බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැනඩාව මළ ගෙයක් කළ සමූහ ඝාතනය සිදුකළේ 18 හැවිරිදි ලිංගික සංක්‍රාන්තික තරුණියක්…

by editor
පෙබරවාරි 12, 2026
in පුවත්
Jesse-Van-Rootselaar

ජෙසී වෑන් රූට්සෙලාර්

Share on FacebookShare on Twitter

කැනඩාවේ බ්‍රිටිෂ්  කොලොම්බියා පළාතේ ටම්බ්ලර් රිජ් නගරයේ සිදු වූ සාහසික වෙඩි තැබීමේ අපරාධයට සම්බන්ධ මිනී මරුවා හඳුනාගෙන පොලිසිය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

මේ අපරාධය සිදුකරන්නී 18 හැවිරිදි තරුණියකි. නම ජෙසී වෑන් රූට්සෙලාර් (Jesse Van Rootselaar)  ය.  මෙම   තරුණිය  පසුගිය අඟහරුවාදා (පෙබරවාරි 10) සිය ඝාතන වැල ආරම්භ කරන්නී  තම නිවසේදී සිය 39 හැවිරිදි  මව සහ මවගේ දෙවැනි විවාහයේ දරුවා වූ  11 හැවිරිදි සහෝදරයා ඝාතනය කිරීමෙනි.

අනතුරුව ඇය ටම්බ්ලර් රිජ් ද්විතියික පාසලේ  සිසුන් පස් දෙනෙකු සහ ගුරුවරියක ඇතුළුව තවත් හය දෙනෙකු ඝාතනය කරනු ලැබුවාය. මෙම සිදුවීමෙන් මුළු මරණ සංඛ්‍යාව 8ක් වන අතර, තුවාල ලැබූවන් 25කට වැඩි පිරිසක් වාර්තා වී ඇත. අනතුරුව ජෙසී වෑන් රූට් තමන්මට වෙඩි තබාගෙන මිය ගොස් තිබිණි.

ජෙසී වෑන් රූට්සෙලාර් කවුද?

මේ මහා අපරාධය කළ තරුණිය වූ ජෙසී වෑන් රූට්සෙලාර් 2007 අගෝස්තු 4 වැනිදා උපත ලැබුවාය. ඇය ජීව විද්‍යාත්මකව පිරිමියෙකු ලෙස උපත ලබා ඇත. නමුත්  වසර හයකට පමණ පෙර ලිංගික සංක්‍රාන්තියකින් ස්ත්‍රී භාවයට පත්  වී ඇති බව  රෝයල් කැනේඩියානු මවුන්ටඩ් පොලිසියේ නියෝජ්‍ය කොමසාරිස් ඩ්වේන් මැක්ඩොනල්ඩ් ප්‍රකාශ කර තිබේ.

ටම්බ්ලර් රිජ් නගරයේ පදිංචිකාරියක වූ ජෙසී   වයස අවුරුදු 14දී පමණ පාසලෙන් ඉවත් වී ඇත. පොලිසියට අනුව, ඇයගේ නිවසට මානසික සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් කිහිප වතාවක්ම පොලිස් නිලධාරීන් ගොස් තිබේ.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ඇයගේ මානසික සෞඛ්‍ය තත්ත්වය –

සැකකරු ජෙසී වෑන් රූට්සෙලාර් (Jesse Van Rootselaar) ගේ මානසික සෞඛ්‍ය ඉතිහාසය පිළිබඳව තහවුරු වී ඇති තොරතුරු, බ්‍රිටිෂ්  කොලොම්බියා පොලිසිය (RCMP) විසින් නිල වශයෙන් ප්‍රකාශ කර තිබිණි. .

බ්‍රිටිෂ් කොලොම්බියා පොලිසියේ  නියෝජ්‍ය කොමසාරිස්  ඩ්වේන් මැක්ඩොනල්ඩ් (Dwayne McDonald) මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, සැකකාරියගේ  නිවසට  පසුගිය වසර කිහිපය තුළ බහුවිධ අවස්ථාවලදී පොලිස් නිලධාරීන් ගොස් ඇති බවය. ඒ සෑම අවස්ථාවකම  ඇමතුම් ලැබී තිබුණේ  මානසික සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන්   බව ඔහු සඳහන් කළේය.

විශේෂයෙන් සලකුණු කළ යුතු වන්නේ සැකකාරිය   කැනඩාවේ මානසික සෞඛ්‍ය පනත (Mental Health Act) යටතේ කිහිප වතාවක්ම අත්අඩංගුවට ගෙන රෝහල්වලට ගෙන ගොස් තක්සේරු කිරීම් සහ පසු විපරම් සිදු කර ඇති බවය.

වසර කිහිපයකට පෙර එක අවස්ථාවකදී  නිවසෙන් තුවක්කු අත්අඩංගුවට ගෙන තිබූ බවත්, පසුව ඒවා නැවත ලබා දී ඇති බවත්  පොලිසිය පවසයි.

පසුගිය වසරේ (2025 වසරේ) පොලිසිය අවසන් වරට නිවසට ගොස් ඇති අතර එයත්  මානසික සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් වූ බව පොලිසිය පවසයි. සැකකාරිය  සක්‍රීයව මානසික සෞඛ්‍ය ප්‍රතිකාර ලබාගෙන සිටියේද යන්න පොලිසිය නිශ්චිතව තවමත් තහවුරු කරගෙන නැත.

සමහර වාර්තාවලට අනුව සැකකාරියට  ස්වයං හානි (self-harm) සම්බන්ධ ගැටලු ද තිබූ බව සඳහන් වේ. එසේම, පවුලේ මිතුරන් සහ ඥාතීන්ගේ ප්‍රකාශවලට අනුව, පසුගිය වසර කිහිපය තුළ මානසික අස්ථාවරත්වය සහ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ ගැටලු ද තිබූ බවත්, එක අවස්ථාවකදී ඇඳක් ගිනි තැබීම  වැනි සිදුවීමක් සිදු වූ බවත් සඳහන් වේ.

සැකකරුගේ විස්තරාත්මක රෝග විනිශ්චය (diagnosis) හෝ නිශ්චිත මානසික රෝග   පිළිබඳව පොලිසිය විසින් තවමත් විස්තරාත්මකව හෙළි කර නොමැත.  බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රධානී ඩේවිඩ් ඊබි (David Eby) පවසා ඇත්තේ, සැකකරුගේ මානසික සෞඛ්‍ය ප්‍රතිකාර ඉතිහාසය පිළිබඳව ප්‍රාදේශීය සෞඛ්‍ය අධිකාරීන්ගෙන් තොරතුරු ලබාගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බවයි.

කෙසේ වෙතත් ඇය නිවස තුළ ඇයගේ සුළු පියාගෙන් හෝ සිය මවගෙන්  පීඩනයට පත් වූ බවත් කිසිම අවස්ථාවක වාර්තා වී නැත. ඇයගේ ජීව විද්‍යාත්මක පියා සම්බන්ධව ද හෙළිදරවුවීමක්  තවමත් සිදුවී නැත.

සමාජ සංවාදය

මෙම වෙඩි තැබීම කැනඩාවේ මෑත කාලීන ඉතිහාසයේ මාරාන්තිකම පාසල් වෙඩි තැබීම  ලෙස සැලකේ.    බ්‍රිටිෂ් කොලොම්බියා පළාත් ප්‍රධානී ඩේවිඩ් ඊබි එය බිහිසුණු ඛේදවාචකයක්  ලෙස විස්තර කර ඇත.

සැකකාරියගේ  චේතනාව තවමත් පරීක්ෂණයකින් තහවුරු වී නොමැති අතර, පොලිසිය විසින් මෙම සිදුවීම පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමට උත්සාහ දරමින් සිටී.

මෙම සිදුවීම මානසික සෞඛ්‍ය සේවාවන්ගේ හිඟකම සහ තුවක්කු පාලනය පිළිබඳ කැනඩාව තුළ නැවතත් සංවාදයක් ඇති කර තිබේ.  පරීක්ෂණ තවදුරටත් ගමන් කරමින් පවතී.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බ්‍රිතාන්‍යයේදී ස්ත්‍රී දූෂණ චෝදනා මත 21 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට!

Next Post

ලෝක සාම පා ගමනේ වඩින සිල්වත් භික්ෂූන් වහන්සේ වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් හරසරින් පිළි ගනී!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.