සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාලගුණයෙන් පීඩාවට පත් කාන්තාවන් වෙනුවෙන් Eva ශ්‍රී ලංකා රතුකුරුස සමාජය සමඟ අත්වැල් බැඳගනී

by Lanka Sara Editor
ජූනි 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් 19 වසංගතයේ බලපෑම මධ්‍යයේ පැමිණි අයහපත් කාලගුණික තත්ත්වය නිසා මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක ජනතාව දහස් ගණනින් විපතට පත් වී සිටී. සංචරණ සීමා පැනවී විවිධ දුෂ්කරතා මැද සිටි පිරිසකට අධික වර්ෂාපතනය සමඟ පැමිණි ගංවතුර හා නායයෑම් ව්‍යසනයන් නිසා කබලෙන් ලිපට වැටුණු තත්වයට පත්වීමට සිදු වී ඇත. මේ දුෂ්කර අවස්ථාවේදී සිය මූලික අවශ්‍යතාවයන් පවා සපුරා ගැනීමට නොහැකිව අසරණව සිටින සුවසක් කාන්තාවන් සහ යොවුන් දැරියන් වෙනුවෙන් ශ්‍රී ලංකා රතුකුරුස සමාජය විසින් දියත් කර ඇති සහන වැඩසටහනට සිය දායකත්වය ලබා දීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සනීපාරක්ෂක තුවා සන්නාමය වන ඊවා (Eva) පසුගියදා ඉදිරිපත් විය. ඒ ආපදා තත්ත්වයට පත්ව ඇති ප්‍රදේශවල කාන්තාවන් වෙනුවෙන් සනීපාරක්ෂක තුවා 50,000 ක ප්‍රමාණයක් ශ්‍රී ලංකා රතුකුරුස සංගමය වෙත පරිත්‍යාග කරමින්.
මෙම සනීපාරක්ෂක තුවා තොගය ICL Brands සමාගමේ Eva කළමනාකාරීත්වය විසින් පසුගියදා කොළඹ 02 පිහිටි රතු කුරුස සමාජ මූලස්ථානයේදී එම සංවිධානයේ නියෝජත පිරිස වෙත ප්‍රදානය කරනු ලැබිණි. මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ කොළඹ දිස්ත්‍රික් ශාඛාවේ සභාපති රුක්ෂාන් පීරිස් මහතා මෙසේ පැවසීය “මේ ව්‍යසනකාරී කාලගුණ තත්ත්වය උදා වන්නේ ශ්‍රී ලංකාව පුරාම ජනතාව කොවිඩ් 19 වසංගතය නිසා ඉතාම අසීරු තත්ත්වයකට පත්ව සිටියදී. බොහෝ දෙනෙක් තමන්ගේ ආදායම් මාර්ග අවහිර වී දුෂ්කරතාවයට පත්ව සිටින මොහොතකදී පැමිණි මේ ස්වභාවික ආපදා තත්ත්වය ඔවුන්ට ඉතාම අමිහිරි අත්දැකීමක්. උපකාර අවශ්‍යම අවස්ථාවේදී නොපැකිළව ඉදිරිපත් වෙමින් අපට සහය වීම පිළිබඳව ICL Brands සමාගමටත් Eva සන්නාමයටත් අපි කෘතඥතා පූර්වකව ස්තූතිවන්ත වෙනවා”.
ශ්‍රී ලංකා රතු කුරුස සමාජය මෙම සනීපාරක්ෂක තුවා තොගය මූලික වශයෙන් කොළඹ, ක`ඵතර, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක වල විපතට ජනතාව අතර බෙදා හැරීමට කටයුතු යොදා ඇත. නිරන්තරයෙන්ම රාජ්‍ය යාන්ත්‍රණය හා එක්ව කටයුතු කරන රතු කුරුස සමාජයේ දිස්ත්‍රික් ශාඛාවන් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ග්‍රාම නිලධාරීවරුන්ගේ සහය ඇතිව ආධාර අවශ්‍යම ජනතාව වෙත ක්‍රමවත්ව මෙම ආධාර බෙදා හැරීම සිදු කරනු ඇත.
ICL Brands පෞද්ගලික සමාගමේ අලෙවි කළමනාකාරිණී චේතිකා රාජපක්ෂ මහත්මිය මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසුවාය “කොවිඩ් වසංගතය, සංචරණ සීමා, අධික වර්ෂාව, ගංවතුර, නාය යෑම්, මේ ආපදාවන් තනි තනිව ගත්තත් ඉතාම දුෂ්කර තත්ත්වයන්. කාන්තාවකට මේ සිය`ඵ ආපදාවන්ගේ සම්මිශ්‍රණයකට මුහුණ දීමට සිදු වීම, විශේෂයෙන්ම ඇගේ සනීපාරක්ෂාව සම්බන්ධයෙන්, ඉතාම අසීරු තත්ත්වයක්. ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ හදවත්වලට සමීපතම සන්නාමයක් වශයෙන් Eva මේ අසීරු අවස්ථාවේදී උපකාර අවැසි අය වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ ඉතාම සතුටින්. වෙනදා වගේම මේ අසීරු අවස්ථාවේදී පවා නොවෙනස්ව ඔවුන්ගේ ජීවිතයේ කොටසක් වීමට අවස්ථාව ලබාදීම පිළිබඳව අපි ශ්‍රී ලංකා රතුකුරුස සමාජයට ස්තූතිවන්ත වෙනවා”
ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂක තුවා වෙළෙඳපොලෙහි 80% ක පමණ කොටසකට හිමිකම් කියන Eva මෙරට ජනප්‍රියතම සනීපාරක්ෂක තුවා සන්නාමය බවට අවිවාදිතය. දශක ගණනාවක් පුරා අඛණ්ඩව පවත්වා ගෙන යන මේ සාර්ථකත්වයට Eva නිෂ්පාදනවල ගුණාත්මකබව මෙන්ම සමාජ මෙහෙවර වෙනුවෙන් Eva හි ඇති කැපවීමත් හේතු සාධක වී ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික කාන්තාව සවිබල ගැන්වීම ඉලක්ක කරගත් සමාජ සත්කාර ව්‍යාපෘති ගණනාවක් Eva විසින් දියත් කර ඇති අතර “Eva පිරිපුන් මෙහෙවර” සහ මෑතකදී දියත් කරන ලද “Eva දියණිය” වැඩසටහන් ඒ අතරින් සුවිශේෂී වේ.
කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශය සමඟ එක්ව Eva විසින් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරන “Eva දියණිය” වැඩසටහන ශ්‍රී ලාංකික පාසල් ශිෂ්‍යාවන් හට සිය සනීපාරක්ෂාව හා සම්බන්ධ අවශ්‍යතාවයන් පහසුවෙන් සපුරා ගැනීමට හැකි තත්ත්වයක් නිර්මාණය කිරීම ඉලක්ක කරගත් වැඩසටහනකි. මේ හරහා එම ශිෂ්‍යාවන් හට සිය සනීපාරක්ෂක අවශ්‍යතාවයන් කළමනාකරණය කරගැනීමට අවශ්‍ය සම්පත් මෙන්ම ඒ හා සම්බන්ධ දැනුම හා අවබෝධයද නොඅඩුව ලබා දෙමින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය හා ජීවන තත්ත්වය නඟා සිටුවීම Eva හි අපේක්ෂාවයි.
මේ ආකාරයට ඉදිරියටත් අඛණ්ඩවම ශ්‍රී ලාංකික කාන්තාවට සවියක් වෙමින් ඔවුන් හට සැබැවින්ම ‘විශ්වාසයෙන් පෙරටම’ යන ගමනකට අත්වැලක් වීමට Eva අපේක්ෂා කරයි.
ඡායාරූපය
(වමේ සිට දකුණට) ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ කොළඹ දිස්ත්‍රික් ශාඛාවේ බාහිර ව්‍යාපෘති උපදේශක වෛද්‍ය සිද්ධාර්ථ නානායක්කාර, කොළඹ ශාඛාවේ සභාපති රුක්ෂාන් පීරිස්, ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ සභාපති ජගත් අබේසිංහ, කොළඹ ශාඛාවේ ශාඛා විධායක නිලධාරිනී කුමාරිකොතලාවල, Eva සන්නාම විධායක නිලධාරීනි සචිනි පෙරමුණේ, ICL Brands පෞද්ගලික සමාගමේ අලෙවි කළමනාකාරිණී චේතිකා රාජපක්ෂ’

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

GSP ප්ලස් රැකගන්න – අපතයන්ගේ කටේ  ප්ලාස්ටර් ගසන්න

Next Post

අභූත චෝදනා නොකර එන්නත් සොරකම ගැන පරීක්ෂණයක් නොකළොත් වැඩ වර්ජනයට යනවා – ගිලන් රථ රියදුරු සංගමය

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.