සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාර්යක්ෂමතාවය 4 ගුණයක්… රටට වටින යකඩ නගුලක් හැදූ දිඹුලානේ තරුණයා…

by editor
නොවැම්බර් 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

කාර්යක්මතාවයෙන් ඉහළ, අක්කරයක් සී සෑම සඳහා ට්‍රැක්ටරයකට වැය කරන්නට සිදුවන ඩීසල් වියදම සියයට හැත්තෑ පහකින් අඩු කරන  වෙනත් විශාල  වාසි රැසක් ද ලබාගත හැකි යකඩ නගුලක් නිර්මාණය කිරීමට වැලිකන්ද දිඹුලාන ගම්මානයේ තරුණයෙකු සමත් වී ඇතැයි වාර්තා වේ.

පැයක පමණ කාලයකින් අඩු ඉන්ධන ප්‍රමාණයක් ට්‍රැක්ටරය වෙනුවෙන් වැය කර  අක්කර දෙකහමාරක් වී වගාවට අවශ්‍ය බිම් සැකසීමට ඔහු නිර්මාණය කර ඇති යකඩ නගුලෙන් හැකියාව පවතින බව ඔහු පවසයි.

යකඩ නගුල..

අනෙකුත් බෝග සදහා ද බිම් සකස් කිරීමට හැකිවන පරිදි    තල  පහකින් සමන්විත යකඩ නගුලක් නිර්මාණය කර ඇත්තේ වැලිකන්ද සිංහපුර, දිඹුලාන,අංක 300 ලිපිනයේ පදිංචි 24 වියති එල්.ඩබ්ලිව්.ආර්.එම්. සසිඳු මල්ශාන් රාජකරුණා තරුණයාය.

සසිඳු මල්ශාන් රාජකරුණා සිය නිර්මාණය සමග…

වැලිකන්ද මහ විද්‍යාලයේ 11 වසරේ වසර දක්වා අධ්‍යාපනය හදාරා ඇති සසිඳු මල්ශාන් රාජකරුණා මේ වනවිට ගම්මානයේ තවත් තරුණයෙකුගේ සහයෝගයෙන්, මවුපියන්ගේ උදව් උපකාර මත නිවසේ එම යකඩ නගුල් නිර්මාණය කරමින් සිටින්නේය.

කුඹුරෙහි ඕනෑම මුලක් තලයකට හසු වූ විට එම තල ස්වයංක්‍රීයව ගැලවෙන් අතර මෙම තල පහෙන්ම ඉතා ඉක්මනින් කුඹුරෙහි සී සෑම් කටයුතු සිදුකිරීමට හැකියාව පවතින බවත් නියරවල්  අසල වුව ද සීසෑමට මෙමගින් හැකියාව පවතින බවත් ගැඹුරට බිම් සකස් කිරීම හේතුවෙන් වැඩි අස්වැන්නක් මෙම නගුලෙන් සී සෑමේදී ලබාග ගත හැකි බවත් .ද සසිදු මල්ශාන් රාජකරුණා සඳහන් කරයි,

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සාමාන්‍යයෙන් අක්කර දෙකහමාරක් සීසෑමට ඩීසල් ලීටර් හැටක් අවශ්‍ය වුවද මෙම නගුල මගින් ඉතා කෙටි කාලයක් තුළ සීසෑමට  හැකි නිසා වැයවන්නේ වන්නේ ඩීසල් ලීටර් 15 ක් පමණක් බව ඔහු පෙන්වා දෙයි.

නගුල ක්‍රියාත්මක කරවමින්…

ඉන් දිනකට අක්කර 50  කට වැඩි භූමි ප්‍රමාණයක් සීසෑමට හැකියාව පවතින බවත්, යම් කෙනෙකු බඩඉරිඟු, මූං ඇට වගාව ඇතුළු පාත්ති වර්ග සකසා අතිරේක බෝග වගා කරන්නේ නම් ඒ සඳහාද මෙම යකඩ නගුල ප්‍රයෝජනවත් වන බව මල්ශාන් රාජකරුණා තරුණයා කියයි.

මල්ශාන්  රාජකරුණා මේ පිළිබඳ වැඩිදුරටත් මෙලෙස කීවේය

“මම නිර්මාණය කරපු යකඩ නගුල තල පහකින් සමන්විත වෙනවා, ඒ නිසා එකවර විශාල බිමක් සීසෑමට හැකියාව පවතිනවා.“

“ඒ වගේම අක්කර දෙකහමාරක් හාගන්න ඩීසල් ඕනේ වෙන්නේ ලීටර් පහළොවක් පමණ විතරයි.  අඩු කාලයක් තුළ අක්කර දෙකහමාරක බිම් හාගන්න හැකියාව තිබෙනවා. පැය  එක හමාරක් ඇතුළත හාගන්ඩ පුළුවන්. මේකට අමතරව ස්ප්‍ර්‍රින්, ග්‍රීස්, ඔයිල් ඕන වෙන්නෑ. ඒ නිසා ගොවියාට ඒ මුදලත් ඉතිරියි.“

“ඒ වගේ මේ නගුලේ තල අවශ්‍ය පරිදි ගොවියාට පහසුවෙන් ඉවත් ගන්නත් පුළුවන්, ගොවියෙකුට අතිරේක බෝගවගා කරන්න බීම් සකසාගන්නා, කානු සකසා ගන්නත් මේ නගුල භාවිතා කරන්න පුළුවන්. නියරවල් අයිනේ හාන්න පුලුවන් නිසා නියරවල් රහින්න යන වියදමත් ඉතිරියක් තියෙනවා ගොවියාට.“

“මට මගේ තාත්තා, අම්මා, මේකට ගොඩක් උදව් කරනවා, මේකට බොක්ස් බාර් ගොඩක් ඕනේ, අහක දාන යකඩ කෑලි මම මේකට ප්‍රයෝජනය ගන්නවා, පොලොළොන්නරුවේ යකඩ බොක්ස් බාර් හිඟයි, මේක තවදුරටත් දියුණු කරගන්න රජයෙන් උදව් කළොත් මට තව තරුණයන් ගොඩකට රැකියාවන් දෙන්නත් පුළුවන්.“

“  කුඹුරේ සීසාන ගමන්  නියරවල් සුද්ද වෙන්ඩ යන්ත්‍රයකුත් හදන්ඩ මගේ ලොකු උත්සාහයක් තියෙනවා. මේ නිර්මාණය දියුණු කරන්න අත දෙන්න කියලා මා ඉල්ලා  සිටිනවා…“ යැයි සසිදු මල්ශාන් රාජකරුණා තරුණයා වැඩිදුරටත් කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අලි මිනිස් ගැටුමේ බිහිසුණු පීඩනය පිපිරී ගොස් ජීවිතයෙන් වන්දි ගෙවූ පොලිස් සැරයන්වරයා…

Next Post

බොරැල්ලේ සිරිසුමන හිමි රිමාන්ඩ්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.