩාවට ගොස් ව්‍යාපාරික කටයුතු ආරම්භ කොට ඇති අතර පුතාද අධ්‍යාපන කටයුතු කරගෙන යන අතරවාරයේ ව්‍යාපාරික කටයුතුවල නිරත වී ඇත.
ඔහුට අයත් ව්‍යාපාරික ස්ථානයකදී ඇති වූ ගැටලුවක් මත ව්‍යාපාරිකයින් දෙපිලකට බෙදී අති අතර ඔවුන් ගෙන් එක් පාර්ශ්වයක් විසින් සිදු කළ වෙඩි තැබීමකදී යාපනයේ තරුණයා හා තවත් කැනඩා ජාතිකයෙකු මියගොස් ඇති අතර වෙඩි තැබීමේදී තවත් එක් අයෙකුද තුවාල ලබා ඇත.
කැනඩාවේ ටොරෙන්ටෝ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







