අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ මැද අක්කර 06ක UDA ඉඩමක් අධ්‍යක්ෂ මණ්ඩලයටත් කොලේ වසා 99 අවුරුද්දට බදු දීලා… කෝප් කමිටුවේ දී හෙළි වෙයි!

by editor
ජූලි 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

කොළඹ 02 ජේම්ස් පීරිස් මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 06 ක පමණ ඉඩමක් 2019 වසරේදී අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමතියකින් තොරව රුපියල් බිලියන 12ක මුදලකට 99 අවුරුද්දකට බදු දී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්විමේ දි අනාවරණය විය.

මෙම ඉඩමට අදාළ බදු ගිවිසුම කෙටුම්පත් කිරීමේදී අධ්‍යක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ හා අනුමත කළ බදු කොන්දේසිවලට අමතරව අධ්‍යක්ෂක මණ්ඩලය අනුමත නොකළ වෙනත් කොන්දේසි ඇතුළත් කර ඇති බව හෙළිදරව් විය.

කෙසේ වෙතත් අදාළ ගිවිසුම් කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් නීති අධ්‍යක්ෂකට එරෙහිව විනය පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතින අතර අදාළ ඉඩමේ සංවර්ධන කටයුතු මේ දක්වා සිදු කර නොමැති බවද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය.

එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය සතු කොටුව ඩී. ආර් විජේවර්ධන මාවතට මායිම්ව පිහිටි අක්කර 2 රූඩ් 2යි පර්චස් 21.4ක ඉඩමක් සංවර්ධනය කිරීම සඳහා අධ්‍යක්ෂක මණ්ඩලයේ විධිමත් අනුමැතියකින් තොරව බදු දීම හේතුවෙන් රුපියල් මිලියන 330ක අලාභයක් අධිකාරියට දැරීමට සිදුවූ බවද මෙහිදී අනවරණය විය.

ඒ අනුව මෙම සිදුවීම් පිළිබඳව විධිමත් වාර්තාවක් සති දෙකක් තුළ කාරක සභාවට යොමු කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙහිදී කරුණු දක්වමින් ජාතික විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නාගරික සංවර්ධන අධිකාරියේ ගිණුම් පද්ධතියේ ගැටලුකාරී තත්ත්වයන් හඳුනාගෙන තිබෙන බව පෙන්වා දුන්හ. අධිකාරිය සතු අයෝජන ඉඩම්වල වටිනාකම් තක්සේරු කර ඇති ආකාරයද ප්‍රශ්නකාරී බව එම නිලධාරීහු පෙන්වා දුන්හ.

පාර්ලිමේන්තු සංකීර්ණය පවතින ඉඩමේ අයිතිය තවමත් නාගරික සංවර්ධන අධිකාරිය සතුවන බව පෙන්වා දුන් විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු එම ඉඩමේ හිමිකාරිත්වය පාර්ලිමේන්තුවට පැවරීමට කටයුතු කරන ලෙසටද උපදෙස් ලබා දුන්හ. මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා නාගරික සංවර්ධන අධිකාරිය සතු සියලුම ආයෝජන ඉඩම්වල සියලු විස්තර ඇතුලත් සම්පුර්ණ වාර්තාවක් සති දෙකක් තුළ කාරක සභාවට ලබාදෙන ලෙස නියෝග කරනු ලැබිය.

මේ පිළිබඳ කරුණු අනාවරණය වුයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ක්ලබ් වසන්තගේ දේහය තැන්පත් කර තිබූ ජයරත්න මල් ශාලාවට තර්ජනාත්මක ඇමතුම පැමිණ ඇත්තේ ඩුබායිවලින් නොව, කොළඹින්… 075 නොම්බරයක්!

Next Post

කැනඩාවේ දී ශ්‍රී ලාංකික තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරලා…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.