ශ්‍රියානි විජේසිංහ –
සෑම වකවානුවකම කාසල් වීදියේ කාන්තා රෝහලට දරු ප්‍රසූතිය සදහා පැමිණෙන ගර්භණී මව්වරුන්ගෙන් 200ක් පමණ දෙනා විවිධ හෘද හා පෙනහළු රෝගවලින් පෙළෙන බව වාර්තා වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන පවසයි.
රෝහලේ සායනයන් වෙත පැමිණෙන මව්වරුන්ව විවිධ වෛද්‍ය පරික්ෂාවන්ට ලක්කිරීමේදී හෘද රෝග තත්ත්වයන් සහිත මව්වරුන් හඳුනාගත් බව අධ්‍යක්ෂවරයා පැවසුවේය.
මේවන විට රෝහල තුළ නව හෘද ප්‍රතිකාර ඒකකයන් ආරම්භ කර ඇති බැවින් මෙම මව්වරුන් සියලුම දෙනාට ප්‍රතිකාර සේවාවන් එම ඒකක මගින් ලබාදෙනු ඇත.
මෙම නව ඒකකය පිහිටුවීමට පෙර හෘද රෝගී ගර්භනී මව්වරුන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කළ නමුත් අද වන විට එම තත්ත්වය මුළුමනින්ම වෙනස් ව ඇති බැවින් කාසල් රෝහලට ඇතුළත්වන සහ සොයිසා කාන්තා රෝහලට ඇතුළත්වන හෘද රෝගී ගර්භනී මව්වරුන්ට ප්‍රතිකාර කිරිම මෙම නව හෘද ඒකකයෙන් සිදුවනු ඇති බව අධ්‍යක්ෂවරයා පැවසුවේය.
විශේෂයෙන්ම ගැබිනි මව්වරුන්ගේ හෘද රෝග තත්ත්වයන් කල් වේලා ඇතිව හඳුනා ගැනීමට හැකිවීම හේතුවෙන් ඔවුන්ගේ හෘද රෝග ත්ත්වයන් සුවපත් කර නිරෝගි දරු ප්‍රසූතියක් සඳහා සූදානම් කළ හැකි බවද වෛද්‍ය දන්තනාරායන සඳහන් කළේය.







